කොළඹ කොටස් කරටි කඩාගෙන උඩ යයි..


අද
(මැයි 25) දින කොළඹ කොටස් වෙළඳපොළ ගනුදෙනු නිමාවට පත්වූයේ ප්‍රධාන දර්ශක සියල්ලෙහිම කැපී පෙනෙන වර්ධනයක් සනිටුහන් කරමිනි.

ආයෝජකයින්ගේ ඉහළ උනන්දුව හේතුවෙන් සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) දිනය අවසානයේදී ඒකක 435.13 කින්, එනම් සියයට 1.98 ක පැහැදිලි ප්‍රගතියක් පෙන්වමින් ඒකක 22,364.77 ක් ලෙස සටහන් විය.

පෙරමුණ ගත් සමාගම් 20 නියෝජනය කරන S&P SL20 දර්ශකය ද අද දිනයේ වේගවත් වර්ධනයක් පෙන්නුම් කළ අතර, එය ඒකක 129.70 කින් (සියයට 2.14 කින්) ඉහළ ගොස් ඒකක 6,190.72 ක් දක්වා වර්ධනය වී තිබේ.

අද දිනයේ වෙළඳපොළ තුළ ඉතා සක්‍රීය ස්වභාවයක් දැකගත හැකි වූ අතර සමස්ත ගනුදෙනු වාර ගණන 26,324 ක් ලෙස සටහන් විය.

එහිදී කොටස් මිලියන 106 කට අධික ප්‍රමාණයක් හුවමාරු වී ඇති අතර, දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.42 ක් (රුපියල් 2,426,061,381.55) ඉක්මවා යාම විශේෂත්වයකි.

උදෑසන ගනුදෙනු ආරම්භයේ සිටම ස්ථාවර මට්ටමක පැවති මෙම සාධනීය ප්‍රවණතාවය, වෙළඳපොළ වසා දමන තෙක්ම එකලෙස පවත්වා ගැනීමට හැකිවීම තුළින් ආයෝජකයින් අතර පවතින සුබවාදී බලාපොරොත්තු පිළිඹිබු වේ.

4 Comments

  1. ලංකාවේ කොටස් වෙලද පොල තනිකරම සූදු පොලක්. මහ වියාපාරිකයින් කීප දෙනෙක් එකතු වෙලා, කතා වෙලා, පොඩි ආයෝජකයන්ගේ සල්ලි හොරකම් කරනවා. පරිස්සමින්.

    ReplyDelete
  2. Nav onvad i ryte onli inglis. if some1 ryte sinhala it is not me. thankiv fo yuvar undastand.

    ReplyDelete
    Replies
    1. Ok meaning you only ispeek Hadun English,?

      Delete
Previous Post Next Post