භාණ්ඩාගාර නිලධාරියා මිය ගියේ දකුණු අතින් වමතේ හා පාද දෙකේම බල නහර කපා ගැනීමෙන්..- මරණ පරීක්‍ෂණ වාර්තාව


 මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතාගේ සැකකටයුතු මරණය, ඔහු විසින්ම සිදුකරගන්නා ලද තුවාල හේතුවෙන් සිදුවූ සියදිවි නසාගැනීමක් බව අධිකරණ වෛද්‍යවරුන් සිව්දෙනෙකුගෙන් සමන්විත විශේෂඥ කමිටුවක් මගින් තහවුරු කර තිබේ.

මුදල් අමාත්‍යාංශයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනික ලෙස පුද්ගලයින් පිරිසක් අතට පත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි රංග රාජපක්ෂ මහතා, පසුගියදා අබිරහස් ලෙස මියගොස් සිටියදී සොයා ගැනුණි. 

ඔහුගේ සිරුරේ පාදයක සහ අතක කැපුම් තුවාල තුනක් දක්නට ලැබුණු බව පොලිසිය මීට පෙර වාර්තා කර තිබුණි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් මෙම මරණයට හේතුව සෙවීම සඳහා අධිකරණ වෛද්‍ය විශේෂඥයින් සිව්දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් පත් කරන ලදී. 

ඒ අනුව, කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ, සිරුරේ තිබූ තුවාල රංග රාජපක්ෂ මහතා විසින්ම සිදු කරගන්නා ලද ඒවා බවත්, එම තුවාල හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවත්ය.

අදාළ වාර්තාවේ දැක්වෙන්නේ එම නිලධාරියා තමන්ට හුරු දකුණු අතින් වම් අතේ සහ පාද දෙකේම බල නහර කපා ගැනීමෙන් සිදුවූ අධිකරුට්‍ර වහනය හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවය.

17 Comments

  1. I don’t think that he is capable of doing such things. This is a pure murder. Shame on this government

    ReplyDelete
  2. පරීක්ෂණ පටන් ගන්න කලින්ම කවුරුත් දැනගෙන හිටිය මේ පුතිපලේ ලැඛංන ඛලද්දිත්.

    ReplyDelete
  3. පරීක්ෂණ පටන් ගන්න කලින්ම කවුරුත් දැනගෙන හිටිය මේ පුතිපලේ ලැඛංන ඛලද්දිත්.

    Reply

    ReplyDelete
  4. පරීක්ෂණ පටන් ගන්න කලින්ම කවුරුත් දැනගෙන හිටිය මේ පුතිපලේ ලැඛංන ඛව

    ReplyDelete
  5. Seen Eka kiyanne ath dekema nahara deka porama kapagena neda , 88/89 meva tibbada ban

    ReplyDelete
  6. බොහෝ දෙනෙක් පුරෝකථනය කරන ලද ප්‍රතිපලය ලැබී ඇත.

    ReplyDelete
  7. මෙතන තියෙන භයානකම දෙ තමයි මෙතනින් සමාජයට පණිවිඩයක් යවන්න පැලවත්ත විසින් කල්පනා කර තිබීම

    සාක්කි වහන් කරන්න මිනී මරන්න තීරණය කිරීම විතරක් නෙමෙයි, එම මිනී මැරීම ඔස්සේ, සමාජය බියවැද්දීම වෙනුවෙන් සමාජයට පණිවිඩයක් යවන්නත් පැලවත්ත විසින් කල්පනා කරලා තියෙනවා

