අස්වැසුම දෙවරක් ගෙවුවෙ නෑ.. වැරදීමකින් දෙවරක් අප්ලෝඩ් වුනා.. රජයට පාඩුවක් නෑ..- මුදල් අමාත්‍යංශය


 අස්වැසුම ප්‍රතිලාභීන්ට අප්‍රේල් මාසයේදී ද්විත්ව ගෙවීම් සිදු වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර අසත්‍ය බවත්, සිදුවූ තාක්ෂණික දෝෂයක් මත අතිරික්තව බැර වූ මුදල් නැවත අය කර ගැනීමට කටයුතු කර ඇති බවත් සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින එම මණ්ඩලය ඊයේ (07) නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ සිංහල හා දමිළ අලුත් අවුරුද්දට පෙර ප්‍රතිලාභ ගෙවීමට ගත් කඩිනම් පියවර නිසාය.

පද්ධතිය තුළ මසකට දෙවරක් ගෙවීම් කිරීමේ පහසුකම් නොමැති වීම නිසා, පද්ධතියෙන් බැහැරව (Slip file format) ගෙවීම් කිරීමට යාමේදී ප්‍රතිලාභීන් පිරිසකගේ ගිණුම්වලට අතිරික්ත ගෙවීම් බැර වී ඇත.

දෝෂය හඳුනාගත් වහාම ක්‍රියාත්මක වූ මණ්ඩලය, අදාළ බැංකු වෙත දන්වා අතිරික්ත මුදල් රජයේ ගිණුමට හරවා ගැනීමට පියවර ගෙන තිබේ.

 අතිරික්ත මුදල් බැර වූ ප්‍රතිලාභීන් අතරින් 49,759 දෙනෙකු මේ වන විටත් මුදල් ලබාගෙන ඇති බැවින්, ඔවුන්ගේ එම මුදල් (රුපියල් 248,795,000.00) 2026 මැයි මාසයේ ගෙවීමට නියමිත දීමනාවෙන් අය කර ගැනීමට සැලසුම් කර ඇත.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය අවධාරණය කරන්නේ මෙම ක්‍රියාවලිය හේතුවෙන් රජයට කිසිදු මූල්‍ය පාඩුවක් හෝ මූල්‍ය අක්‍රමිකතාවක් සිදු වී නොමැති බවයි. ඇතැම් පිරිස් පටු දේශපාලන අරමුණු වෙනුවෙන් අසත්‍ය තොරතුරු සමාජගත කරන බවත්, ජනතාව ඒ පිළිබඳව නොමග නොවිය යුතු බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.




6 Comments

  1. ඔක නම් ayakaragani. පිටරටවල ට බැර වෙච්ච ඒවා?

    ReplyDelete
  2. වැඩ බැරි ටාසන්ස් .මුන් දැන් හොරකමට වෙන වෙන නම් පාවිච්චි කරනවා.

    ReplyDelete
  3. අස්වැසුමලාභීන් හැමෝටම ගෙවන්නේ නැතුව, ජෙප්පන්ට කඩේ ගිය එවුන්ට විතරක් දෙපාරක් ගෙවුනේ කොහොමද කියපල්ලා

    ReplyDelete
  4. මුන්ගේ හොරකම් වංචා දූෂණ මගෝඩි වැඩ ඔක්කොම චාටර් උනහම කිතුලට නැග්ග එකාට වගේ මොකක් හරි කතාවක් කියන්න තියෙනවා

    ReplyDelete
  5. NEW JEPI THEORY - double payment :: bounce upload ( api wanniye ne ban ) / pay to wrong account :: ath waradeem ( waradata samawa api Buddhist ne )

    ReplyDelete
  6. Just uploading a slip you can't do the slip transaction. Auhorised letter is required to do any transaction with slip upload.This is bullshit. Unfortunately no one cares public funds.

    ReplyDelete
Previous Post Next Post