අස්වැසුම දෙපාරක් ගෙවුනා.. ඒ අත්වැරදීමකින්..- රජය


අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ලබාදීමේදී සිදු වූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ෆ්‍රී ලෝයර්ස්
(Free Lawyers) සංවිධානය කතානායකවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කර තිබේ.

2026 අප්‍රේල් මාසයට අදාළ දීමනා ලබාදීමේදී රුපියල් ලක්ෂ 5,000 කට ආසන්න මුදලක් ප්‍රතිලාභීන් වෙත වැඩිපුර ගෙවා ඇති බව එම සංවිධානය පෙන්වා දෙයි.

ෆ්‍රී ලෝයර්ස් සංවිධානය ඉදිරිපත් කළ පැමිණිල්ලට අනුව අප්‍රේල් මාසයේ ප්‍රතිලාභ ලැබීමට නියමිතව සිටි පවුල් ලක්ෂ 17කට අධික සංඛ්‍යාවෙන් කොටසකට, අදාළ දීමනාව දෙවරක් ගෙවා ඇත.

රජය ලබාදුන් බෝනස් දීමනාවට අමතරව තවත් පිරිසකගේ ගිණුම් වෙත නියමිත අගයට වඩා වැඩි මුදලක් බැර වී තිබේ.

මෙම ගෙවීම් රජයේ පවතින මූල්‍ය පාලන ක්‍රමවේද සහ ආයතනික රෙගුලාසිවලින් බැහැරව සිදුව ඇති බවත්, එය අපරාධමය වරදක් බවත් එම සංවිධානය අවධාරණය කරයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති නිමල් කොටවලගෙදර මහතා ප්‍රකාශ කරන්නේ මෙය හදිසියේ සිදු වූ අත්වැරදීමක් බවයි.

අලුත් අවුරුද්ද වෙනුවෙන් මුලින් ගෙවූ දීමනාවට අමතරව, රජය විසින් වැඩි කළ මුදල ගෙවීමට අදාළ ලේඛන හදිසියේ සකස් කිරීමේදී මෙම දෝෂය සිදුව ඇත.

යම් පිරිසකට බැංකු කිහිපයක් හරහා දෙවරක් මුදල් යොමු වී තිබුණද, එම මුදල් නැවත බැංකු මගින් ගෙන්වාගෙන දෝෂය නිවැරදි කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ඇතුළු නියෝජිත පිරිසක් අත්සන් කළ මෙම පැමිණිල්ල මගින් රජයෙන් ඉල්ලා සිටින්නේ, අතිරික්තව ගෙවූ මුදල් නැවත අය කර ගැනීමේදී අදාළ දිළිඳු ජනතාව පීඩාවට පත් නොකර එය වාරික වශයෙන් අය කර ගන්නා ලෙසයි.

7 Comments

  1. ජනගහනයෙන් පහෙන් එකක් නිකං කනකොට රටක් දියුණු කරන්නේ කොහොමද. අනෙක් පහෙන් එකට පඩි ගෙවනවා. එදිනෙදා තමන්ගේ උත්සාහයෙන් හම්බ කරන අය ඔය හැම කෙනාටම ගෙවන්න වෙලා තියෙන්නේ.

    ReplyDelete
  2. මේ කාලකන්නි පාලක හැතිකරේ හැකරුන්ට සල්ලි දන් දෙනවා මදිවාට, පිනට ගිලින නිකමුන්ට අවරුදු බෝනස් දෙන්නත් පටන් අරන්

    තොපි මාස් පඩි වැඩ කරන එවුන්ම මිරිකලා අසීමිත බදු ගහලා , ජවුසන් නටන්න සල්ලි දෙන මිනිස්සු පවු.
    කාලකන්නි ගොන් ගව හැත්ත

    ReplyDelete
  3. ආණ්ඩුව කරන්නෙ පිස්සු උට්ටලා නිසා රටේ ධනය නිකරුනේ විනාශ වෙනවා.

    ReplyDelete
  4. ආණ්ඩුව කරන්නෙ පිස්සු උට්ටලා නිසා රටේ ධනය නිකරුනේ විනාශ වෙනවා.

    ReplyDelete
  5. මොන මගුලකට ද ඕයි සල්ලි නිකන් දෙනවා මදිවට බෝනසුත් දෙන්නෙ? හැබැයි දුප්පත් වයසක හෝ අබාධිත අයට නිකන් සල්ලි දෙන්න ඕනෙ. ළඟදිත් වාහනවලට අලුත් බදු ගැහුවේ ඔය මගුල් ගෙවන්න ද දන් නැහැ.

    ReplyDelete
  6. කමක් නෑ ගාමන්ට් කෙල්ලො කොල්ලො උඹලට කඹුරන්නම් රට ගොඩ දාන්න. උඹලා නිකන් කන එවුන්ට දෙපාර දෙපාර ගෙවපල්ලා.

    ReplyDelete
  7. චතුරංග අබේසිංහ කියන වෙස බල්ලා තමයි ලංකාවේ කොල්ලන්ට Fake අකවුන්ට් හදල රුපියල් 2,000 ගානේ ගෙවලා JVP එකේ එවුන්ගේ ගොබ්බයන් කරන ගොබ්බ වැඩ හෝදන ව්‍යාපාරය පටන්ගත්තෙ. මෙ වෙස බල්ලා හිරේ දාන්ඩ ඕනේ.

    ReplyDelete
Previous Post Next Post