ගල් අඟුරු සම්බන්ධයෙන් තම පක්ෂයට එල්ල වන චෝදනා ඉදිරි මාස තුන ඇතුළත ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව මගින් නිවැරදි කරනු ඇති බව මාතර පැවැති ජාතික ජන බලවේගයේ මැයි දින රැළිය අමතමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලේකම්වරයා පැවසුවේ, ශ්‍රේෂ්ඨාධිකරණ, අභියාචනාධිකරණ සහ මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් සැදුම්ලත් පූර්ණ අධිකරණ බලය සහිත කොමිෂන් සභාවක් මගින් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවයි.
"අපිට බොරු චෝදනා කරන්න ගිය අයට තව මාස තුනකින් වාර්තාව එනකොට නඩු අහන්න සිද්ධ වෙනවා. මොකද ඒගොල්ලන්ගේ කාලයේ තමයි ඇත්තටම වංචා සිද්ධ වෙලා තියෙන්නේ," යැයි ඔහු සඳහන් කළේය.
පසුගිය කාලයේ කන්ටේනර් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා ද පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් විමර්ශනය කර ඒවා අසත්‍ය බව ඔප්පු වී ඇති බවත්, දැන් ඒ ගැන කිසිවෙකු කතා නොකරන බවත් ඔහු පෙන්වා දුන්නේය.
ගල් අඟුරු ප්‍රමිතිය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ සමහර නැව්වල ගල් අඟුරු ප්‍රමිතිය බාල වීම සාමාන්‍යයෙන් සිදු විය හැකි දෙයක් වුවත්, එහි කිසිදු මූල්‍ය වංචාවක් සිදුව නැති බවට සහතික වන බවයි.
මෑතකදී විදේශ මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් නැගුණු චෝදනා පිළිබඳව ද අදහස් දැක්වූ සිල්වා මහතා, එය නිලධාරීන් අතින් වූ අත්වැරදීමක් මිස වංචාවක් නොවන බවත්, බැංකු කටයුතුවලදී පවා එවැනි මානුෂීය වැරදි සිදුවිය හැකි බවත් ප්‍රකාශ කළේය.
තම ව්‍යාපාරය තුළ හොරුන්ට හෝ වංචාකාරයන්ට ඉඩක් නැති බව ලෙයින් සහතික විය හැකි බවත් එවැනි අයෙකුට ව්‍යාපාරයේ රැඳී සිටිය නොහැකි බවත් ඔහු අවධාරණය කළේය.
විපක්ෂය උත්සාහ කරන්නේ තමන් කළ හොරකම් වසා ගැනීමට "මාලිමා ආණ්ඩුවත්" හොරකම් කරන බව පෙන්වා දෙමින් සියලු දෙනා සමාන කිරීමට බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය

Ela Ela Ela Ela Ela Ela Ela
ReplyDeleteගල් අඟුරු ප්‍රමිතිය බාල වීම සාමාන්‍යයෙන් සිදු විය හැකි දෙයක්
Deletemenna news
ඇට ගැහිලා හිටිය ටිල්වියාගේ දැන් සයිස් එක. 😂 හොඳට හොරා කාලා. උඹලගේ ජනාධිපති පචයෙක්.
ReplyDeleteඋගේ කොමිසමේ තීන්දුව උඹ දැන්ම දෙනවා කියන්නේ ඇත්ත කියලා පේනවා.
මොකටද කොමිසමක්? ඔය තීන්දුව දීලා තියෙන්නේ. 🤑
අනේ ටිල්ලිං පප්පේ, නහින දෙහින කාලේ බොරු කියලා පව් පුරෝගන්නේ නැතුව ජීවිතේ ඉතුරු කාලෙවත් පිනක් දහමක් කරගන්න බලහං.
ReplyDeleteඕකෙන් නිදහස් වෙනව කියල හොඳටම විස්වාශනම් මොන මගුලකට හුත්තො මාස තුනක් යනකම් බලාගන ඉන්නෙ?
ReplyDeleteඒක දැම්මම කියලදාල ඔය නල්ලමලේ කොමිසම අහෝසි කරල දාපියකො.