ගෝටාභයට අධිකරණයෙන් නොතීසි...


පසුගිය අරගල සමයේදී දේශපාලනඥයින්ගේ නිවෙස්වලට සිදුවූ හානි වෙනුවෙන් වන්දි ගෙවීමේදී අක්‍රමිකතා සිදුව ඇති බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වන පෙත්සමකට අදාළව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට යළි නොතීසි නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළේය.

මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ අචල වෙන්ගප්පුලි සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.

පරිසර නීතිය පිළිබඳ විශේෂඥවරයකු වන නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ මහතා විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනුකර ඇති අතර, එහි ප්‍රධාන වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපතිවරයා නම් කර තිබේ.

හිටපු මැති ඇමතිවරුන්ගේ නිවාස හානි සඳහා වන්දි ලබාදුන් ආකාරය නීතියට පටහැනි සහ විනිවිදභාවයකින් තොර බැවින් ඒ පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස.කිසියම් ආකාරයකින් අක්‍රමවත් ලෙස වන්දි මුදල් ලබාදී ඇත්නම්, එම මුදල් රජයට යළි අයකර ගැනීමට පියවර ගන්නා ලෙස.මෙම මූල්‍ය අක්‍රමිකතාවලට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස.

අදාළ පෙත්සම සලකා බැලූ විනිසුරු මඩුල්ල, පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නේ වගඋත්තරකාර හිටපු ජනාධිපතිවරයා වෙත නැවත නොතීසි යොමු කිරීමට පියවර ගන්නා ලෙසයි.

3 Comments

  1. දාබරේල, අල්මේදල ඔක්කොම පල්ලි කාක්කො තමයි.

    ReplyDelete
  2. Akramikathavayak velanam'velada danne nehe mun ekekvath.
    Meva kalekana rajaye thuttu deka nithigchyo sakkuwe daganna game.
    Yam deyak vela kiyala nischitha nathnam mokatada usaviyata gennanne.

    ReplyDelete
  3. Akramikathavayak velanam'velada danne nehe mun ekekvath.
    Meva kalekana rajaye thuttu deka nithigchyo sakkuwe daganna game.
    Yam deyak vela kiyala nischitha nathnam mokatada usaviyata gennanne.

    ReplyDelete
Previous Post Next Post