ධර්මයේ වේශයෙන්ම ධර්මය විකෘති කරන අවස්ථාවලදී පෙර රජ දවස සිටි රජවරුන්ගේ ක්‍රියා මාර්ග ගන්නා ලෙසට කෙරුණු ආරාධනාවකට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගියදා ප්‍රසිද්ධියේ එකඟත්වය පළ කළේය.
ඇතැම් රජවරු ඒ ඒ පාලන කාලවලදී සංඝයා වහන්සේ ඝාතනය කළහ. ජනතා විමුක්ති පෙරමුණ ද වර්ෂ 1987 – 89 කාලවලදී එලෙසම සංඝයා වහන්සේලා ඝාතනය කරනු ලැබීය.
කොටිකාවත්තේ සද්ධාතිස්ස, වෙල්තොට පඤ්ඤා දස්සි, බෙලිගල්ලේ මහින්ද, කුඹගොඩ ඤාණාලෝක, අතුරුගිරියේ පඥ්ඥාතිස්ස, සොරගුණේ පඥ්ඥාසාර, පැල්පොල ධර්මපාල, මහනුවර ධම්මරක්ඛිත යන හිමිවරු ඇතුළු ස්වාමීන් වහන්සේලා රැසක් ජනතා විමුක්ති පෙරමුණේ ඝාතන ලැයිස්තුවට ඇතුළත් වෙති.
බුදුරජාණන් වහන්සේගේ ලේ සෙලවීම හැරුණු විට බෞද්ධයන්ට කළ හැකි ලොකුම පාපය සංඝ ඝාතනයයි. ජනතා විමුක්ති පෙරමුණ කළ ඒ ඝාතනවලට අදටත් සමාව ගෙන නැත. අවම වශයෙන් ඒ පියවරවත් නොගෙන ලැජ්ජා නැතිව ජනාධිපතිවරයා මේ ආරාධනාව පිළිගැනීම සදාචාරසම්පන්නද?
සංඝයා වහන්සේ ඝාතනය කරනවාට අමතරව ජනතා විමුක්ති පෙරමුණ වෙහෙර විහාරස්ථානවල තිබූ වටිනා ඓතිහාසික බඩු භාණ්ඩ ද මංකොල්ල කෑවේය.
දේශපාලන වශයෙන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ කිසිදිනක පිළිගත්තේ නැත. එසේම හැමවිටම ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියා කළේ බුද්ධාගමට විරුද්ධවය.
මේ අනුව පැන නගින ප්‍රධාන ප්රශ්නයකි. එනම් භික්ෂුන් වහන්සේලා ඝාතනය කළ ඉතිහාසයක් ඇති ජනතා විමුක්ති පෙරමුණට පාලන බලය ගෙන මෙවැනි කටයුත්තක් කළ හැකිද යන්නය. මෙහි සැඟව ඇති චේතනාව කුමක්ද?
විනය විරෝධීව හැසිරෙන සහ අපරාධවල නිරත වෙන භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීම සඳහා ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළට වෙනම පරිච්ඡේදයක් ඇතුළත් කිරීමට පියවර ගත්තේය. භික්ෂූන් වහන්සේ විනය සම්බන්ධයෙන් තීන්දු දීම සඳහා සංඝ අධිකරණය ඇතිකිරීමට එමඟින් ප්‍රතිපාදන සම්පාදනය කෙරිණි.
රජයට සම්බන්ධ සමාජ මාධ්‍ය මගින් ශාසනයත්, බුදුදහමත් විනාශ කිරීමේ සංවිධානාත්මක වැඩසටහනක් අද ක්‍රියාත්මක කරගෙන යයි. ඊට සිවිල් සමාජයේ කොටසක්ද සම්බන්ධ කරගෙන සිටී. හැමවිටම අද සිදුවන්නේ බෞද්ධ පැවිදි - ගිහි මතය කොන් කිරීමකි.
ජනාධිපතිවරයාගේ කතාවේදී ලෝක බෞද්ධ මහා සම්මේලනය වත්මන් රජය යටතේ මෙරට පැවැත්වීම පිළිබඳව ද සඳහනක් කෙරිණි. එය ප්‍රකාශ කරනු ලැබුවේ බෞද්ධකම පෙන්වීමට බව ඉතාම පැහැදිලිය.
මෙවැනි තත්ත්ව වසල සූත්‍රයෙන් ද පෙන්වා දෙයි.
න ජච්චා හෝති බ්‍රාහ්මණෝ;
“න ජච්චා වසලෝ හෝති,
කම්මනා වසලෝ හෝති,
කම්මනා හෝති බ්‍රාහ්මණෝ.”
එහි සිංහල තේරුම පහත පරිදිය.
“උපතින් කෙනෙකු වසලයෙකු නොවේ.
උපතින් කෙනෙකු බ්‍රාහ්මණයෙකු ද නොවේ.
තමන්ගේ ක්‍රියාව අනුව කෙනෙකු
වසලයෙකු හෝ බ්‍රාහ්මණයෙකු වෙයි.”
එක්සත් ජාතික පක්ෂය
2026 මැයි 31

මේ ප්‍රවෘත්තිය වාර්ථා කරල තියෙන විදිය වැරදියි. එ.ජා.ප. ය කිව්වේ ධර්මාධිකරණයක් පිහිටුවීමේ බලය කිසිඳු දේශපාලන පක්ෂයකට නැති බව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව. හේතුව ධර්මය යනු කුමක්ද කියා අර්ථ දක්වා නොතිබීම.
ReplyDeleteවෙන් වෙන්ව ආගම් අනුව තීන්දු තීරණ දීමේ උසාවි ක්‍රමයක් නෙවේ, එන්.පී.පී. රජය ක්‍රියාත්මක කරන්ඩ සාකච්ඡා වුණේ. අදාල සාකච්ඡාව වෙන්නේ භික්ෂූන් සඳහා පමණක් වෙනම විශේෂිත අධිකරණයක් ස්ථාපිත කිරීම, එහි ක්‍රියාත්මක වෙන නීතිය රටේ සාමාන්‍ය නීතියමයි, නමුත් ගිහියන් සඳහා නඩු විභාග වෙන් නෑ. ඒක බෞද්ධාගමික භික්ෂූන් වහන්සේ සම්භන්ධයෙන් සිදුවෙන නඩු කටයුතු වලදී ගිහියන් ඉදිරියේ සමස්ථ බෞද්ධයන් බලු වීම අඩු කර ගැනීමට හේතු වේවෙ. ඒ වගේම තමයි ඥාණසාර හාමුදුරුවෝ වගේ උන්නාන්සේලාට ස්වකීය ගෞරවය රැකගෙන නඩු කටයුතු වලට පෙනී හිටින්ඩ පුළුවන් වෙයි. (උදා: ගිහියො වාඩි වෙලා ඉන්නකොට භික්ෂූන් වහන්සේ නැඟිටලා සාක්ෂි දීම - වරදකරුවෙක් යැයි සනාථ කරණ තුරු නිවැරදිකරුය යන නෛතික පදනමෙන් භික්ෂුවකට හිමි ගෞරවය ලබා දීම නඩු කටයුත්ත අවසන් වන තෙක් සිදු විය යුතු යැයි බෞද්ධ සමාජය පිළිගත යුතු වීම). මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූලව සිදු කල හැකියි.
