අර්චුනාට ඉන්දියාවට ඇතුළුවීම තහනම්..?


 යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතාට ඉන්දියාවට පැමිණීම තහනම් කිරීමට එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති බව උසස් රාජ්‍යතාන්ත්‍රික අංශවලින් අනාවරණය වේ.

මෙම පියවර ගැනීමට බලපා ඇති ප්‍රධානතම සාධකය වී ඇත්තේ ද්විපාර්ශ්වික සබඳතාවලට මෙන්ම ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ස්වාධිපත්‍යයට හානි පමුණුවන අන්දමේ ප්‍රකාශ ඔහු විසින් සිදු කර තිබීමයි.

කච්චතිව් දූපත නැවතත් ඉන්දියාව සතු කරගත යුතු බව පවසමින්, තමිල්නාඩු ප්‍රාන්ත රජය මාර්ගයෙන් නවදිල්ලි මධ්‍යම රජයට බලපෑම් කිරීමට මොහු උත්සාහ කර ඇත.

මෙම ක්‍රියාව හරහා අසල්වැසි රටවල් දෙක අතර අනවශ්‍ය රාජ්‍යතාන්ත්‍රික ගැටලු ඇති කිරීමට තැත් කිරීම හේතුවෙන් ඉන්දීය බලධාරීන්ගේ දැඩි අප්‍රසාදය ඔහු වෙත එල්ල වී තිබේ.

මෙහි ආරම්භක පියවරක් ලෙස, මන්ත්‍රීවරයාව ඉන්දීය රජය විසින් පිළි නොගන්නා පුද්ගලයෙකු ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට එරට විදේශ අමාත්‍යාංශයේ 'සවුත් බ්ලොක්' කාර්යාලය මේ වන විට කටයුතු සූදානම් කරමින් සිටී.

මෙම රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ගය බලාත්මක වුවහොත්, අර්චුනා මන්ත්‍රීවරයාට ඉන්දියාවට ඇතුළු වීම සඳහා නිකුත් කරන වීසා බලපත්‍ර අහෝසි කිරීමට හෝ අත්හිටුවීමට කටයුතු කෙරෙනු ඇති බව අදාළ ආරංචි මාර්ග වැඩිදුරටත් තහවුරු කරයි.

6 Comments

  1. කොටින්ට පන දෙන්න දඟලන ඔක්කොම නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. කොන්දක් තිබේ නම්.

    ReplyDelete
  2. ඇත්තටම ඉන්දියාව ලංකාවට කරන සේවය ඉතා විශාලයි. ඉන්දියාව නිසයි කොටින්ට නැගිටින්න බැරි. කොටින්ගේ බුරියානි ගිලින කාලකන්නි ඉන්න ලංකාවේ සෙල්ලම් දැම්මට, ඉන්දියාවේ මුන්ට සෙල්ලම් දාන්න බෑ. ගිය අවුරුද්දේ තමිල් නඩුවේ පොලිසියෙන් කොටි කොඩි වනපු උන් ටිකක් බස් එහෙක පටවගෙන කුදලගෙන ගියේ. අදටත් කොටින්ට නැගිටින්න බැරි ඉන්දියාවෙන් ගේම අදින නිසයි, නැත්නම් උන් දැනටම ලංකාවේ උතුර අල්ලගෙන. මෝධි ඉන්න කම් කොටින්ට කවදාවත් නැගිටින්න බෑ. මම ඉන්දියාවේ ඉන්න නිසා දන්නේ. ලංකාවට වඩා ඉන්දියාවේ උන් රට, ආගම ගැන හිතනවා.

    ReplyDelete
  3. Muta Avasthavak avoth anivaryen parliament ekama unath maran marenna bari nehe.
    Muth Anura kumara vagema Double Agent.
    Mun pennant de neme hithe thiyenne .thank you India 🇮🇳 ❤️

    ReplyDelete
  4. ලංකාවේ නිවට නියාළු, මැටිමෝල් දේශපාලකයො වගේ නොවෙයි ඉන්දියාවේ දේශපාලකයෝ දුර දක්නා නුවණින් තමයි කටයුතු කරන්නෙ. ආර්ථික වාසි සඳහා ඉන්දියාව ජිල්මාට් දැම්මට, තමන්ගෙ රටේ මෙන්ම අසල්වාසී රටවලත් ත්‍රස්තවාදය හිස ඔසවන්න හදනවා නම් ඔවුන් ඊට ඉඩ දෙන්නෙ නැහැ.

    ReplyDelete
  5. ජීවත් උනානම් ප්‍රභාකරන්ට උනත් පුළුවන් ලංකාවේ මෝඩ ජනතාව චූන් කරලා ජනාධිපති උනත් වෙන්න.
    අර්චුනා හොඳට දන්නවා සිංහල මිනිස්සු ගොනාට අන්දන විදිහ.

    ReplyDelete
  6. meka wije lokkata dunna warning ekak....rataka diplomatic wada walata kohewath inna koti pasikkaduwo atha danna ba.

    ReplyDelete
Previous Post Next Post