මහ වැසි එයි.. ගංගා පිටාර ගලයි...


දිවයිනට ඊසින දෙසින් පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, ත්‍රීකුණාමලය සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි.100 වැඩි තද වැසි ඇති වීමේ හැකියාවක් පවතින බව දැනුවත් කර ඇත. 

එබැවින් ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනිමට අවශ්‍ය පියවර ගැනිමට ජනතාවගෙන් ඉල්ලා සිටින ලෙසත් නිවේදනය කර ඇත. 

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරිය, 117 ඇමතුම් මැදිරිය සහ දිස්ත්‍රික් ආපදා කළමනා කරණ සම්බන්ධීකරණ ඒකකයන් ජනතාවට සහාය වීම සඳහා 24x7 ක්‍රියාත්මකව ඇත.

නොකඩවා ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් මොණරාගල ප්‍රදේශයේ ගංගා පිටාර ගලා ඇත. මේ හේතුවෙන් ප්‍රදේශයේ දෛනික ජන ජීවිතයට සහ වගා කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.

3 Comments

  1. මහින්ද මහත්තයා ට නොතීසි යැව්වත් හරි කාලගුණය කැලඹිලා. හුන්ඩුවාගෙ ආන්ඩුව ආවත් හරි ස්වබාවික විපත් වලින් අදි පෝශිතයි. හෙන මූසල ආන්ඩුවක්

    ReplyDelete
    Replies
    1. No end to disasters. Not so much in the history of Srilanka.

      Delete
  2. 117 කතා කරනවට වඩා හොඳයි කෙසෙල් කොටයක නැගල පීනන එක දිට්ටා වෙලාවෙදි කතාකලෙ රෑ 10 ටමුන් එන්නම් කීවෙ ඊළඟ දවසෙ උදේ 9ට

    ReplyDelete
Previous Post Next Post