අනික් කරුණ තමයි අතීතයේ මොන වැරදි තිබුණත් වර්ථමානය හරි නම්, "හරි". අංගුලිමාල රහත් වෙන්නේ කොහොමද? ගැබ්බර මවකට අංගුලිමාල උපස්ථාන කලේ කොහොමද? ඒ අර පරණ සිදුවීම් අනුව වර්ථමානයත් එසේමැයි කියා සිතීම කැප නොවන බැවින් බව වටහා ගත යුතුය.
"අංගුලිමාල රහත් වෙන්නේ කොහොමද? ගැබ්බර මවකට අංගුලිමාල උපස්ථාන කලේ කොහොමද?..." අංගුලිමාල kathava methanata uchitha na. Aekata pilithura uda liyume manava pahadiliva thiyanava "බෞද්ධයන්ට කළ හැකි ලොකුම පාපය සංඝ ඝාතනයයි. ජනතා විමුක්ති පෙරමුණ කළ ඒ ඝාතනවලට අදටත් සමාව ගෙන නැත. අවම වශයෙන් ඒ පියවරවත් නොගෙන ලැජ්ජා නැතිව ජනාධිපතිවරයා මේ ආරාධනාව පිළිගැනීම සදාචාරසම්පන්නද?"
DeleteAdugaane issella janathavagen samaava ganna oney.
අංගුලිමාල පැන්නුවෙ බුදු හාමුදුරුවො මරන්ඩ. හුදෙක් මාර්ගඵලයක් වත් නොලැබූ සංඝයා වහන්සේ මරා දැමීමට වඩා බුදුන් වහන්සේ මරා දැමීමේ චේතනාවෙන් පසු පස එළවීම ම වඩාත් බරපතල පාපයක් වන බව ඔබ තේරුම් ගත යුතුය.
Delete"බුදුන්ගේ ලේ සෙලවීම හැරුණු කොට බෞද්ධයන්ට කල හැකි ලොකුම පාපය සංඝ ඝාතනයයි" කියලා තියෙන පාඨය ඔබ පිළිගත් බව පේනවා. එහෙනම් ඔබගේ බෞද්ධාගම පිළිඹඳ දැනුම ප්‍රමාණවත් නෑ. ආනන්තරීය පාප කර්ම වලින් එකක් නෙවේ සංඝ ඝාතනය. බුදුන්ගේ ඇඟේ ලේ සෙලවීම වගේම බරපතල අනෙක් පාප කර්ම වන්නේ මව මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, සහ සංඝ භේදය යි. කරුණාකර බුද්ධාගම ඉගෙන ගන්න.
උක්ත අංගුලිමාල උදාහරණය මෙයට සම්භන්ධ වීමට හේතුව: අංගුලිමාල මිනිසුන් මැරුවේ ගුරුවරයාගේ උපදෙස් මත. ජේ.වී.පී. කැරළි කරුවන් එම ඝාතන කලේ ද විජේවීර ගේ උපදෙස් මත, පංති 5ට සහභාගී වීමෙන් අනතුරුව. සමාණතාවය ඔබට පැහැදිලි ද?
සමාව නොගෙන සිටීම: බුදු දහමේ පවු සමා කිරීමක් නොමැත. එජාපය අදාල ලිපියෙන් කියන්නේ සංඝ ඝාතන පාපයට සමාව ඉල්ලා සිටිය යුතු බවය. රනිල් වික්‍රමසිංහ ගේ ක්‍රිස්තියානි පසුබිම අනුවත්, ඩොන් අල්වින් රාජපක්ෂගේ පුත්‍රයා වන මහින්ද පර්සි රාජපක්ෂ ගේ හා ඔහුගේ භාර්යාව වන ශිරන්ති රාජපක්ෂ යන අයගේ කතෝලික පසුබිම් වලට අනුවත් පවු සමා කර ගැනීම කල හැක. එහෙත් බුදු දහමේ එවැන්නක් නොමැත. පාපයන් ගෙවා දැමිය යුතුය (අහෝසි කම්ම ලෙස හැඳින්වෙන එතරම් බරපතල නොවන පව් හෝ පින් පල දීමට අවස්ථාවක් නොලැබ මඟහැරී යා හැකි වුවද, ඒ හැර අන් සියල්ල ගෙවා දැමිය යුතුය). අංගුලිමාල තෙරුන් ජනතාවගෙන් සමාව අයැද සිටියේ නැත. ඔහු දුටු දුටු තැන මිනිසුන් ඔහුට පහර පිට පහර දුන් බව සඳහන් වේ. මුගලන් තෙරුන් පෙර කල පවක් නිසා දරුණු ලෙස පහර කෑමකට ලක් විය. බුදු දහමේ පාපයන් ගෙවෙන්නේ ඒ ආකාරයෙනි.
ආරියතිලක
Deleteපතිරණ ගලප්පත්තිට පිළිතුරක්..
ඉබ විසින් කියන පහත කරුණ හෙවත්;
“අංගුලිමාල පැන්නුවෙ බුදු හාමුදුරුවො මරන්ඩ. හුදෙක් මාර්ගඵලයක් වත් නොලැබූ සංඝයා වහන්සේ මරා දැමීමට වඩා බුදුන් වහන්සේ මරා දැමීමේ චේතනාවෙන් පසු පස එළවීම ම වඩාත් බරපතල පාපයක් වන බව ඔබ තේරුම් ගත යුතුය.”
යන කරුණ සත්‍යක් නො වේ. අඟුල්මල් කිසිවිටක කිසිදු දිනක, කිසිදු අවස්ථාවක, සම්බුදු රජුන් ඝාතනයට චේතනාන්විතව සම්බුදු රදුන් පසු පස ලුහු බැන්ඳේ නැත. අංගුලිමාලට සම්බුදු වූ උතුමෙකු කියා සම්බුදු රදුන් දැක්කේ නැත. ඔහු පැවිදි කම් කරන පැවිද්දෙක් යැයි සලකා මනුෂයෙකු ලෙස සලකා ඇගිල්ලක් කපා ගැනීමට ලුහු බැන්ද මිස කිසි ලෙසකින් සම්බුදු රදුන් යැයි නිගමනයක බැස ලුහු බැන්දේ නැති බව සූත්‍ර පිටකයේ මජ්ඣිමනිකාය, මජ්ඣිමපණ්ණාසකයේ
අඞ්ගුලිමාල සූත්‍රයෙන් දත හැක්කේ ය.
