පන්සල් යන්න කියා දන්සැල් වසා නෑ...


 න්සල් යන්න කියා ගාල්ලේ දන්සැල් වසා නොමැති බවත් යම් පුද්ගයෙකුට හෝ ඕනෑම සංවිධානයකට නියමිත අවසරය ගෙන දන්සැලක් පැවැත්වීමට කිසිදු බාධාවක් නොමැති බවත් ගාල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍යය පරීක්ෂක සංගමයේ සභාපති කසුන් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ගාල්ල, නාගොඩ සාශණාරක්ෂක බල මණ්ඩලය විසින් වෙසක්, පොසොන් හා ඇසල පුර පසලොස්වක පොහෝ දින වල දන්සැල් පැවැත්වීම මෙන්ම භූත මන්දිර, හොල්මන් ගුහා, ඔලුබක්කන් නැටවීම ආදි කරුණු කිහිපයක් තහනම් කරමින් නිවේදනයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කසුන් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

ගාල්ල දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍යය බළ ප්‍රදේශ 21 මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් 140 ක්‌ වෙසක් සතියේ පැවැත්වෙන දන්සැල් අධීක්ෂණ කටයුතු වෙනුවෙන් යොදවා ඇති බවද යම් දන්සැලක් පැවැත්වෙන්නේ නම් ලඟම ඇති ප්‍රාදේශීය මහජන සෞඛ්‍යය පරීක්ෂක කාර්යාලයේ හෝ අදාල කොට්ඨාශයේ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයා දැනුවත් කිරීමෙන් දන්සැල ලියාපදිංචි කර ගැනීමට හැකියාව ඇති බවද ඒ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

වෙසක් පෝය දිනයේ සහ ආසන්න දිනවල දකුණේ බොහෝ ප්‍රදේශවල දන්සැල් පැවැත්වීමට අදාල ලියාපදිංචි කිරීම් මෙන්ම අවශ්‍ය උපදෙස් මහජන පරීක්ෂක මහත්වරුන් විසින් දන්සල් සංවිධායක වරුන් වෙත ලබා දෙන බවද කසුන් වික්‍රමසිංහ මහතා මෙහිදී පෙන්වා දුන්නේය. රටපුරා මේ වන විට 2400 කට ආසන්න දන්සල් ප්‍රමාණයක් ලියාපදිංචි වි තිබෙන බවද ගාල්ල දිස්ත්‍රික් මහජන සෞඛ්‍යය පරීක්ෂක සංගමයේ සභාපති කසුන් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

පසුගිය මාර්තු 13 දින ගාල්ල, නාගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේදී පැවති නාගොඩ සාශණාරක්ෂක බල මණ්ඩල රැස්වීමේදී වෙසක්, පොසොන් හා ඇසල පුර පසලොස්වක පොහෝ දින වල දන්සැල් නොපැවැත්වීම, භූත මන්දිර, හොල්මන් ගුහා, ඔලුබක්කන් නැටවීම ආදී ප්‍රදර්ශණ නොපැත්වීම, උපකාරක පංති නොපැත්වීම ආදිය සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබුණි

මීට පටහැනිව කටයුතු කරන පුද්ගලයින් හා සංවිධාන සම්බන්ධයෙන් නාගොඩ හා උඩුගම පොලිස් ස්ථාන මෙන්ම නාගොඩ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කරන ලෙස දුරකතන අංක සහිතව නාගොඩ ප්‍රාදේශීය ලේකම් යදිශානී යක්දෙහිගේ සහ නාගොඩ සාශණාරක්ෂක බල මණ්ඩලයේ සභාපති යටලමත්තේ පාලිත සහ ලේඛකාධිකාරි ගම්මැද්දේගොඩ පදුමකිත්ති යන හිමිවරුන්ගේ අත්සනින් යුත් නිවේදනයක්ද නිකුත්කර තිබුණි.

ජයකාන්ත ලියනගේ

4 Comments

  1. තුන්මගුල සිහිකරන බවුද්දයාගේ උතුම්ම දවස පැල්වත්තෙන් දාපු කතෝලික ඇමතිවරයා විනාස කළා . උ https://www.christian.gov.lk/ නම් හොඳටම අනුග්‍රහය දක්වලා .

    ReplyDelete
  2. රාගම, තේවත්ත දේවස්ථානයේ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන පසුගියදා (මැයි 20) ගිහිල්ලා මොනාද කරේ . වෙසක් මුන්ට වටින්නේ නැ . මුන් මැයි මාසෙත් පල්ලි වල

    ReplyDelete
  3. ආණ්ඩුව දැන් කතෝලික වෙලා . https://www.christian.gov.lk/

    ReplyDelete
  4. තමන්ට මැයි දිනය සමරන්න ඕන හින්දා මැයි පළවෙනිදාට ආපු නියම වෙසක් පොහොය දිනය අධි පොහොය දිනයට කල් දැම්මා.එතකොට අප්‍රේල් මාසෙට පස්සේ පොහොය ලබන්නේ දවස් 60කින්.පළවෙනියෙන්ම ලබන පොහොය පොහොය ලෙසත් ඒ මසම දෙවනියට ලබන පොහොය අධි පෝය ලෙසත් තමයි සලකන්නේ. ඒ කරපු වැඩෙන් වෙන්නේ මුස්ලිම් වරුන්ගේ සත්ව ඝාතක උත්සවයක් දිනයට පොහොය දිනය වැටීම.සාමාන්‍යයෙන් පෝය දිනයක මස් කඩ තැබෑරුම් සියල්ලම වහලා.අඩුම ගානේ මාළුවත් විකුණන්නෙ නෑ.ගෙදරක බිත්තරයක් තම්බන්නෙත් නැති තරම්..නමුත් මේ ගමන උතුම් වෙසක් පොහොය දිනයේ සත්ව ඝාතන වෙන්න ඉඩ අරිනවා.ආණ්ඩුවේ උත්සාහය ආගමික ගැටුමක් ඇති කරන්න.කොහොමත් ආණ්ඩුවෙ කට්ටියට බුද්ධාගමත් එක්ක තියෙන්නේ වෛරයක්.ඒ අස්සේ ප්‍රාදේශීය සභා කිහිපයක් පන්සල් අල්ලගෙන චිරාත් කාලයක් තිස්සේ පැවතගෙන ආපු දන්සල් දීම තහනම් කරල.සෞඛ්‍ය හේතුන් මත තහනම් කිරීමට හැකියාවක් තිබුණත් පන්සල් එන්නේ නෑ කියලා දන්සැල් තහනම් කරන්න ව්‍යවස්ථාපිත බලයක් නෑ.මේක නිකන් බලහත්කාරයෙන් පන්සල් ගෙන්න ගන්නවා වගේ වැඩක්.බුදු දහම කියන්නේ හරිම නිදහස් ධර්මයක් එහි කිසි තැනක බලහත්කාරය නෑ.කොහොමත් ප්‍රධාන පොහොයවල්වලට මිනිස්සු සාමාන්‍ය පොහොයවල්වලට පන්සල් නොගියට එදාට පන්සල් යනවා.ඔය සමහර ආගම්වල තියෙනවගේ සිකුරාදට අනිවාර්යයෙන් ඉරිදට චාරිත්‍රයක් විදියට පල්ලි යන එක වගේ දෙයක් බලහත්කාරයෙන් ක්‍රියාත්මක කරන්න හදන්නේ.මේ වැඩෙන් සමහර විට දන්සැලත් නැතුව පන්සලක් නැතුව යන වැඩක් වෙන්නෙ.

    ReplyDelete
Previous Post Next Post