පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හමුවේ පැය පහකට අධික කාලයක් ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වීය.
පසුගිය අප්‍රේල් 21 වනදා මහනුවරදී ඔහු විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඔහුව මෙලෙස කැඳවා තිබුණි.
එහිදී ඒ මහතා ප්‍රකාශ කළේ, 2017 නොවැම්බර් සිට 2019 දක්වා කාලය තුළ රඹෑව, මැදවච්චිය ඇතුළු ස්ථාන 17ක පුහුණු කඳවුරු පවත්වා ඇති බවත්, ඒවායේ 339ත් 406ත් අතර පිරිසක් පුහුණුව ලබා ඇති බවත්ය.
මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස හෝ වෙඩික්කරුවන් ලෙස පුහුණු වූ මෙම පිරිස 300 ඉක්මවන බවට තමන් කළ ප්‍රකාශය පොලිස් පොත්වල ඇති සාක්ෂි මතම පදනම් වූවක් බව ඔහු එහිදී අවධාරණය කළේය.
දළදා පෙරහැරට එල්ල වීමට තිබූ ප්‍රහාරක සැලසුම පිළිබඳවද ගම්මන්පිල මහතා මෙහිදී කරුණු අනාවරණය කළේය.
එෆ්.බී.අයි (FBI) දිවුරුම් ප්‍රකාශ සහ සාක්ෂි උපුටා දක්වමින් ඔහු පැවසුවේ, සහරාන් ඇතුළු පිරිස පියවර දෙකකින් යුත් ප්‍රහාරයක් සැලසුම් කර තිබූ බවයි.
පළමු පියවර ලෙස මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදාගෙන විශාල පිරිසකට තුවාල සිදු කිරීමත්, පසුව එම තුවාලකරුවන් රෝහල් වෙත රැගෙන යන අතරතුර මෝටර් සයිකල් සහ වෑන් බෝම්බ මගින් ප්‍රහාර එල්ල කර ඔවුන් ඝාතනය කිරීමත් එම සැලසුම වී තිබූ බව ඔහු හෙළි කළේය.
මෙම පුහුණුව ලැබූ අන්තවාදීන් පුනරුත්ථාපනය කිරීමට වත්මන් හෝ පැවති රජයන් කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නොමැති බවට ඒ මහතා චෝදනා කළේය.
"අපේ පස්සේ දුවන එක නතර කරලා මේ අන්තවාදීන් සහ ත්‍රස්තවාදීන් පස්සේ දුවන්න ආණ්ඩුවට චේතනාව පහළ වේවා" යැයි පැවසූ ගම්මන්පිල මහතා, මෙම අවදානම හඳුනාගෙන ඔවුන් වහාම පුනරුත්ථාපනය කළ යුතු බව අවධාරණය කළේය.
අවසාන වශයෙන් ඔහු කියා සිටියේ රටේ වගකිවයුතු පුරවැසියෙකු ලෙස ත්‍රස්තවාදය මර්දනය කිරීමට පොලිසියට සහාය දීමට තමන් ඕනෑම මොහොතක සූදානම් බවයි.
ප්‍රශ්න කිරීම් හමුවේ තමන් කිසිසේත් බියට පත් නොවන බවත්, තම යුතුකම අඛණ්ඩව ඉටු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

මේක අහල කොන කපපු එව්න් භූමිතෙල් ගෑවුන ගැරඬිවගේ දඟලයි.
ReplyDeleteකොන කපපු එවුන්ට වඩා දඟලන්න ගන්නේ මොළේ කොන කපපු මාලිමා ඩෝබිලා...
Deleteකොන කපපු එවුන්ට වඩා දඟලන්න ගන්නේ මොළේ කොන කපපු මාලිමා ඩෝබිලා...
Deleteඑකඟයි මාලිමාවෙ එවුන්ගෙ කොන විතරක් නෙමේ ලැජ්ජා නහරෙත් කපල.
Deleteමේකෙ වැදගත්ම කෑල්ල ගම්මන්පිල මහත්තයගෙ කටිං නිකංම පනිනවා. අනේ අපේ පස්සේ දුවන එක නතර කරලා වෙන වැඩක් බලා ගන්න.... අසරණ වෙලා සෑහෙන්න.
ReplyDeleteපොලිස් පොතේ ලියල තියෙන එව්ව කියන්න ද මෙයා මේ උඩ පැනගෙන ගිහිං තියෙන්නෙ. ඕවට තමයි කියන්නෙ සද්ද තිබ්බට බෙට්ට නෑ කියන්නෙ.
පොහොට්ටු කාක්කො, මයිනො, කොටළුවෝ, ගූ කන බණ්ඩාර ල ඔක්කොම එකයි. පොයි දෙයියො.
කෙඳිරි ගානවා නේ අල්ලනකොට
Deleteසද්ද තිබ්බට බෙට්ට නෑ. පට්ට කතාව සහෝ.
Deleteඔව් මුන්ගේ පඩ ගඳ විතරයි, කට ඇරියොත්.