අංගුලිමාල සුතුරෙහි
“අද්දසා ඛො චොරො අඞ්ගුලිමාලො භගවන්තං දූරතොව ආගච්ඡන්තං, දිස්වානස්ස එතදහොසි: අච්ඡරියං වත භො අබ්භුතං වත භො. ඉමං හි මග්ගං දසපි පුරිසා, වීසතිම්පි පුරිසා, තිංසම්පි පුරිසා, චත්තාරීසම්පි පුරිසා, පඤ්ඤාසම්පි පුරිසා සංහරිත්වා සංහරිත්වා පටිපජ්ජන්ති. තෙපි මම හත්ථත්ථඞ්ගච්ඡන්ති. අථ ච පනායං සමණො එකො අදුතියො පසය්හ මඤ්ඤෙ ආගච්ඡති. යන්නූනාහං ඉමං සමණං ජීවිතා වොරොපෙය්ය’න්ති.”
මෙහි සිංහල තේරුම;
“අඟුල්මල් සොර වඩනා බුදුන් දුරදී මැ දුට, දැක උහුට මෙය සිත් වී: “භවත්නි, ආශ්චර්‍ය්‍යයෙක් මැ ය, භවත්නි, අද්භූතයෙක් මැ ය. මේ මඟට පුරුෂයෝ දස දෙන දු විසි-තිස්-සතලිස්-පනස් දෙන දු වග වග වැ වදිත්. ඔහු දු මා අතැ නස්නාහ. තව ද මේ මහණ එකලා වැ අද්විතීය වැ අභිභවමින් මෙන් එයි. මම මේ මහණ දිවියෙන් තොර කෙරෙම් නම් මැනැවැ”යි.”
ශාක්‍ය කුලයෙන් පැවිදි වූ ශ්‍රමණයෙකැ’යි දන්නා මුත් සම්මා සම්බුදුන් යැයි අඞ්ගුලිමාල මුලින් කිසිසේත් ම දැන සිටියේ නැත. සසර වඩන ලද පාරමිතා බල ඇති අංගුලිමාලට බුදු රදුන්ගේ සාකච්ඡාවෙන් පසු මනස අවදි වීමෙන් සම්මා සම්බුදු රදුන් බව අවබෝධ විය. ඒ බව අංගුලිමාල සූත්‍රයේ සඳහන් වන්නේ මෙසේ ය.
“චිරස්සං වත මෙ මහිතො මහෙසී
මහාවනං සමණොයං පච්චුපාදි,
සොහං චිරස්සාපි පහස්සං පාපං
සුත්වාන ගාථං තව ධම්මයුත්තං”.
“ඉත්වෙව චොරො අසිආවුධඤ්ච
සොබ්භෙ පපාතෙ නරකෙ අන්වකාරි,
අවන්දි චොරො සුගතස්ස පාදෙ
තත්ථෙව නං පබ්බජ්ජං අයාචි.”
ඉතිරි කොටස….
Deleteආරියතිලක
සිංහලාර්ථය:
“දෙව්මිනිසුන් විසින් පූජිත මෙ මහර්ෂී මහණ බොහෝ කල් ඇවෑමෙන් මට වැඩ සඳහා මහවනයට වැඩියේ ය. මම තොප ගේ ධර්ම යුක්ත ගාථා අසා කල් ඇවෑමෙනුදු පව් හරනෙමි.”
“මෙසේ කියා මැ අඟුලුමල් සොර කඩුව හා අනෙකුත් ආයුධ එක් පස බුන් ප්‍රපාතයෙහි පැළිගිය සිදුර ඇති බිමෙහි හෙළාපී. සොර සුගතයන් වහන්සේ ගේ පා වැන්දේ යැ. එහි දී මැ උන් වහන්සේ අතින් පැවිදි යැදී.”
තව ද;
“උක්ත අංගුලිමාල උදාහරණය මෙයට සම්භන්ධ වීමට හේතුව: අංගුලිමාල මිනිසුන් මැරුවේ ගුරුවරයාගේ උපදෙස් මත. ජේ.වී.පී. කැරළි කරුවන් එම ඝාතන කලේ ද විජේවීර ගේ උපදෙස් මත, පංති 5ට සහභාගී වීමෙන් අනතුරුව. සමාණතාවය ඔබට පැහැදිලි ද?”
මෙම ප්‍රකාශය අනුව,
ඔව්! මෙහි සමාන කමක් තිබේ චේතනාවෙන්. පසු බිම එකක් නොවුනාට;
බරපතල අසමානකමක් ද ඇති බව කිව යුතු ය.
අංගුලිමාලගේ ගුරුවරයාගේ චේතනාව වැරදි ලෙස දුන් උපදෙසින් අංගුලිමාල අපරාධ කළේ ය. ඒ අපරාධ සිත, මව මැරීම දක්වා දියත් වීමට හැකියාව තිබිණි. ඒ ගුරුවරයාගේ වැරදි මඟ් පෙන්වීම ය. මම් මව වශයෙන් නො හදුණන තැනට මනස පත් වීම නිසා ය.
“ජේ.වී.පී. කැරළි කරුවන් එම ඝාතන කලේ ද විජේවීර ගේ උපදෙස් මත, පංති 5ට සහභාගී වීමෙන් අනතුරුව.”
යන බව කීම හරි!
1965. මැයි මස 14 දින සුවිශේෂ දිනයකි. එදින වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ය. සම්බුදු රදුන්ගේ තෙමඟුල සමරන ලංකාවාසී බෞද්ධ ජනයා දාන, ශීල, භාවනා වැඩ සටහන් තම ශක්ති පමණින් ඉටු කරන දිනයයි. අහෝ! එදා රෝහණ විජේවීර සම්බුදු රදුන්ගේ තෙමඟුල නොදැක්ක හැටි! එදා ඔහු විසින් ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය ආරම්භ කරන ලදී. ලංක භූමියේ බෞද්ධ රාජ්‍ය බලය විනාශ කොට රට කොමියුනිස්ට් කිරීමට; ඔහු ගුරුවරයෙක් වශයෙන් පංති 5 ගෝලයන්ට උගන්වා මිනී මැරීම්, දේපොළ කොල්ලකෑම්, ආදී බරපතල අපරාධ කිරීමට පක්ෂ සාමාජිකයන්ට උගැන්නුවේ ය. එම අපරාධ සාමාජිකයන් විසින් කරන් ලදී. බරපතල අපරාධය නම් 1989.02.08 මහනුවර දළදා මාළිගාවට පහර දීම ය. හැබැයි අංගුලිමාලගේ ගුරුවරයා සම්බුදු රදුන්ට පහර දෙන්ට උගැන්වූයේ නැත; නමුත් රෝහණ විජේවීර මනුෂ්‍ය ඝාතන කිරීමට උගැන්වුවා පමණක් නොව දළදා මාළිගාවට පහර දීම දක්වා පාපය දික් කළේ ය. සම්බුදු රදුන් නො දැක්ක හැටි!
