ජනතාව මත පීඩනය පටවන්නේ නැති, වචනයට වඩා ක්‍රියාවෙන් සහන දෙන රජයක් අපි ගොඩනඟනවා නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසයි.
‘ඩිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ ධීවර ප්‍රජාවට සහන සැලසීමේ වැඩසටහන යටතේ රුපියල් 1,265,270.00ක් වටිනා දැල් ආම්පන්න බෙදාදීම ධීවර, ජලජ හා සාගර සම්පත් නියෝජ්‍ය අමාත්‍ය ගරු රත්න ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ධීවර අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙහිදී ප්‍රතිලාභීන් 14 දෙනෙකු වෙනුවෙන් ඉහළ ප්‍රමිතියෙන් යුත් දැල් කට්ටල ප්රදානය කරමින් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේ, රජය කිසිවිටෙකත් ජනතාව මත පීඩනය පටවා අත සෝදා නොගන්නා බවයි.
“ගෝලීය
වශයෙන් ඉන්ධන මිල ඉහළ යද්දී
රජය එම පාඩුව දරාගෙන ධීවරයා
ආරක්ෂා කරගන්නවා.
මැති
ඇමතිවරුන්ගේ ඉන්ධන කෝටාව සහ
වරප්‍රසාද කප්පාදු කරලා,
ඒ ඉතිරි
කරගන්නා මුදල්
අපි ධීවරයාගේ සුභසාධනයට
යොදවනවා.
‘ඩිට්වා’ කුණාටුවෙන් සිදු වූ හානිය පූර්ණය කිරීමට යම් කාලයක් ගතවුණේ ජනතාවට බාල බඩු ලබා නොදී, අපේ අමාත්‍යාංශය යටතේ පවතින නෝත්සී සහ සීනෝර් ආයතන හරහා ඉහළම ප්‍රමිතියේ දැල් සහ යාත්‍රා ලබාදීමට රජය තීරණය කළ නිසයි.
අපනයන
ආදායම ඩොලර් මිලියන 600
දක්වා
ඉහළ නැංවීමේ
ඉලක්කය සපුරා ගැනීමට නම් ඔබගේ
ජීවනෝපාය ශක්තිමත් විය යුතුයි,”
යැයි නියෝජ්‍ය
අමාත්‍යවරයා පවසා සිටියේය.
මීට
අමතරව සාගර දූෂණය අවම කිරීමට
ධීවර ප්‍රජාව සක්‍රීයව දායක
විය යුතු බවත්,
ස්වභාවධර්මයට
අවනත වෙමින් සාගරය රැකගැනීම
සැමගේ වගකීමක් බවත්
අමාත්‍යවරයා
වැඩිදුරටත් සිහිපත් කළේය.
ධීවර
හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ
අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත
මහතා මෙහිදී
අදහස්
දක්වමින් කියා සිටියේ,
මෙම වසර
අවසන් වීමට පෙර කුණාටුවෙන්
හානි වූ
සියලුම
ධීවරයින්ට සහන ලබාදී අවසන්
කරන බවයි.
සීනෝර්
ආයතනයේ සභාපති වසන්ත
මාන්නප්පෙරුම
මහතා ඇතුළු නිලධාරීන් පිරිසක්
සහ කොළඹ දිස්ත්‍රික්කයේ
ධීවර
කාර්මිකයෝ
මෙම අවස්ථාවට සහභාගී වූහ.

එහෙම දෙන්න ධීවරයෝ මාළු නිකන්ද දෙන්නේ. මහත්තයො නියම ධීවරයෝ ඉන්නෙ සියයට දහයක් විස්සක්, අනෙක් ඔක්කොම ධීවර මුදලාලිලා. අහින්සක ජනතාවට ටැක්ස් ගහල මුදලාලිලට බෙදන ඒව නවත්වන්න.
ReplyDeleteඉගෙනගනිමින් නේ ඉන්නෙ
Deleteතව අවුරුදු 50ක් 100ක් ඉගෙනගත්තම ඕව හරියයි
කෝ මේ පතිරණ ගලප්පත්තියා වරෙන් හෝදන්න. ගන්න ගානට හරියට වැඩ කරපන්
ReplyDeleteOk i am comin. now i lern inglis from mista Handun and mista Lal premnath gud man, man of the mach. minsta vijitha also help mee to lern ingrisi.ryting ingrisi i can ern mo mani. thankiv
Deleteපච කියනව කියනවට වැඩිය පච විදිනව කිව්වොත් හොදයි රත්තරන්.
ReplyDelete