රටේ පවත්නා විදේශ විනිමය අර්බුදයට විසඳුම් සෙවීම සහ පවතින විදේශීය මුදල් සංචිත ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් පැවැති අමාත්‍ය මණ්ඩල සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමුවිය.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේ, වත්මන් තත්ත්වය හමුවේ විදේශ මුදල් පරිහරණය ඉතාමත් වගකීම් සහගත සහ ක්‍රමවත් කළමනාකරණයකින් යුතුව සිදුකළ යුතු බවයි.
ආනයන මත බෙහෙවින් යැපෙන ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයකට විදේශ විනිමය සුරක්ෂිත කරගැනීම අතිශය අසීරු මෙන්ම අභියෝගාත්මක කාර්යයක් බවද හෙතෙම පෙන්වා දුන්නේය.
මේ හේතුවෙන් අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය මෙරටට ගෙන්වීම සීමා කිරීමට සිදුවන බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා , එලෙස සීමා කළ හැකි දෑ මොනවාද යන්න පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කළේය.
එක් පුද්ගලයකුට අත්‍යවශ්‍ය නොවන යමක් තවත් කෙනෙකුට අත්‍යවශ්‍ය විය හැකි බැවින් මේ පිළිබඳව ඉතා සූක්ෂ්මව සිතා බැලිය යුතු බව ඔහු පැවසීය.
රටේ සමස්ත ඩොලර් සංචිතයෙන් සිංහ කොටසක් වැයවන්නේ ඉන්ධන සහ මෝටර් රථ වාහන මෙරටට ගෙන්වීම සඳහාය. ඉන්ධන ආනයනය නතර කිරීමට කිසිසේත්ම හැකියාවක් නොමැති බැවින්, පියවරක් ලෙස වාහන ආනයනය තාවකාලිකව අත්හිටුවීමට සිදුවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
කෙසේ වුවද, එය සහමුලින්ම තහනම් කළහොත් දැඩි උත්සාහයකින් යළි හිස ඔසවමින් පවතින වාහන වෙළෙඳපොළ ක්ෂේත්රය සම්පූර්ණයෙන්ම කඩා වැටීමේ අවදානමක් පවතින බැවින් , මීට විකල්ප සහ සාධාරණ තීරණයකට එළඹිය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව, වාහන ආනයන අධෛර්යමත් කිරීමේ අරමුණින් විශේෂ අධිභාරයක් පැනවීමටත්, එම පියවර ඉදිරි මාස තුනක කාලසීමාව සඳහා ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.

ඔහොම යමු. ඉස්සෙල්ලා රනිල්ගෙ නිලධාරීන්ට ඉහළ පුටු දෙන්න. ඊට පස්සෙ රනිල් පාර්ලිමේන්තුවට ගෙනහල්ල පස්සෙ ජනාධිපති කරවන්න. ඊට පස්සෙ ඇමෙරිකාවට පනින්න.
ReplyDeleteමේ වෙනකොට වාහන ගන්න පූළුවන් අය අරන් ඉවරයි. දැන් වෙන්නේ සේල් කාරයො සහ කොම්පැනි වාහන ස්ටොක් කරන එකයි. හොදම දේ ලක්ෂ සීයට වැඩි වාහන ගෙන ඒම නතර කිරීම.
ReplyDeleteදැන් ලක්ශ සීයට අඩුවෙන් තියෙන්නේ ත්‍රිවීල් විතරයි. ඕනෙනම් ලක්ශ 50ට වාහන ගේන්න පුලුවන්. පුනරුද බදු ටික එකතු උනාම අඩුම කාර් එකකුත් කෝටිය පනිනවා.
Deleteකවුරු විරුද්ද උනත් කැබ් ටික ගේන්න.
ReplyDeleteමිනිස්සු රට යැව්වා. ඒ සල්ලි වලින් බඩු භාන්ඩ ආනයනය කරා. කයිවාරු ගහ ගහ රට වටේ ඇවිද්දා.
ReplyDeleteනිශ්පාදන ආර්ථිකයක් හදන්න සත පහක වැඩක් කරේ නෑ.
ඔබ තුමාට අවංකව විදුලිබිල අඩුකරන්න අවශ්‍යනම් සෝල වලට මිනිස්සු උනන්දු කරවන්න, ඩීසල් බලාගාර මාෆියාව නවත්තන්න
ReplyDeleteඩොලර් ගොඩක් රටට ඉතුරු වේවි . ඒ සදහා ඉතා දක්ෂ ඉන්ජිනේරුවෝ ඕනෑතරම් ඉන්නවා , (CEB එකේ නෙවෙයි )
බලය වෙනුවෙන් පච කිව්වා. ඒ පච වහන්න දිනපතා පච කියනවා. අපි දන්න දහම අනූවනම් බලය වෙනුවෙන් තමන්ගේ සුගතිය අහිමි කරගන්න එක මේ කරන්නේ.
ReplyDeleteදිට්ඨධම්මවේදනීය කර්මය පටිසන් දෙන්න පටන් අරන්. වපුරපුවාගේ අස්වැන්න නෙලාගන්න. ඒ අස්වැන්න සතුටින් විඳින්න.
ReplyDeleteතමන්ට හිතවත් වාහන ගෙන්නන ජාවාරම්කාරයන්ගේ බිස්නස් එක නතර කරොත් කොහොමද අත යටින් ගාන ගන්නේ
ReplyDeleteඅපි. තවත් වාහනම ගෙමු 🤣නැතුවම බැහැ 🤣පරිපිපු අල ලුනු වැඩක් නැහැ වාහනම ගෙන්න 🤣හරි හමන් සැලසුමක් නැති ගොබ්බ හැත්ත. හොරුන් ට කඩේ යන ගොබ්බයො ලොන්තයො දුප්පතා රවටලා ජන්ද අරන් දැන් දුප්පත් අපි තමයි ඉවසන්න ඔනා පචයො දැකැත්තේන් ඇට දෙක කපලා මිටියෙන් තලාගනිල්ලා ගොබ්බ හැත්ත
ReplyDeleteපට්ට කොමෙන්ට් එක.
Delete