ඒ සමාන කම ය.
අසමානකම නම්;
අංගුලිමාල සම්බුදුරදුන්ගේ වචනය අසා, සම්බුදු සසුන පිළිගත්තේ ය. පැවිදි වී අර්හත් වී පිරිනිවනට පත් වූහ. නමුත් සම්බුදු දුරන් පහළ වී වර්ෂ 2509 කට පසු, රෝහණ් විජේවීර සම්බුදු දහමට විරෝධී දේශපාල්න දර්ශනය සහිත කොමියුනිස්ට්වාදී පක්ෂය ඇති කරයි. තම පක්ෂ සමාජිකයන් ලවා මනුෂ්‍ය ඝාතන කරවයි. භික්ෂූන් වහන්සේලා ඝාතනය කරවයි. ශ්‍රී දළදා වහන්සේට ජවිපෙ සාමාජිකයෝ අපරාධ කළහ. භික්ෂූන් වහන්සේලා සම්බුදු දහමට ප්‍රති පක්ෂව ජවිපෙට බඳවා ගනීම කරයි. සම්බුදු දහමින් පිටත, මිසදිටු උගැවීම කොට භික්ෂූන් වහන්සේලා නො මඟ යවයි. මේ කීවේ වෙනස ය.
ඉතිරි කොටස..
Deleteආරියතිලක
තවද,
“සමාව නොගෙන සිටීම: බුදු දහමේ පවු සමා කිරීමක් නොමැත. එජාපය අදාල ලිපියෙන් කියන්නේ සංඝ ඝාතන පාපයට සමාව ඉල්ලා සිටිය යුතු බවය.”
කරන ලද වරද සමා කර ගැනීම එකකි. පව් සමා කර ගැනීම තවෙකකි. පව් සමා කර ගැනීමක් සම්බුද්ධ දේශනාවේ නැත. එසේ වුවත් කළ වරද සමා කර ගැනීම සම්බුද්ධ දේශනාව ය. පවට හෝ කුසලයට මුල චේතනාව ය. පවට හේතු වූ අපරාධකාරී චේතනාව වැරදි ලෙස දැකීමෙන් කුසල චේතනා උපදී. ඒ කුසලයට සාපේක්ෂව (සැසදීමෙන්) පාප චේතනාව හා ඒ හා බැදි ක්‍රියාව වැරදි බව අවබෝධ වීමෙන් වැරදි චේතනාවෙහි බැස සිටි සිත් ගැළ වී හරි දැකීම නිසා සමාව ගැනීම සිදු කරයි. එය සම්මා දිට්ඨිය සමඟ සිටී. ඊල්ඟට එය සම්මා සංකල්පය සමඟ සිටී. එම සමාව ගැනිම නම් කුසල් සිත් උපද වීම ය. කුසල් ජවන් සිත් උපද වීමය. ඒ හේතුවෙන් කරුණු දෙකක් සිදු වේ.
1.. කරන ලද අකුසලයේ විපාකය දුර්වල වීම ය. (ආනන්තරිය පාපකර්ම පසෙහි උපපජ්ජවේදනීය විපාකය හැර)
2. යම් අකුසලයක් කිරීමට හේතු වූ අකුසල් චේතනා(අකුසල් සිත් 12) ඉදිරියට ගමන් නො කොට නැවතීමෙන් ඉදිරියට අකුසල් නො වීම. ඒ හේතුවෙන් අනාගතයේ අකුසල් විපාකයට හේතු නිරුද්ධ වීම.
ආර්ය උපවාද කර්මය ආනන්තරිය පාපකර්ම පසට සමාන බව ධර්මයෙහි දැක් වේ. ආර්ය උපවාද කර්මය සමා කොට නො ගෙන එම අත් බැව්හිදී මඟ ඵල ධ්‍යාන අභිඥා නො ලැබිය හැකි බව ධර්ම නීතීය ය. මේ පිළිබඳව දැන් ගනීමට මිච්ඡාදිට්ඨි කම්ම සමාදාන සූත්‍රය කියවීම සුදුසු ය.
තවද,
“පාපයන් ගෙවා දැමිය යුතුය (අහෝසි කම්ම ලෙස හැඳින්වෙන එතරම් බරපතල නොවන පව් හෝ පින් පල දීමට අවස්ථාවක් නොලැබ මඟහැරී යා හැකි වුවද, ඒ හැර අන් සියල්ල ගෙවා දැමිය යුතුය).”
මෙය ද ධර්ම විරෝධී ය.
අංගුලිමාල තෙරුන් ජනතාවගෙන් සමාව අයැද සිටියේ නැත.
“ඔහු දුටු දුටු තැන මිනිසුන් ඔහුට පහර පිට පහර දුන් බව සඳහන් වේ.”
මෙය සම්පූරණයෙන් ම අසත්‍ය ප්‍රකාශයකි. ධර්මය විකෘතියකි. කිසිදු විටක කිසිදු තැනකදී මිනිසුන් අංගිලිමාල තෙරුන් වහන්සේට කිසිදු පහරක් දුන්නේ නැත; එක් පහරක්වත් දුන්නේ නැත් නම් පහර පිට පහර දීමක් කෙසේ සිදු වන්නේ ද?
ආරියතිලක
Deleteආර්ය උපවාද කර්මය ගැන දැන ගැනීමට;
ඛුද්දකනිකාය,ඉතිවුත්තක පාළි
මිච්ඡාදිට්ඨි කම්ම සමාදාන සුත්‍ර අටුවාව ද කියවීම සුදුසු ය.
