ගම්මන්පිල රිමාන්ඩ් වෙන්න සූදානම්..

 


රංග රාජපක්ෂ මහතාගේ මරණය සම්බන්ධයෙන් තමන් සිදුකළ ප්‍රකාශය සාක්ෂි සහිතව ඔප්පු කිරීමට සූදානම් බවත්, ජනාධිපතිවරයා මැයි දින රැළියේදී සිදුකළ ප්‍රකාශ හරහා අධිකරණයට බලපෑම් සිදුව ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ගම්මන්පිල මහතා සඳහන් කළේ, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තමන් කළ ප්‍රකාශය වැරදි බව පැවසුවද, තමන් කිසිවිටකත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙන් හිතළු මත පදනම්ව කතා නොකරන බවයි.

2026 මැයි මාසයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද ලිපියක් උපුටා දක්වමින් ඔහු කියා සිටියේ, රංග රාජපක්ෂ මහතාගේ මරණය සැකකටයුතු බව ඔහුගේ බිරිඳ විසින් දැනුම් දී ඇති බව එම ලිපියේ පැහැදිලිවම සඳහන් වන බවයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා ලබන 9 වනදා උදෑසන 10ට කුලියාපිටිය පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස තමන්ට දැනුම් දී ඇති බවත්, තමන් සතු සාක්ෂි ද රැගෙන එදිනට පොලිසියට යන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

තමන්ව හිරේ දැමීමට ආණ්ඩුව උත්සාහ කරන්නේ හොරකම් හෝ මැරකම් නිසා නොව, ආණ්ඩුවට උත්තර නැති ප්‍රශ්න අසන නිසා බවද ඔහු අවධාරණය කළේය.

ඊයේ දිනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළා, මම අර මැරුණාද මැරුවාද කියන සැකයට භාජනය වී ඇති රංග රාජපක්ෂ මහතාගේ මරණය පිළිබඳ ඔහුගේ බිරිඳට සැකයක් පවතින බවට මා කළ ප්‍රකාශය වැරදියි කියලා එතුමා සඳහන් කළා. එතනින් නතර වෙන්නේ නැතුව එතුමා කියනවා කුලියාපිටිය පොලිසියට මාව ගෙනල්ලා ප්‍රකාශයක් ලබා ගන්නටත්, කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයා හමුවට මාව ඉදිරිපත් කරන්නටත් පොලිසිය කටයුතු කරනවා කියලා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා හිතන්න ඇති මමත් අනුර දිසානායක ජනාධිපතිතුමා වගේ කියලා. අනේ පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමනි, ජනාධිපතිතුමාගේ මට්ටමෙන් මාව මැනලා මට අපහාස කරන්න එපා කියලා මම ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා. මොකක්ද අපි දෙන්නා අතර තියෙන වෙනස? අනුර දිසානායක ජනාධිපතිතුමා කතා කරන්නේ හිතලු මත පදනම් වෙලා. අපි කතා කරන්නේ සාක්ෂි මත පදනම් වෙලා.

ජනාධිපතිතුමා 2012 දෙසැම්බර් 12 වැනිදා නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ නමට ගෙනාපු ලැම්බෝගිනි 19ක් නැවෙන් බානවා දැක්කා වගේ, රාජපක්ෂවරු උගන්ඩාවේ සල්ලි හොරකම් කරලා සඟවා තබනවා දැක්කා වගේ, මහජන මුදලින් චිචී රොකට් යවනවා දැක්කා වගේ, චීන සමාගම් මහින්ද මහත්තයට දුන්න පගාවේ චෙක්පත් අංකය දැනන් හිටියා වගේ හිතලු මත පදනම් වෙලා අපි ප්‍රකාශ කරලා නැහැ. අපි ප්‍රකාශයක් කරනවා නම් ඒක කරන්නේ සාක්ෂි මත පදනම් වෙලා.

එහෙනම් මොකක්ද මගේ අර ප්‍රකාශයට මූලාශ්‍රය? මෙන්න මූලාශ්‍රය. 2026 මැයි පළවෙනිදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා රංග රාජපක්ෂ මහතාගේ මරණය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කිරීම සඳහා කුලියාපිටිය මහේස්ත්‍රාත්වරයාගේ දැනුම් දීම මත සිව් පුද්ගල පශ්චාත් මරණ පරීක්ෂණ කමිටුවක් පත් කරනවා. ඒ කමිටුව පත් කරන ලිපියේ දෙවන ඡේදයේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා. ඒක ඉංග්‍රීසි භාෂාවෙන් යැවූ ලිපියක්. මම අවශ්‍ය ප්‍රමාණයට මම කියන්නම්.