    පණිවිඩයක් කිව්වාට ඇත්තටම පණිවිඩ දෙකක්

    1. අපි ට කාව හරි මරන්න ඕනේ නම් අපි ඒ අදාළ කෙනාව මරලා මේක මිනී මැරුමක් නෙමෙයිය මේක සිය දිවි නසා ගැනීමක් ය කියලා පෙන්නලා කේස් එක සම්පූර්ණයෙන්ම යට ගහන්න අපිට පුළුවන් ය කියලා පෙන්නලා සමාජය බිය වද්දන්න කල්පනා කරලා තියෙනවා. (තාජුඩීන් ගේ මරණය මිනී මැරුමක් නෙමෙයිය රිය අනතුරක් ය කියන එකෙයි විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ ලොක්කා ගේ මරණය මිනී මැරුමක් නෙමෙයිය සිය දිවි නසා ගැනීමක් ය කියන එකෙයි කිසිම වෙනසක් නෑ.) අපි නීතියට බය නෑ - අපි ඉන්නේ නීතියට ඉහලින් ය කියන පණිවිඩය සමාජයට යවලා සමාජය බිය වද්දන්න කල්පනා කරලා තියෙනවා. (සිය දිවි නසා ගන්න කෙනෙක්, එල්ලිලා මැරෙනවා වගේ සුලබ ක්‍රමයකින් ජීවිතය නැති කර ගන්නවා මිස ඒක ඉතාම වේදනා බර එකක් කර ගන්නේ නෑ කුඩු කාරයෙක් වගේ විකෘති හැඟීම් වලට ගොදුරු වෙලා නැත්නම්. මරණ පරීක්ෂණය පැවැත්වෙන්නත් කලින් ම තමයි පොලීසිය මාධ්‍යයට කිව්වේ මේක සිය දිවි නසා ගැනීමක් ය කියලා. ඒ කියන්නේ මිනී මැරීමෙන් පසු තත්වය කල් තියාම ප්ලෑන් කරලා තිබුනු බව පැහැදිලියි. එල්ලිලා මැරිලා වගේ එකක මිස කැපුම් තුවාල සහිතව මැරිලා තියෙන කෙනෙක් සිය දිවි නසා ගෙනය කියලා කාටවත් හිතෙන්නේ නෑ. මෛත්‍රී ගුණරත්න භාණ්ඩාගරයේ ඩොලර් මගඩිය හෙළි දරව් කළ දිනය සහ ඝාතනය සිදු වූ දිනය අතර කාලයේ අදාළ පොලිස් වසමට අදාළව පොලිස් නිළධාරීන් මාරු කිරීමක් සිද්ධ වෙලා තියෙනවාද කියලා හොයලා බලන්න පුළුවන් නම් හොඳයි. ඒත් මේ රටේ තියෙන්නේ නඩු දානවා / හිරේ දානවා කියලා බය කරලා ආණ්ඩුව විසින් ප්‍රාණ ඇපයට අරන් තියෙන විපක්ෂයක් නිසා ඕවා හොයන්න කෙනෙක් නෑ.)

    2. අපි ට කාව හරි මරන්න ඕනේ නම් අපි ඒ කෙනාව මරන්නේ මේ විදියට ඉතාම බිහිසුනු, කෲර සහ වද දීමෙන් ය කියන පණිවිඩය සමාජයට යවලා ආණ්ඩුවට ප්‍රශ්නයක් වන අය බිය වද්දන්න කල්පනා කරලා තියෙනවා. ආගිරිස් ද කොස්තලා තාම පැලවත්තේ ඉන්නවා.

    මිනී මරලා හොරකම් වහගන්න සිද්ධ වෙන මට්ටමේ අර්බුදයකට පැලවත්ත පත් වෙලා තියෙනවා ය කියන එක සහ පැලවත්ත 88/89 යළි ගෙන ඒමට පසු බට වන්නේ නෑ කියන එක පැහැදිලියි.

    සමාජය බිය වද්දන්න හැදුවාට ඕවාට මිනිස්සු බය වෙන්නේ නැති බවත් මේ දිනපතා ජනප්‍රියත්වයෙන් පිරිහෙන දුර්වල ආණ්ඩුව මිනිස්සු සත පහකට ගණන් ගන්නේ නැති බවත් ඊට වඩා පැහැදිලියි.

    ReplyDelete
  8. පක්ෂය හා නායකයන් වෙනුවෙන් suicide කරගන්න සාමාජිකයන් සිටින ලංකාවේ එකම එක පක්ෂය.

    ReplyDelete
  9. ප.ලි-LTTE හැරුණු කොට.

    ReplyDelete
  10. කෙනෙක් ඇත්තට සියදිවි නසා ගන්නකොට ඒක කරන්නෙ ආයෙම ජීවිතේ බේරෙන්න ඉඩක් නොතියා.
    උදාහරණ විදියට වස පානය, බෙල්ලෙ වැල දාගැනීම, ගැඹුරු ලිඳකට, ගඟකට හෝ මුහුදට පැනීම, ඔළුව කුඩු වෙන්න වෙඩි තියා ගැනීම වගේ දේවල් තමයි කරන්නෙ.
    මේ විදියට අතපය කපාගෙන මැරෙන්න ගිහින් මැරුනේ නැතොත් ඊට පස්සෙ මුළු ජීවිත කාලයම මානසිකව විඳව විඳව ජීවත් වීමට සිදුවෙනවා විතරක් නොවෙයි රෝහල්, උසාවි, පොලිසී, මානසික රෝහල් ගානේ යන්නත් වෙනවා.
    මේ වගේ උගත් සහකාර අධ්‍යක්ෂක කෙනෙක් මේ වගේ මරණය ෂුවර් නැති ක්‍රමයක් සියදිවි නසා ගැනීමට තෝරා ගනීවිද?

