පොලිස්පති නමින් ඊමේල් කප්පම් ජාලයක්...


 පොලිස්පතිවරයාගේ නම ව්‍යාජ ලෙස භාවිතා කරමින් ක්‍රියාත්මක වන සයිබර් තර්ජන සහ කප්පම් ගැනීමේ විද්‍යුත් (Email) ජාලයක් සම්බන්ධව පොලිස් විශේෂ කාර්ය බලකා සයිබර් ආරක්ෂණ සහ විවෘත මූලාශ්‍ර විර්මශන ඒකකය වෙත ලද තොරතුරකට අනුව විර්මශනයක් ආරම්භ කර ඇත.

සහ ශ්‍රී ලංකා පොලිසියේ සයිබර් අපරාධ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ පොලිස්පතිවරයාගේ නම හා ව්‍යාජ අත්සනක් භාවිතා කරමින් යවන ලද කප්පම් ගැනීමේ විද්‍යුත් තැපැල් ජාලයක් පිළිබඳව මේ යටතේ කරුණු අනාවරණය වී ඇත.

මෙම ක්‍රියාකාරකම් මගින් ශ්‍රී ලංකා පොලිසියේ කීර්තිනාමයට සහ මහජන විශ්වාසයට දැඩි හානියක් සිදුවිය හැකි බවට නිරීක්ෂණය වන අතර මෙවැනි සැකකටයුතු, ර්තජනාත්මක හෝ නිලධාරීන්ගේ නම් භාවිතා කරමින් එවන ලද විද්‍යුත් තැපෑලක් (Email) සම්බන්ධයෙන්,

අනවශ්‍ය කලබලයට පත් නොවන ලෙසටත්

එම පණිවිඩවලට පිළිතුරු සැපයීමෙන් හෝ ඔවුන් ඉල්ලා සිටින මුදල් ගෙවීමෙන් වැළකී සිටින ලෙසටත්

එම ඊමේල් පණිවිඩවල ඇති සබැඳි (Links) වලට පිවිසීමෙන් වළකින ලෙසටත්

මෙවැනි අපරාධයක් සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට, ශ්‍රී ලංකා පොලිසියේ පරිඝණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත හෝ පොලිස් විශේෂ කාර්‌ය බලකාය වෙත වහාම දැනුම් දීමට කටයුතු කරන ලෙසට ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවට දන්වා සිටියි.

මහජනතාවගේ ආරක්ෂාව හා සුරක්ෂිත භාවය වෙනුවෙන්, මෙම වංචනිකයින් නීතියේ රැහැනට හසුකර ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය උපරිම අයුරින් ක්‍රියා කරන අතර, මහජනතාව ලෙස ඔබ දැඩි අවධානයෙන් සහ විමසිල්ලෙන් කටයුතු කරන ලෙසටත් ශ්‍රී ලංකා පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Previous Post Next Post