"It has been reported that Nishshanka Arachchilage Seelawathi, a resident of Pahalawirabhuwa, Kuliyapitiya, within the Kuliyapitiya Police Division, has informed that her husband Abeysinghe Arachchilage Ranga Nishantha Rajapaksa died under suspicious circumstances on 30th April 2026."

අපි මේක තේරෙන සිංහලට පෙරළගත්තොත් මොකක්ද මේ කියන්නේ? කුලියාපිටිය පොලිස් කොට්ඨාසය පිහිටි කුලියාපිටිය වීරබුව පදිංචි නිශ්ශංක ආරච්චිලාගේ සීලවතී තම සැමියා වන අබේසිංහ ආරච්චිලාගේ රංග නිශාන්ත රාජපක්ෂ 2026 අප්‍රේල් 30 දින සැක කටයුතු ආකාරයෙන් මිය ගොස් ඇති බව දැනුම් දී ඇත.

එතකොට එහෙමනම් රංග රාජපක්ෂ මහතාගේ මරණය සැක සහිත බවට බිරිඳ විසින් දැනුම් දී ඇත කියලා කියන්නේ උදය ගම්මන්පිල වන මම නෙවෙයි, රටේ ඉහළම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා. එතුමා කියන්නෙත් නිකන් තැනක නෙවෙයි, පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන්න පත් කරන කමිටුවට ලබා දෙන පත්වීම් ලිපියේ.

එතකොට අපි කතා කළේ අන්න ඒ ලිපිය සාක්ෂියක් ලෙස පදනම් කරගෙන මිසක් අනුර දිසානායක ජනාධිපතිතුමා වගේ හිතලු මත නෙවෙයි. ඇත්තටම මේ ලිපියේ නැති එකම එක වචනයක් මගේ මාධ්‍ය හමුවේදී කියවිලා තියෙනවා. ඒ තමයි ඒ දැනුම්දීම කළේ පොලිසියට කියලා. මොකද පොලිස් කොට්ඨාසයක් ඇතුළේ තමයි ඇයගේ ලිපිනය සඳහන් කරලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ඉතින් මරණයක් සැකයි නම් මම දන්නා තරමින් නම් ඒක පන්සලටවත්, පාසලටවත්, රෝහලටවත් නෙවෙයි දැනුම් දෙන්නේ, මරණය අපිට සැකයි කියන්නේ පොලිසියට තමයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක මම අසත්‍ය ප්‍රකාශයක් කළා කියන විට, ඒ මාධ්‍ය හමුවේ එතුමාගේ දකුණු පැත්තේ වාඩි වෙලා හිටියේ ඔය ලිපිය ලියපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා. මගේ මාධ්‍ය හමුවේ පදනම වුණේ පශ්චාත් මරණ පරීක්ෂණය නම්, මාධ්‍ය ප්‍රකාශකතුමා කතා කරන්න කලින් දකුණු පැත්තේ හිටපු එක්කෙනාගෙන් ඇහුවා නම් මේ කතාවේ ඇත්ත නැත්ත එතුමාට දැනගන්න හැකියාව තිබුණා.

ඒ වගේම එතුමා කිව්වා ආකාරයෙන්ම කුලියාපිටිය පොලිසියෙන් මැයි මාසේ 09 වෙනිදා උදෑසන 10 ට ප්‍රකාශයක් ලබා දීම සඳහා පෙනී සිටින්න කියලා මට දැනුම් දීමක් කරලා තියෙනවා. අපි සතු සාක්ෂිත් අරගෙන කුලියාපිටිය පොලිසිය බලා ලබන සෙනසුරාදා යන්න අපි බලාපොරොත්තු වෙනවා.

ඒ අතරේ මා මිත්‍ර නලින්ද ජයතිස්ස ගරු ඇමතිතුමා සුපුරුදු පරිදි ප්‍රකාශ කරලා තියෙනවා මට විරුද්ධව නඩු දානවා කියලා. මේ ආණ්ඩුව මාව හිරේ දානවා කියන්නේ ඔය නවවැනි වතාවට. ඔබතුමන්ලාට මතක ඇති. කලින් අට වතාවෙම අපේ රටේ ගරු අධිකරණයේ ස්වාධීනත්වය නිසා අපිට බේරෙන්න පුළුවන් වුණා. හැබැයි අපිට නඩු දානවා කියන්නේ හොරකම් කළ නිසා නෙවෙයි, මැරකම් කළ නිසා නෙවෙයි, සල්ලාලකම් කළ නිසා නෙවෙයි, ආණ්ඩුවට උත්තර නැති ප්‍රශ්න අහන නිසා. එහෙන නිසා එවැනි සටනක් මේ ආණ්ඩුවට එරෙහිව කරලා හිරේ වැටෙන්න වෙනවා නම් අපි ආඩම්බරයෙන් ජනතාවගේ සටන්කාමීත්වය උද්දීපනය වන ආකාරයෙන් අපි ලෑස්තියි ඒකට මුහුණ දෙන්න.

