කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන භයානක තොරතුරක් එලියට...


ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය හුදු සියදිවි නසා ගැනීමක් නොවන බවත්, ඒ පිටුපස ඉතා භයානක තොරතුරක් අනාවරණය වී ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ලේකම්වරයා කියා සිටියේ චන්ද්‍රසේන මහතා එල්ලී මියයාමට යම් බලපෑමක් එල්ල වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවයි.

මෙම මරණය සිදුවීමට පෙර කපිල චන්ද්‍රසේන මහතාට ඇප ලබාදීමේ ක්‍රියාවලිය තුළ සංවිධානාත්මක කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වී ඇති බවට ඔහු චෝදනා කළේය.

සාගර කාරියවසම් මහතා පෙන්වා දෙන්නේ, මුල් අවස්ථාවේදී කපිල චන්ද්‍රසේන මහතා වෙනුවෙන් ඇපකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් කර ඇති බවත්, ඔවුන් අධිකරණයෙන් වරෙන්තු ලැබූ, ඇපකරුවන් වීමට නුසුදුසු පුද්ගලයන් දෙදෙනෙකු බවත්ය.

අධිකරණ රෙජිස්ට්‍රාර්වරයා විසින් එම නුසුදුසු ඇපකරුවන් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, චන්ද්‍රසේන මහතා නිවැරදි ඇපකරුවන් ඉදිරිපත් කර නීත්‍යානුකූලව ඇප ලබාගෙන තිබේ.

කෙසේ වෙතත්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව අධිකරණය හමුවේ කරුණු දක්වමින්, චන්ද්‍රසේන මහතාට ලබා දුන් ඇප නීති විරෝධී බවට කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම සාවද්‍ය සහ නීති විරෝධී ක්‍රියාවක් බව සාගර කාරියවසම් මහතා අවධාරණය කළේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා නීතිය අවභාවිත කරමින් මෙවැනි නීති විරෝධී ඉල්ලීමක් සිදුකර ඇත්නම්, ඒ පිළිබඳව වහාම විමර්ශනයක් පවත්වා ඔහු තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ලේකම්වරයා කොමසාරිස්වරුන්ගෙන් ඉල්ලා සිටියේය.

එවැනි නිලධාරීන්ට එරෙහිව පියවර ගැනීමට පාර්ලිමේන්තුව දැනුවත් නොකිරීම පිළිබඳවද ඔහු සිය කණස්සල්ල පළ කළේය.

මෙම සිදුවීමට පසුබිම් වී ඇත්තේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන අමෙරිකානු ඩොලර් මිලියන දෙකක අල්ලස් ගනුදෙනුවකි.

මෙම දූෂිත ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත මුදා හැර සිටි චන්ද්‍රසේන මහතා, ඇපකරුවන්ගේ ගැටලුවක් මත නැවත අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබියදී මියගොස් සිටියදී හමුවිය

4 Comments

  1. Mista Tikalo, yu did gud job. yu aa the man. man of the mach.

    ReplyDelete
    Replies
    1. පතිරණ ගලප්පත්ති (Real)May 26, 2026 at 3:06 AM

      ඩොලර් එක රුපියල් 25කින් පහළ ගිය නිසා රාජපස්ස ගෙ කුක්කන්ට බඩ එළිය යනව, දුකට කියන විකාර, කමෙන්ට් කරල තියෙන්නෙ පතිරණ ගලප්පත්ති නෙවේ.

      Delete
    2. බඩ එළිය යන්නෙ ත්‍රස්තයින්ට කඩේ ගිය සට්ටැඹියන්ට

      Delete
  2. මරල එල්ලුවද? එල්ලල මැරුවද?

    ReplyDelete
Previous Post Next Post