අඩු මිලට ඇස් කණ්ණාඩි ලබා දෙනවා කියා ජාවාරමක්..


 තලවකැලේ ප්‍රදේශයේ දෘෂ්ටි ආබාධිතයන්ට සහනදායී මිලට ඇස් කණ්ණාඩි ලබා දෙන බව පවසා එම රෝගීන්ගෙන් ඇස් කණ්නාඩි සදහා අත්තිකාරම් මුදල් ලබා ගත් සිව් දෙනෙකු කොටලප සෞඛ්‍ය වෛදව්‍ය නිළධාරිවරයා විසින් භාරයට ගෙන ඇත.

තලවකැලේ නගරයේ දෘෂ්ටි ආබාධ සායනයක් පවත්වා එම සායනයට පැමිණි රෝගීන්ගෙන් විවිධ වර්ගයේ කාච සහිත ඇස් කණ්නාඩි රෝගීන්ට පෙන්වා එම කණ්නාඩි සකස් කිරිමට අත්තිකාරම් මුදලක් ගෙවන ලෙසට එම සායනය පැවැත්වූ සිව් දෙනා විසින් රෝගීන්ට පවසා මුදල් ලබා ගෙන ඇති බවයි කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක එස්.දේවන් මහතා කියා සිටියේ.

බදුල්ල සහ වැලිමඩ ප්‍රදේශයේ පදිංචි සැකකරුවන්ට රෝගීන්ගේ ඇස් පරික්ෂා කිරිමට හෝ කාච ලබා දීමට නිසි අවසර පත්‍රයක් හෝ ඒ සදහා කිසිදු සුදුසුකමක් නොමැති බවට තහවුරු වු බවත්, එම සිව්දෙනා දෘෂ්ටි විශේෂඥ වෛද්‍යවරයෙකු යටතේ කාලයක් සේවය කර එම විශෞෂඥ වෛද්‍යවරයා සසුන්ගත වීමෙන් අනතුරුව එම සිව් දෙනා විසින් මෙම ජාවාරම සිදු කරගෙන ගොස් ඇති බවට තහවුරු වූ බවයි දේවන් මහතා කියා සිටියේ.

(24) දින පැවති සායනයේදි අත්තිකාරම් මුදල් ලබා ගත් සියලුම රෝගීන්ගේ මුදල් ආපසු ගෙවන ලෙසට කොටගල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයා එම පිරිසට උපදෙස් ලබා දී ඇත.

එම සිව් දෙනාට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවයි සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයා කියා සිටියේ.

මේවැනි ව්‍යාජ සායන කටයුතුවලට යෑමට ප්‍රථම ඒ පිලිබදව තහවුරු කරගෙන සායන කටයුතුවලට සහභාගි වන ලෙසයි ප්‍රදේශවාසීන්ගෙන් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරිවරයා ඉල්ලා සිටින්නේ.

රංජිත් රාජපක්ෂ 

2 Comments

  1. පැල වත්තේ හුලං :)

    ReplyDelete
    Replies
    1. කොටලප සෞඛ්‍ය වෛදව්‍ය නිළධාරිවරයා

      Delete
Previous Post Next Post