දිත්ව ඝාතනයේ සැකකරු බන්ධනාගාර නිළධාරින් භාරයේ රෝහල් ගතව සිටියදී පැන යයි...


 හැටන් දික්ඔය දිත්ව ඝාතනයේ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගතව සිටියදී (27) දින අලුයම බන්ධනාගාර නිළධාරින්ට හොරෙන් පැන ගොස් ඇති බව බන්ධනාගාර නිළදාරින් විසින් තමන් වෙත දැනුම් දුන් බව හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතා පැවසීය.

සැකකරු ජූනි මස (03) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතව සිටියදි සැකකරුගේ ඇති වූයේ යැයි කියන රෝගී තත්වයක් හේතුවෙන් බන්ධනාගාර නිළධාරින් විසින් සැකකරුව (26) දින මහනුවර ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කර ඇත.

රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි සැකකරු (27) දින අලුයම රොහලේ පැන ගොස් ඇති බවත්, සැකකරු අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර නිළධාරින් සහ පොලිස් නිළධාරින් එත්ව මෙහෙයුමක්ද දියත් කර ඇත.

දිත්ව ඝාතනයේ සැකකරු බගවන්තලාව පෙට්‍රසෝ වතුයායේ සැගව සිටියදී දැඩි පරිශ්‍රමයක් දරා බගවන්තලාව සහ හැටන් පොලිසි නිළධාරින් එක්ව සැකකරු අත්අඩංගුවට ගෙන හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු ලබන මස (03) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් පීටර් පෝල් නියෝග කර තිබුණි.

සැකකරු බිරිදගේ ණය මුදලක් ගෙවීම සදහා බිරිදගේ බලපෑම මත තමන් මෙම ඝාතනය සහ සොරකම සිදු කල බවත්, තමන් එම තත්වයට පෙළඹ වූ බිරිදව බන්ධනාගාරයෙන් නිදහස්ව පැමිණ ඝාතනය කරන බවට සැකකරු හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ නිළධාරින් හමුවේ පවසා තිබුණි.

එම ත්තවය මත බගවන්තලාව පොලිසිය මගින් බිරිද පොලිසිය වෙත පැමිණෙන ලෙස (27) දින දැනුම් දී ඇත.

දිත්ව ඝාතනයේ සැකකරු සහ ඔහු විසින් සොරකම් කරන ලද ස්වර්ණාභරණ දැඩි පරිශ්‍රමයක් දරා සොයා ගත් පොලිස් නිළධාරින් එය සතුට පල කර හැටන් ජේෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතා ඉදිරියේ කේක් කපා සතුටද පල කර තිබුණි.

සැකකරු පිලිබද තොරතුරු වෙතොත් ළගම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන ලෙස බන්ධනාගාර නිළධාරින් ඉල්ලා සිටියි.

- රංජිත් රාජපක්ෂ

1 Comments

  1. කැලණියේ ඩයස්May 28, 2026 at 3:41 AM

    තව ටික දවසකින් ප්‍රවුර්තියක් එවි මේ විදියට හෝ සමාන විදියකට

    වැටලීමකදී සගවා තබා තිබුණු ආයුදයක් පෙන්නන ගොස් යුදය ගෙන වෙඩි තැබීමට උත්සහ කිරීමේදී ප්‍රතිප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා රෝහල් ගත කිරිමින් පසු ජිවිතක්ෂයට පත්විය.

    එහෙම නැතිනම් වැටලීමකින් පසු ඇත අඩංගුවට ගෙන පාරුවකින් ගගකින් එගොට වීමට සිටියදී එයින් මිදී පලායාමට තත් කර ගගට වැටී ජිවිතක්ෂයට පත්විය

    ලබාදුන් තොරරුක් පරීක්ෂණය කිරිමිට යෑමේදී පරණය නිරුද්දවූ සිරුරක් ගසක එල්ලෙමින් තිබියදී සොයාගනු ලැබිය.

    ReplyDelete
Previous Post Next Post