ඒ වගේම දැන් ඔය අට වතාවම හිරේ දාන්න හදලා බැරි වුණානේ. ඒ නිසා මාලිමාවේ නායකයන්ට පුදුම ආසාවක් තියෙනවා මාව හිරේ දාන්න. සමහර විට මාව හිරේ දාන තුරු රෑට නින්ද යන්නේ නැතුව ඇති. ඒක තමයි හැමදාමත් පදනම් විරහිත බොරු නඩු අරගෙන එන්නේ. ඉතින් මාලිමාවේ නායකයෝ නිදි මරනවා කියන එක රටට අවදානමක්. එතකොට සිහිකල්පනාව අඩු වෙනවනේ නිදි මැරුවම. එතකොටනේ පිස්සු නටන්නේ. ඒ නිසා එතුමන්ලාගේ ශරීර සෞඛ්‍යය ජාතික අනාගතයට තීරණාත්මක බැවින් ඔවුන්ට රෑට හොඳට නින්ද යනවා නම් රක්ෂිත බන්ධනාගාරයේ කෙටි කාලයක් ඉඳලා එන්න අපි සූදානම්. ඒගොල්ලොත් ඉතින් පවුනේ. දැන් ගොඩක් කල් ඉඳන් මේක කියනවනේ."

8 Comments

  1. හිරේට යන්න කැමති නැ වෆේ?පාස්කු මහ මොළකරු මූ තමයි

    ReplyDelete
    Replies
    1. භය තර්ඡනය කිරිම කොමිනියුස්ට් මාක්ස්වාදි දරුණු ප්‍රතිපත්ති.එහෙම නම් ඡෙප්පන්ට නේද ඉස්සෙල්ලාම නඩු දාන්න ඕනෑ.පොලව පැලෙන බොරු කීව අපතයෝ.සීගිරි ගල කඩන්න වේවි කීවා පෝට් සිටිය හදන්න.දාමු CID එකට දැන් මේකට උදය .

      Delete
  2. AKD wa hire kala hitapan hutto okkotama kalin. Kari wesa ballo JVP

    ReplyDelete
  3. මේ සේරම apullanno. ඔකද මේ රටේ ලොකුම ප්‍රශ්නෙ. මුන්ට හැරීමෙන් padayak ගියත් Cid තමයි.

    ReplyDelete
  4. 2013 වසරේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගමට නව යානා දහයක් මිලදී ගැනීමේ ක්‍රියාවලිය තුළ, යුරෝපීය ගුවන් යානා නිෂ්පාදන සමාගමකින් ලබාගත්තා යැයි කියන ඇමෙරිකන් ඩොලර් මිලියන දෙකක (යුරෝ 1,454,645.54) අතිවිශාල අල්ලස් මුදල, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 2015 ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට සෘජුවම යොමු කර ඇති බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඊයේ (5) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අනාවරණය කළේය.

    ReplyDelete
    Replies
    1. enam puke agilla gahagena balagena idapan kari JVP wesa balla

      Delete
  5. මැයි මාසෙ ඔබ දුක්විදින අවසාන පෝය. පුක උඩ දාගෙන දුන්න නම් දැ ඉවසගෙන හිට හන්

    ReplyDelete
  6. ජෙප්පෝ මෙහෙයවන්නේ කොටි ඩයස්පෝරාව... බෝන් අගේන් ක්‍රිස්තියානි කොටි ඩයස්පෝරාව ඩොලර් දෙන පොරොන්දුව මත ලපයා සහ මුලු ආන්ඩුවටම හාමුදුරුවරු රනවිරු සහ මහින්ද දඩයම පටන් අරන්....ඔක්කොම් වියාපාරත් කොටි ඩයස්පෝරාවට...ක්‍රිකට් ....ඉඩම් ....තෙල්... ඔක්කොම කරන්නේ කොටි ඩය්ස්පෝරාව....සින්හල බෞද්ද උන් නින්දේ...කොටින්ට ඕනා ඕනා බුද්දාගම ලන්කාවෙන් තුරන් කරන්න ජෙප්පොන්ට ලවා ........ද්‍රෝහී ජෙප්පොන්ගේ ද්‍රෝහී වෑඩ එලි දක්වන ගම්මන්පිල මහතාට ජය

    ReplyDelete
Previous Post Next Post