ආරියතිලක, ඔබට මෙතන පොඩි පැටලැවීමක් වෙලා තියෙනවා. මම ඉදිරිපත් කරලා තියෙන්නේ "අංගුලිමාල කෙසේ සිතුවේද?" යන්නට පිළිතුරක් නෙවේ, "අංගුලිමාල සිදු කිරීමට ගිය දෙය අපට පෙනුන විදිය" පිළිඹඳ පැහැදිලි කිරීමකි. ඉතා පැහැදිලිවම අංගුලිමාල පැන්නුවේ බුදුන් පසු පස උන්වහන්සේ ඝාතනය කිරීමට බව අපට සක් සුදක් සේ පැහැදිලිය. අපට බරපතල වන්නේ අප එසේ දැන ගැනීම සහ පසුකාලීනව අංගුලිමාල ද තමා එදා පන්නා ගියේ බුදුන් පසු බව දැන ගැනීම ය.
Deleteරෝහණ විජේවීරගේ අනුගාමිකයන්ට ද මෙය පොදු ය. ඔවුන් එදා මරා දැමූ සාමාන්‍ය ජනතාව අතර සිටි අයවලුන් ඔවුන්ට පෙනුනේ සාමාන්‍ය ජනතාව, සංඝයා වහන්සේ, වෛද්‍යවරු, ඉංජිනේරුවරු හෝ වෙනත් එවන් උසස් සමාජතල වල සිටින්නන් ලෙස නොව, කමියුනිස්ට් සමාජවාදී ක්‍රමයට එරෙහි ධනවාදී සතුරන් පිරිසක් ලෙස ය. ඔවුන් මරා දැමුණේ එබැවිනි.
අංගුලිමාල පසු කාලීනව තමන් පන්නාගෙන ගියේ බුදුන් පසු පස බව දැන ගත්තා සේම, ජේවීපී පිරිස ද පසුකාලීනව තමන් ඝාතනය කලේ සාමාන්‍ය මනුෂ්‍ය වර්ගයාම බවත්, ඔවුන්ට විවිධ දේශපාලන අදහස් දැරීමට ඇති අයිතිය පිළිගත යුතු බවත් පිළිගෙන, ප්රජාතන්ත්රවාදී මාවතට පිවිස ඇත.
එබැවින් එම කථා දෙකේ සම්භන්ධතාවය තේරුම් ගැනීමට හැකි විය යුතුය.
අදාල එජාප ලිපියේ සඳහන් වෙන්නේ පාපය සමා කරවා ගත යුතු බව ය. එවැන්නක් කල නොහැක. එමෙන්ම එදා ජේවීපී සාමාජිකයන් සිදුකල වරදකට අද ජේවීපී සාමාජිකයන් සමාව ගත යුතු නැත. උදාහරණයක් ලෙස එදා දෙව්දත් තෙරුණ් සිදු කල වරදට අද සංඝයා වහන්සේ සමාව ගත යුතු නැත.
අංගුලිමාල තෙරුණ් හට මහ මඟදී දකින දකින තැන ගල් මුගුරු යනාදී දෙයින් පහර දුන් බව අංගුලිමාල සූත්‍රයේ ඉතා පැහැදිලිව සඳහන් වේ. වෙනත් දිසාවන්ට විසි කරණ දඬු මුඟුරු පවා අංගුලිමාල තෙරුණ්ගේ ඇඟේ වැදුණු බව එහි සඳහන් වේ. අදාල සූත්‍රයේ ඒ බව සඳහන් කොටස පාලියෙන් සහ සිංහලෙන් පහතින් දක්වා ඇත:
මජ්ජිම නිකාය, අංගුලිමාල සූත්‍රය, උපුටා ගැනීම:
========================================
"අථ ඛෝ ආයස්මා අංගුලිමාලෝ පුබ්බණ්හසමයං නිවාසෙත්වා පත්තචීවරං ආදාය සාවත්ථිං පිණ්ඩාය පාවිසි, තේන ඛෝ පන සමයේන අඤ්ඤේනපි ලෙඩ්ඩු ඛිත්තෝ ආයස්මතෝ අංගුලිමාලස්ස කායේ නිපතති, අඤ්ඤේනපි දණ්ඩෝ ඛිත්තෝ ආයස්මතෝ අංගුලිමාලස්ස කායේ නිපතති, අඤ්ඤේනපි සක්ඛරා ඛිත්තා ආයස්මතෝ අංගුලිමාලස්ස කායේ නිපතති. අථ ඛෝ ආයස්මා අංගුලිමාලෝ භින්නේන සීසේන ලෝහිතේන ගළන්තේන භින්නේන පත්තේන විප්ඵාලිතාය සංඝාටියා යේන භගවා තේනුපසංකමි. අද්දසා ඛෝ භගවා ආයස්මන්තං අංගුලිමාලං දූරතෝව ආගච්ඡන්තං, දිස්වාන ආයස්මන්තං අංගුලිමාලං ඒතදවෝච: අධිවාසේහි ත්වං බ්‍රාහ්මණ, අධිවාසේහි ත්වං බ්‍රාහ්මණ, යස්ස ඛෝ ත්වං කම්මස්ස විපාකේන බහූනි වස්සානි බහූනි වස්සසතානි බහූනි වස්සසහස්සානි නිරයේ පච්චෙය්යාසි. තස්ස ත්වං බ්‍රාහ්මණ, කම්මස්ස විපාකං දිට්ඨේව ධම්මේ පටිසංවේදේසී’ති. අථ ඛෝ ආයස්මා අංගුලිමාලෝ රහෝගතෝ පටිසල්ලීනෝ විමුත්තිසුඛපටිසංවේදී තායං වේලායං ඉමං උදානං උදානේසි:"
සිංහල අර්ථය:
============
"ඉතින් ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා පාත්‍රය ද ගෙන සැවැත් නුවර පිඬුසිඟා වඩිනවා. එවැනි වෙලාවක දී වෙනත් තැනකට ගසන ගල් පවා ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ ගේ ඇඟට යි වදින්නේ. වෙනත් තැනකට ගසන දඬු මුගුරු පවා ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ ගේ ඇඟට යි වදින්නේ. වෙනත් තැනකට ගසන කැට කැබිලිති පවා ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ ගේ ඇඟට යි වදින්නේ. එතකොට ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ බිඳුණු හිසින් යුතුව, ලේ වැගිරෙද්දී, බිඳුණු පාත්‍රය ඇතිව, ඉරී ගිය සඟල සිවුරු ඇතිව, භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණෙනවා. එවිට දුරින් ම වඩින ආයුෂ්මත් අංගුලිමාලයන් දකින භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මතුන් අංගුලිමාලයන්ට මෙය පවසා වදාරණවා. “පින්වත් බ්‍රාහ්මණය, ඔබ ඉවසන්න! පින්වත් බ්‍රාහ්මණය, ඔබ ඉවසන්න! ඔබ විසින් කරන ලද යම් කර්මයක විපාකය බොහෝ වර්ෂ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක් නිරයෙහි පැසවන්නට තිබුනා ද, පින්වත් බ්‍රාහ්මණය, ඔබට ඒ කර්මයේ විපාක මේ ජීවිතයේ දී විතරයි විඳවන්නට තියෙන්නේ.” ඉතින් හුදෙකලාවෙහි භාවනා කරමින් විමුක්ති සුඛ විඳිමින් සිටින ආයුෂ්මත් අංගුලිමාලයන් වහන්සේ ඒ වේලාවෙහි මේ උදානය වදාළා."