    ඒ වගේම මේ වගේ චෝදනාවකට අහුවීම නිසා, තමන්ගේ පවුලේ සාමාජිකයන් සිදුවන අපහසුතා වලින් ගලවා ගැනීම උදෙසා සියදිවි නසා ගන්නේ නම්, ඔහු තමන් විසින් සියදිවි නසා ගන්නා බවත් ඊට හේතුවූ කාරණාත් සඳහන් ළිපි එකක් දෙකක් නොව කිහිපයක්ම විවිධ පුද්ගලයන්ට ලියා තබනවා. විශේෂයෙන් දරුවන්ගෙන් සහ බිරිඳගෙන් සමාව ඉල්ලා සිටිනවා සිය දිවි නසා ගැනීමට ගත් තීරණය සම්බන්ධව. ඔවුන්ට ඇති ආදරය හඬාවැටෙමින් පවසනවා.
    තමන් ඇත්තටම වරදක් කරලා ඉන් ගැලවීමට සියදිවි නසා ගත්තත්, තමන්ගේ සියදිවි නසා ගැනීම පවුලේ අය කල මිනීමැරුමක් ලෙස එල්ල විය හැකි අභූත චෝදනා වලින් දරුවන්ප, බිරිඳ ඇතුළු පවුලේඅය ගලවා ගැනීම උදෙසා තමන් සියදිවි නසා ගැනීමේ සම්පුර්ණ වගකීම භාරගෙන වචන කිහිපයක් හෝ ලියා තබනවා.

    උගත් සහකාර අධ්‍යක්ෂක වරයෙකුගේ අරුම පුදුම සියදිවි නසා ගැනීමක්.

    ReplyDelete
  11. That fellow had severe depressive features according to his wife & children.This is the problem, no matter if you are what a giant, you should have capability to cope up stress.Social media promotes those events more and more.

    ReplyDelete
  12. මිනීමරුවෙක් සහකාර අධ්‍යක්ෂක වරයාගේ වමතේ හා පාද දෙකේ බල නහර කපා දමල මැරුව වෙන්න බැරිද?

    ReplyDelete
  13. Murder ...not Suicide...

    ReplyDelete
  14. ඔන්න JVP කාඩරයන්ට අත්වෙන ඉරණම.
    JVP නායකයන්ට සුඛෝපබෝගී ජීවන රටාවන් ලබාදීම උදෙසා පහළ කාඩරයන්ට ඔවුන්ගේ දුක්ඛිත ජීවිත බිළිදීමට සිදුවීම.
    පව්. අහිංසකයට නිවන් සුව ලැබේවා!

    ReplyDelete
    Replies
    1. JVP කාඩරයෙක් උනත් ඔහු අවංක නිලධාරියෙක් නිසානේ පැමිණිල්ල උනත් කරන්න ඉදිරිපත් වෙලා තියෙන්නෙ.
      පක්ෂය ඔහු වෙනුවෙන් පෙනී සිටියත් නොසිටියත් ඔහු නිර්දෝෂී නම් උසාවියට කරුණු කියනවා මිස සියදිවි නසාගන්න හේතුවක් ඇත්තෙම නැහැනේ.
      Scam එකට සම්බන්ධයි කියල හිතුවත් කණ්ඩායමක් එකතු වෙලා වංචාව කරන නිසා හොරුටික ඔක්කොම එකතු වෙලා ගැලවෙන්න උපරිම උත්සාහ දරනවා මිසක මෙයා තනියම සියදිවි නසා ගන්නෙ මොකටද?
      මියගිය නිලධාරියාට ලොකු අසාධාරණයක් සිදුවෙන හැඩයි.

      Delete
  15. Keheliyage naduwe sakshi karayekuth siyadivi hani karagaththa neda.a siddiya kiyala srilankan eke kapila chadrasenawath baya kala kiyala ohu diurum prakshayakuth idiripath kalaa.nandana gunathilaka marenna kalin eli kala siyadivi nasagamimak,kama walata visha damimak,riya anathurak ho sarpayek dashta kirima wage krama walin ohuwa maranna salasum karala thiyena bawa.dan me dolar million 2.5 eka.me dewala ekakata ekaka galapala baladdi saha maranaya wela thiyena vidiya baladdi meka siyadivi haani karaganimak kiyala penvimata uthsaha kirima harima vihilu sahagathai neda..

    ReplyDelete
  16. මේ සහකාර අධ්‍යක්ෂක වත්ත සුද්ධ කිරීමට වත්තට එනකල් කෙසෙල් ගස් අස්සෙ හැංගිලා ඉඳල ඔහුගේම පිහිය උදුරාගෙන බලනහර කපල මරන්නත් ඉඩ තියෙනවනේද?
    සියළු සැක කටයුතු අංශ සළකා නොබලා එක සැරේටම මෙය සියදිවි නසා ගැනීමක් කියල පොලීසිය කිව්වම විශ්වාස කරන මැට්ටොත් ඉන්නවා.

    ReplyDelete
Previous Post Next Post