ආණ්ඩුව කියන දේවල් දැන් ආණ්ඩු පාක්ෂිකයෝවත් විශ්වාස කරන්නේ නෑ...


 ආර්ථික තත්ත්වය පිළිබඳ ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව සිදුකරන ප්‍රකාශ දැනට ආණ්ඩුවට පක්ෂපාතීව සිටින අතලොස්සක් පිරිස පවා විශ්වාස නොකරන බව සර්වජන බලය මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය ප්‍රියංකර මහගම්මුල්ලගේ පවසයි.

ආණ්ඩුව දිගින් දිගටම බොරු කීම සහ එම බොරු රට ඉදිරියේ හෙළිදරව් වීම නිසා මෙම තත්ත්වය මතුව ඇති බවත් රට නැවත 2022 තත්ත්වයට පත්වනු ඇතැයි ජනතාව බියට පත්ව ඇති බවද ඔහු පෙන්වා දෙයි.

දිගින් දිගටම පිරිහුණු රුපියල මේ දිනවල ශක්තිමත් වන්නේ ආණ්ඩුවේ විශේෂ හැකියාවක් නිසා නොව සමාජ මාධ්‍ය කටයුතු මගින් ඩොලර් උපයන තරුණ තරුණියන්ගේ ඩොලර් මිලියන 4-5ක් පමණ මේ දිනවල රටට ලැබීම සහ රටේ ඩොලර් සංචිතය වෙළඳපොළට මුදාහැරීම නිසා බවද ප්‍රියංකර මහගම්මුල්ලගේ ප්‍රකාශ කරයි.

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෙම ආණ්ඩුව බලයට පත්වීමට පෙර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ආකාරයට දැන් විදෙස් රටවල ඇති සිය පක්ෂ සමිති ඔස්සේ රටට ඩොලර් ගෙන්වා ගැනීම කළ යුතු බවද හෙතෙම සඳහන් කරයි. 

9 Comments

  1. තුහ්හ් නොදකින් මිනීමරු ගල්කටස් ජෙප්පෝ....හිරේ ඉන්න ඕන උන් රාජ්ජපාලනයේ.....වෑඩ බෑරි පච රෑල

    ReplyDelete
  2. පැල වත්තේ හුලං :)

    ReplyDelete
  3. පල්ලි කාක්කෝMay 25, 2026 at 8:30 AM

    විශ්වාස නොකලත් මේ පහරයන් වෙනුවෙන් පෙනී ඉන්නවා ක‍තෝලික, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් අන්තවාදීන්. උන් හිතාගෙන ඉන්නේ මාලිමාවේ ඉන්නේ ඇත්තම ක‍තෝලික, ක්‍රිස්තියානි සහ ඉස්ලාම් හිතවාදීන් කියලා. හැබැයි ඇත්ත තේරෙනකොට උන්ට තේරෙයි වැඩිපුරම ආගම අතෑරලා ඉන්නේ ඔය ආගම් වල උන් කියලා. විශේෂයෙන් උන්ගේ දරු පරපුර.

    ReplyDelete
    Replies
    1. අරගලේ වෙනුවෙන් කුරුසේ කරේ ගහගෙන හෙලුවෙන් පාරෙ ගියපු එකාටත් ඕක තේරිලා දැන්.

      ඒත් දැන් පරක්කු වැඩියි.

      Delete
  4. මෙයා කියන කතාව මට නම් ශුවර් නැහැ. මොකද මේ රටේ පුන්නක්කු කන 68 ලක්ශයක් හිටියා. දැන් රාජ්‍ය බලයත් තියෙන නිසා ලක්ශ 20ක් වත් පුන්නක්කු කන උන් ඉන්න ඕන.

    ReplyDelete
    Replies
    1. මෙච්චර විද්‍යාව දියුණු කාලේ, දෙයියෙක් ලෝකෙ මැව්වා කියලා විශ්වාස කරන උන් ලක්ශ 40ක් විතර ලංකාවේ ජීවත් වෙනවා.
      එහෙම බොරුවක් විශ්වාස කරන උන්ට, මාලිමා බොරු සිම්පල්.
      උන් තමයි වැඩිපුරම පුන්නක්කු කන්නේ. ඉතින් මාලිමාවට ලක්ශ 40ක අනිවාර්ය ඡන්ද පදනමක් තියෙනවා.

      Delete
  5. ආන්ඩුවට මොකටද ජනතා විශ්වාසයක්. උන් ත්‍රස්ථවාදීන්.
    උන්ට 2/3 බලයක් තියෙනවා. විධායක ජනාධිපතිකම තියෙනවා.
    උන්ගේ උන් අධිකරන විනිසුරුවො විදියට කොලඹට ගෙනාවා. අනිත් ඔක්කොම විනිසුරුවො එලෙව්වා පිට පලාත් වලට. නැත්තන් වැඩ තහනම් කරා.
    දැන් මේ රට උන්ගේ. ජනතා විශ්වාසය හෝ කැමැත්ත නැතුව තව අවුරුදු 50ක් මේ රට කරගෙන යන්න ජෙප්පොන්ට පුලුවන්.

    ReplyDelete
  6. කලින් ආණ්ඩුවල කතා විශ්වාස කරල වුන දේවල් මිනිස්සුන්ට තාම මතකයට එනව. ප්‍රශ්නය ඒකයි.

    ReplyDelete
    Replies
    1. ඒව මතකයට ආවට, ඒ ආන්ඩු වලට මූණ දෙන්න වෙච්ච ප්‍රශ්ණ ගැන මිනිස්සුන්ට තේරෙන්නෙ නැහැ.
      අන්න ඒකයි ලොකුම ප්‍රශ්නේ. මේ ආන්ඩුවට චූටි ප්‍රශ්ණයක් ආවත් අන්තෙටම කෙල වෙනවා.

      Delete
Previous Post Next Post