මින් පසු පිළිතුරු අපේක්ෂා කරයි නම් සංක්ෂිප්තව අදහස් ඉදිරිපත් කිරීමේ ආකාරය ඉගෙන ගෙන පැමිණෙන්න.
ආරියතිලක
Deleteඅංගුලිමාල තෙරුන්ට කිසිවෙකු පහර නුදුන් බව සූත්‍රයෙන් පැහැදිලි ය.
පහර දීම එකකි.
වෙනත් තැනකට ගසන පහර අඅංගුලිමාල තෙරුන්ට වැදීම තව එකකි. මෙය එකක් නොව දෙකක් බව නො පෙනේ ද?
ජනතා විමුක්ති පෙරමුණ පිහිටුවා කොමියුනිට්ස්වාදී රාජ්‍යයක් වෙනුවෙන් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමට දණ්ඩනීතී සංග්‍රහය උල්ලංඝනය කිරීමට හා රටේ අනෙකුත් නීති අණ පනත් උල්ලංඝනය කිරීමට, රෝහණ විජේවීර කවුද? ඔහු රාජද්‍රෝහී කැරැළි දෙකක් ඇති කරමින් රටේ ජනාතා පරමාධිපත්‍ය තඹ දොයිතුවට සැසැළකීමක් නො කළ පුද්ගලයකි. පතිරණ ගලප්පත්ති කියන ලෙසට එම රාජද්‍රෝහී ආගම් ද්‍රෝහී අපරාධ කිරීම්, මනුෂ්‍ය ඝාතනය කිරීම් සාධාරණය කිරීමට රටේ ජනතාවට යෝජනා කිරීම අතිශයින් නින්දිත ය.
එසේ ම නීතියටද පටහැනි ය. මනුෂ්‍ය ජීවිතයක වටිනාකම නොදත් ම්ලේච්ඡ දේශපාලනයක නිරතව මනුෂ්ය් ඝාතකයන් ජාතික වීරයන් කිරීමට උත්සාහ කිරීම ජනතාවට කරන මහත්ම අගෞවයකි.ජනතා පරමාධිපත්‍ය හෑල්ලු කිරීමකි. මනුෂ්‍යයන්ගේ මනුෂ්‍යත්වය නො දත් වූවන්, ජනතාවට දහමෙන් කරුණු කීම, මාර වසවර්තිගෙන් බණ ඇසීම වැනිය.
අංගුලිමාල අවසානයේ සම්බුදු රදුන් සරණ ගොස් සම්බුදු රදුන්ට අවනත විය.
රෝහණ විජේවීර සම්බුදු දහමට විරුද්ධ කොමියුනිස්ට්වාදය වෙනුවෙන් පෙනී සිට දිවි කෙළවර කළේය. ඔහුගේ ජවිපෙ අනුගාමිකයන් ද සම්බුදු රදුන්ට හා සම්බුද්ධ ශාසනයට විරුද්ධව තවමත් කොමියුනිස්ට්වාදයේ ය.
අංගුලිමාල හා රෝහණ විජේවීර ඇතුලු ජවිපෙ සාමාජිකයන් අතර වෙනස මෙයයි. බෞද්ධ ජනතාව මෙය පැහැදිලිව තේරුම් ගත යුතුය.
බුද්දාගමට පහර ගහන එක තමා ජෙප්පොන්ගේ එකම පරමාර්ත්ය ....කොටි ඩයස්පෝරාව ඩොලර් එවන්නේ ......තුහ්හ් නොදකින් මිනීමරු ගල්කටස් ජෙප්පෝ....හිරේ ඉන්න ඕන උන් රාජ්ජපාලනයේ.....වෑඩ බෑරි පච රෑල .මේ ජෙප්පෝ නිකන් නූගත් හරක් රෑලක් ....
ReplyDeleteබෝන් අගේන් කල්ලිය පන්නමු
Deleteආරියතිලක
ReplyDeleteසියලු දේ කිරීමට ප්‍රථම තම නිලබලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවී පැවැතිය යුතුය. ජනාධිපතිවරයාගේ හා ජවිපෙ සම්බන්ධිත ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව නිරවුල් ශුද්ධ විය යුතු ය. 2024 ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය යන මැතිවරණ දෙක පවත්වන විට එවැනි ශුද්ධ වීමක් හෝ පරස්පරයක් වී නො තිබිණි. බටලන්ද කොමිෂන් සභා වාර්තාව වත්මන් ජනාධිපතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද මොහොතේ පටන් එම ශුද්ධිය ඇති වීමට හේතු ඇති විය. එසේ ම එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභා ගත කිරීම ද සිදු විය. ප්‍රථම කොට ම ජනාධිපතිවරයා විසින් කළ යුත්තේ නීතිපතිවරයා වෙත නීති කෘත්‍ය පිණිස යොමු කොට ඇති, බටලන්ද කොමිෂන් සභා වාර්තාව, හැකි පමණ ඉක්මනින් නීති කෘත්‍ය සඳහා දිරි ගැන්වීම ය. එමගින් බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධව නීති කෘත්‍ය සඳහ නීති උපදෙස් හා නිර්දේශ ලැබෙනවා ඇත. එමගින් රටේ ජනතාවට බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් තම අයිතිවාසිකම් උදෙසා ශේෂ්ඨාධිකරණයේ ද අභියාචනාධිකරණයේ ද අධිකරණ පිහිට පැතිය හැකි වෙනවා ඇත. ජනතාවගේ එම ශුද්ධ වූ අයිතියෙන් ජවිපෙ පක්ෂ නායකයා ද වන ජනාධිපතිවරයාගේ ධූරයේ අයිතිවාසිකම් ශුද්ධ නො වන තාක් ජනාධිපතිවරයාට හෝ ජවිපෙ ප්‍රධාන දේශපාලන ධාරාව වන ජාතික ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි ව්‍යවස්ථාව සම්බන්ධ වන සම්බුද්ධ ශාසනය සම්බන්ධ නීති පැනවීමට ශුද්ධ වූ අයිතියක් තිබේ ද? යන්න විමසිය යුතු.
තවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි ව්‍යවස්ථාව පාර්ලිමේන්තු නො පැමිණි මන්ත්රීවරයන්ද ඇතුලුව විශේෂ බහුතයකින් හෙවත් ⅔ බලයකින් සම්මත කොට පමණක් ක්‍රියාත්මක කළ නො හැක්කේ ය. එය ජනමත විචාරණයකින් ද සම්මත විය යුතු බව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 82 වන ව්‍යවස්ථාවේ 7 වන අනුව්‍යවස්ථාවේ (අ), (ආ) ඡේද ප්‍රකාරව කියා සිටී.
මේ ජනතා පරමාධිපත්‍යයයේ බලය උල්ලංඝනය වන ලෙස වංගු ගැසීමට කිසිවෙකුට හිමි කමක් නැත්තේ ය.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2029 නැවත ජනාධිපති ධුරයට පත්වීම මේ රටේ කිසිවෙකුට වැළැක්විය නො හැකි බව අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා කියා සිටි බව මාධ්‍ය වාර්තා කළේ ය.
එයට අපි විසින් දක්වන ලද,
“ත්‍රස්තවාදී සංවිධානයක නායකයෙකුට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව මෙරට ජනාධිපති විය හැකි ද?”
යන මැයෙන් දැක්වූ අදහස ද මෙයට සෘජුව ම සම්බන්ධ බැවින් පහත දක්වමු.
බටලන්ද කොමිෂන් සභා වාර්තාව මේ ආණ්ඩුවේ කැව්බිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද හේතුවෙන් ද, පාර්ලිමේන්තුවේ සභා ගත කිරීමෙන් ද, බටලන්ද කොමිෂන් සභා වාර්ථාව ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව පිළිගෙන ඇත්තේ ය.. බටලන්ද කොමිෂන් සභා වාර්ථාවේ “සමාප්ති නිරීක්ෂණ සටහන්” යටතේ ජනතා විමුක්ති පෙරමුණ රජයට විරුද්ධව ත්‍රස්තවාදී ක්‍රියා කළ බව පැහැදිලිව සඳහන් කොට තිබේ. මේ කරුණින් ජනතා විමුක්ති පෙරමුණ රාජද්‍රෝහී ක්‍රියා කළ බව, රාජ්‍ය බලය පැහැර ගැනීමට ත්‍රස්තවාදී ක්‍රිය කළ සංවිධානයක් බව, ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව පිළිගෙන ඇත්තේ ය.
ඉතිරි කොටස…
ReplyDeleteආරියතිලක
මෙකරුණින් ආණ්ඩුක්ර්ම ව්‍යවස්ථාවේ 157අ ව්‍යවස්ථාවේ (1),(2),(3), (4),5, (6) ව්‍යවස්ථා ප්‍රකාරව, ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය ද එම පක්ෂය ප්‍රධාන දේශපාලන ධාරාව ලෙස නිත්‍යානුකූල බවින් යුතුව ක්‍රියා කරමින් ඇති ජාතික ජන බලවේගය පක්ෂය ද හා ජනතා විමුක්ති පෙරමුණට හා ජාතික ජන බලවේගයට සම්බන්ධ සියලු සංවිධාන , මෙම පක්ෂ දෙකේ ම චංචල නිශ්චල සියලු දේපොළ ද අරමුදල්, බැංකු ගිණුම්, පාර්ලිමේන්තු මන්ත්‍රීධූර, පලාත් පාලන මන්ත්‍රී ධූර,
2024 පාර්ලිමේන්තු මැතිවරණ ජාතික ජන බලවේගයේ
නාම යෝජනා පත්‍රය ද, 2025 පාලාත් පාලන මැතිවරණ නාම යෝජනා පත්‍රය (මාලිමාවේ) බල රහිත කිරීම ද, අනුර කුමාර දිසානායක වත්මන් ජනාධිපතිවරයා ජවිපෙ පක්ෂයේ හා ජාතික ජන බලවේගය පඔක්ෂ දෙකේ ම නායකයා බැවින්, 2024 ජනාධිපතිවරණයේ ජාතික ජන බලවේගය පක්ෂයේ නාම යෝජනා පත්‍රය බල රහිත කිරීමෙන් ජනාධ්පතිධූරය ද බල රහිත කළ හැක්කේ ය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වන උපලේඛණය ප්‍රකාර දිවුරුම ප්‍රකාරව බල පවත්නා වූ සියලු ධූර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 165 ව්‍යවස්ථාව, උල්ලංඝනය වීම මත (7 වන උපලේඛණය ප්‍රකාර දිවුරුම ද මෙයට අදාළ කර ගත යුතු ය.) ජනතා විමුක්ති පෙරමුණෙහි හෝ ජාතික ජන බලවේගය පක්ෂයේ හෝ සාමාජිකත්වය දරණ රාජ්‍ය නිළධාරීන්ගේ රැකියාවන් ද බල රහිත කොට රැකියාවෙන් නෙරපා හැරිය හැක්කේ ය. ඔවුන්ගේ චංචල නිශ්චල දේපොළ යම් පමණකට රජසන්තක කළ හැක්කේ ය. එපමණක් ද නොව දණ්ඩ නීති සංග්‍රහයයේ 114,115,116,117,118,119,120,121,122වගන්ති ප්‍රකාරව රාජද්‍රෝහී වරද මත ක්‍රියා කොට 1987/88/89 ජවිපෙ කැරල්ලට සම්බන්ධ වූ ජවිපෙ සාමාජිකයන්ට දඬුවම් කළ හැක. උපරිම මරණීය දණ්ඩනය ද, අවුරුදු 20 ක් දක්වා හිර දඬුවම් ද සියලු දේපොළ රාජ සංතක කිරීමට ද හැකියාව ඇත්තේ ය. අනුර කුමාර දිසානායක වත්මන් ජනාධිපතිවරයා ජවිපෙ 1987/88/89 කැරැල්ලේ සිටිය බව ඔහු විසින් ම වාචිකව කියන ලද බව අප දැක ඇත. එම කැරැල්ලට සම්බන්ධව, දැනට ජීවතුන් අතර සිටින සියලු ජවිපෙ සාමාජිකයන්ට (දැනට පක්ෂයට සම්බන්ධ කම් නැති, ජවිපෙ දෙවෙනි කැරැල්ලේ සිටි අයට ද) දණ්ඩ නීති සංග්‍රයේ ඉහත දැක්වූ වගන්ති ප්‍රකාරව නඩු පවරා දඬුවම් කළ හැක.
