ලෝක යුද්දය මැද අපි රුපියල ආසියාවේ ශක්තිමත්ම මුදල් ඒකකය බවට පත් කලා...- මාලිමා මන්ත‍්‍රී


පසුගිය වසර තුනක කාලය ඇතුළත ආසියාවේ ශක්තිමත්ම මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්ව ඇති බවත්, රජය ඉතා හොඳින් ආර්ථිකය කළමනාකරණය කරමින් සිටින බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා පවසයි. 

ඒ මහතා පෙන්වා දෙන්නේ මීට පෙර රුපියලට සාපේක්ෂව 350 සීමාවේ පැවති ඇමරිකානු ඩොලරය මේ වන විට 330 මට්ටම දක්වා පහත බැස රුපියල ශක්තිමත් වී ඇති බවයි.

බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවා රුපියල මෙලෙස ශක්තිමත් වීම පිළිබඳව ලෝකයටම අනාවරණය කර ඇති බවත්, ලෝක ආර්ථික අර්බුද හමුවේ වුවද රජය නිවැරදි ආර්ථික මාවතක ගමන් කරමින් සිටින බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළේය. 

ඩොලරයේ උච්චාවචනයන් හමුවේ වුවද, ඩොලර් සංචිත සහ රුපියල් සංචිත වැඩි කරගනිමින් මතුවන ගැටලු කළමනාකරණය කිරීමට රජය මැදිහත් වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

රටේ ආර්ථිකය කඩා වැටෙන තෙක් විපක්ෂය බලා සිටින බව පෙන්වා දුන් පනාගොඩ මහතා, එය "එළුවන්ගේ මොකක්ද වැටෙනකම් බලා සිටීම" වැනි නිෂ්ඵල ක්‍රියාවක් බවට උපහාසාත්මකව ප්‍රකාශ කළේය. 

රට බංකොලොත් වී, මිනිසුන් පෝලිම්වල මිය යන යුගයක් ප්‍රාර්ථනා කරන ලෝකයේ එකම විපක්ෂය ලංකාවේ සිටින බවත්, ඔවුන්ගේ මෙම නීච ප්‍රකාශ ජනතාව තේරුම් ගනිමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

8 Comments

  1. බොරු කියන්න සැහෙන දක්ස කමක් තියෙන්නේ ඕනේ

    මේවා අහගෙන ඉන්නත මර ඉවසීමක් ප්‍රගුණ කරන්න ඕනේ

    ReplyDelete
    Replies

    1. මෙයට උගන්ඩ වේ ශි ශි

      Delete
  2. Nav onvad i ryte onli inglis. if some1 ryte sinhala it is not me. thankiv fo yuvar undastand.

    ReplyDelete
  3. කොහෙද පකෝ ලෝක උද්දයක් තිබ්බේ
    රුපියල ශක්තිමත් වෙලා තියෙන්නේ තොගේ පකේද

    ReplyDelete
    Replies
    1. ශක්තිමත් මොකක්ද ඒ වචනෙ
      අපේ ජවිපෙ සහෝදරවරුන්ට 'ශ ෂ ' කියන්න බෑ
      ඕක සක්තිමත් කියල කිව්වනං තමා ජෙප්පොන්ට තේරෙන්නේ

      Delete
  4. Vipakshaya dollar evanda epa kiyala arthikaya kadakappal karanda hadanawa. Eki dollar hingayak athi venne.

    ReplyDelete
  5. තමන් ගේ පාක්ෂිකයෝ ඔරිජිනල් වහල් ගොන් මෝඩයෝ බව හොඳටම දන්න නිසා මුන් ඕනම බොරුවක් කියනවා...වහල් ගොන් මෝඩ යෝ රැවටෙනවා... පවු....

    ReplyDelete
  6. මූ මල් ගහලා තියෙන්නේ ඇටත් එක්කම වගේ. ජවිපාමාලුමාමලා යනු රස සාගරයක්

    ReplyDelete
Previous Post Next Post