වත්මන් ජනාධිපතිවරයා, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානයා වශයෙන්, බටලන් ද කොමිෂන් සභා වාර්ථාව, කැබිනට් මණ්ඩලයේ පිළිගැනීමෙන් ජනාධිපතිවරයා ජවිපෙ දෙවැනි කැරැල්ලේ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව, විවාදයකින් තොරව ඔප්පු කොට හමාර ය. එය අධිකරණයේ දී ඔප්පු කිරීමේ භාරයක් නැත. බටලන්ද කොමිෂන් සභා වාර්තාවෙන් කියවෙන ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව ජනාධිපතිවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය පිළි ගැනීමෙන් ම එය ඔප්පු කොට හමාර ය. ඒ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ
157අ ව්‍යවස්ථා ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ දී හෝ අභියාචනාධිකරණයේ දී හෝ ජවිපෙ ත්‍රස්තවාදී ක්‍රියා කළ බව ඔප්පු කිරීමේ භාරය, සැකයකින් තොරව ඔප්පු කිරීමේ භාරයෙන්, ද නිදහස් ය. හෙවත් ජනාධිපතිවරයා හා ඔහුගේ අමාත්‍ය මණ්ඩලය විසින් ජවිපෙ රාජද්‍රෝහී ත්‍රස්ත සංවිධානයක් බව
ඔප්පු කොට දී ඇත.
වත්මන් ජනාධිපතිවරයා රාජද්‍රෝහී ත්‍රස්තවාදී සංවිධානයක නායකත්වය දරමින් ජනාධිපති ධූරය දරන බව මෙකරුණින් ඔප්පු කර ඇත්තේ ජනාධිපතිවරයා විසින් ම ය. ලෝකයේ ත්‍රස්තවාදී සංවිධානය නායකත්වය දරමින් ජනාධිපතිධූරක් දරණ එක ම රට ශ්‍රී ලංකාව බව ද මෙකරුණින් ඉතිහාස ගත වනවා ඇත.
ත්‍රස්තවාදී කල්ලියක විසින් හෝ ත්‍රස්ත කල්ලියක, නායකත්වය දරණ පුද්ගලයෙකු විසින් හෝ එම ත්‍රස්ත කල්ලියේ දර්ශනය අත් නො හැර, කවර කාලයකවත් සාධාරණය කරන ලද බව ලෝක ඉතිහාස ය ඔප්පු කොට නැත්තේ ය.
දණ්ඩ නීති සංග්‍රහයේ VI වන පරිච්ඡේදයෙහි සියලු වගන්ති ප්‍රකාරව නඩු පැවැරීමේ හැකියාවක් සිවිල් වැසියන්ට නැත්තේ ය. පොලීසියට කරන ලද පැමිණිල්ලක් මගින් පොලීසියට ද සෘජුව නඩු පැවරීමට හැකියාවක් නැත. එම බලය ඇත්තේ නීතිපතිවරයාට ය. නීතිපතිවරයාගේ ලිඛිත අවසරයක් තිබිය යුතු ය. දණ්ඩ නීති සංග්‍රහයේ 127 වගන්තියෙන් එම බලය නීතිපතිවරයාට පමණක් පවරා ඇත. වෙනත් කිසිවෙකුට නඩු නො පැවරිය හැක.
එම දණ්ඩනීති සංග්‍රහයේ 127 වන වගන්තිය නම්;
“127 මේ පරිච්ඡේදය යටතේ නඩු පැවරීමට නීතිපතිගේ බලය වුවමනා බව;
මෙම පරිච්ඡේදය යටතේ කිසිම නඩුවක් නීතිපති විසින් හෝ ඔහුගේ ලිපිගත බලය ඇතිව විනා, නොපැරවිය යුතු ය.”
දණ්ඩනීති සංග්‍රයේ 114, 115, 116, 117,118,119,120,121,122 යන වගන්ති ප්‍රකාරව නඩු පැවරීම කළ හැක්කේ නීතිපතිවරයාට හෝ ඔහුගේ ලිපිගත බලය මත පමණ ය.
ඉතිරි කොටස…
ReplyDeleteආරියතිලක
බටලන්ද කොමිෂන් සභා වාර්තාව ජනාධිපතිවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය පිළිගැනීමෙන් එහි සඳහන් සියල්ල ජනාධිපතිවරයා ඇතුලු ආණ්ඩුව විසින් පිළිගන්නා ලදී. එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කොට, නීතිපතිවරයා වෙත නීති කෘත්‍ය සඳහා යොමු කර තිබේ. ඒ 2025.04.29 දින ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති කාර්යාලය විසිනි. තව ම ඒ පිළිබඳව නීතිපතිවරයා විසින්, බටලන්ද කොමිෂන් සභා
වාර්තාවේ වැරදි කරුවන් ලෙස සඳහන් කොටඇති පුද්ගලයන්ට හා රාජද්‍රෝහී ත්‍රස්ත ක්‍රියා කළ බව සෘජුව චෝදනා කොට ඇති ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයට අධිකරණ කෘත්‍ය ආරම්භ කොට නැත. නීතිමය අධිකරණ ක්‍රියා ආරම්භ කර නැත. ඒ සඳහා යාථා කාලයේ නීතිපතිවරයා ක්‍රියා කරනු ඇතයි බලාපොරොත්තුව වෙමු.
ඒ සමඟ ම 157අ ව්‍යවස්ථාවේ (1)(2)(3)(4)(5)(6) අනුවගන්ති ප්‍රකාරව ජනතා විමුක්ති පෙරමුණ පක්ෂය සම්බන්ධව හා එම පක්ෂය සම්බන්ධව ගොඩ නගා ඇති සියලු පක්ෂ, සංවිධාන හා පුද්ගයන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ද අභියාචනාධිකරණයේ ද ශ්‍රී ලංකාවේ පුරවැසියන්ට පෙත්සම් මගින් නඩු ගොනු කළ හැකි වනවා ඇත. නීතිපතිවරයා විසින් බටලන්ද කොමිෂන් සභා වාර්තාව අනුව නීති කෘත්‍ය කිරීම් ප්‍රමාදයන් ඇති නම් ජනතාවට ශේෂ්ඨාධිකරණය මගින් එම ප්‍රමාදයන් වළක්වා ගැනීමට උත්සාහ කට යුත්තේ, රාජද්‍රෝහී ත්‍රස්තවාදී ක්‍රියා කළ බවට බටලන්ද කොමිෂන් වාරතාවෙන් කියා තිබෙන, එම ප්‍රකාශය ජනාධිපතිවරයා ඇතුලු කැබිනට් මණ්ඩලය විසින් පිළිගැනීමත් ඇති, ත්‍රස්තවාදී දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන දේශපාලන ධාරාව වන ජාතික ජන බලවේගය පක්ෂය, රාජ්‍ය බලය මෙහෙය වන බැවිනි.