වාහන මිල තව ඉහල යනවා..- මහ බැංකු අධිපති


 ඉදිරි කාලසීමාව තුළ වාහන මිලෙහි යම් ඉහළ යාමක් සිදුවිය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතයන් සම්බන්ධයෙන් දැනුම් දීම සඳහා අද පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.

පනවා ඇති නව බදු හේතුවෙන් වෙළඳපොළ තුළ වාහන මිල කෘතිම ලෙස ඉහළ යා හැකි බව අධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙලෙස ඉහළ ගිය මිල ගණන් යටතේ වාහන මිලදී ගැනීම සඳහා බැංකු ණය ලබාගන්නා පුද්ගලයන්, ඉදිරියේදී අනවශ්‍ය ණය බරකට ලක්වීමේ දැඩි අවදානමක් පවතින බව ඔහු අවධාරණය කළේය.

මෙම තත්ත්වය ණය ලබාගන්නා පුද්ගලයාට මෙන්ම බැංකු පද්ධතියට ද බලපාන බවත්, විශේෂයෙන් වාහන සඳහා ලබාදෙන ණය ආපසු ගෙවීමට නොහැකි වීමෙන් බැංකුවල අක්‍රීය ණය ප්‍රමාණය ඉහළ යා හැකි බවත් අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එම අවදානම කළමනාකරණය කිරීම සඳහා මහ බැංකුව විසින් විශේෂ මූල්‍ය පියවර ගෙන ඇති බව හෙළි කළ අධිපතිවරයා, වාහන සඳහා වන ණය අවදානම් අනුපාතය 150 දක්වා සංශෝධනය කර ඇති බව පැවසීය. රත්රන් සහ වාහන වැනි වත්කම්වල මිල අධික ලෙස උච්චාවචනය වන බැවින්, මිල වැඩි කාලයකදී ලබාගන්නා ණය, මිල අඩු වූ විට ගෙවා ගැනීමට නොහැකි වීම වැළැක්වීම මෙම පියවරේ අරමුණයි.

විදේශ විනිමය වෙළඳපොළ පාලනය කිරීමට වඩා, ණය ලබාගන්නා පුද්ගලයා සහ බැංකු පද්ධතිය යන දෙපාර්ශවයේම මූල්‍ය ස්ථාවරත්වය සහ ආරක්ෂාව තහවුරු කිරීම මෙම තීරණවල මූලික පරමාර්ථය බව අධිපති නන්දලාල් වීරසිංහ මහතා කියා සිටියේය

13 Comments

  1. oka karanna xx inna oneda,


    Better to tell coal energy lost, Purchasing fuel for world highest spot price , millions lost due to hackers

    we compensate lost by vehicle prices.

    Be shame you cannot even let your country men to buy a vehicle 3 times as at japan. Make it 4 times now

    ReplyDelete
  2. විශාල මහජන මුදලක් වියදම් කරලා .. මේවගේ වැඩකට නැති සෙන්ට්‍රල් බෑන්ක් එකක් නඩත්තු කරලා තේරුමක් නෑ ,,, මේ කුණුගොඩට අති විශාල මුදලක් නිකරුනේ නාස්ති කරනවා .. මේ නන්දලාල් විශාල මුදල් ප්‍රමාණයක් හම්බ කරගත්ත කෙනෙක් සහ ඒවායෙන් ගොඩාක් පාක් කරලා තියෙන්නේ ලංකාවෙන් පිට. මුන්ට ලංකාවේ බැංකු ගැන කිසිම විශ්වාශයක් නැති නිසයි එහම කරන්නේ ..

    ReplyDelete
    Replies
    1. FAKE NEWS TITLE - මහ බැංකු අධිපති NEVER SAID LIKE THIS
      PLEASE ARREST LANKACNEWS OWNER

      Delete
    2. walan sani FYA please

      Delete
  3. Dissolve this fu...ng big bank

    ReplyDelete
  4. What would you expect from a governer who says that the vehicle import has become a income source for a country. The duo have taken the massess as asses.

    ReplyDelete
  5. නන්දලාල් පකයා බෝනගේන් පාහරයෙක්. රට පරදේසක්කාරයන්ට විකුණනවා

    ReplyDelete
  6. Tel the truth man how much % your increased the EPF % for CB employees


    ReplyDelete
  7. පාහර බල්ලා 😡🤮 තෝ අපේ රටෙන් මකබෑවිලා පල හිටපු ඕස්ට්‍රේලියාවටම. හොර තක්කඩියා 😡🤮 තොගේ ඊලඟ නවාතැන් පොළ නිරයයි, තෝ අපේ රටට, ජනතාවට කරපු, කරන පාහර වැඩ වල කර්ම විපාක විදියට. තෝපේ පවුලේ පරම්පරා ගානකටත් ඒවායේ විපාක විඳින්නට සිදුවේවි 😡

    ReplyDelete
  8. FAKE NEWS TITLE- මහ බැංකු අධිපති NEVER SAID LIKE THIS
    PLEASE ARREST LANKACNEWS OWNER

    ReplyDelete
  9. istil vitz pric not 12 laks. vitz pric lo nav. vahana pric go up and up till vitz pric reech 12 lak. doktar nande is gud man, man of the mach.

    ReplyDelete
  10. landa - naal gotage minihek, satha pahakata viswasa karanna epa.

    ReplyDelete
  11. 'මහ බැංකුවේ ආර් ථික ඝාතකයා,...May 27, 2026 at 1:37 AM

    ඩොලරය කඩා වැටුනා වූ මොහොතේ කූඨ වංචනීක න්‍යායන් ඉදිරිපත්කරමින් අකරමන්‍ය ලෙස සිටිනාලද ''මහ බැංකුවේ ආර් ථික ඝාතකයා" ඩොලරයට සාපේකෂව රැපියල ශක්තිමත් වන මොහොතේ , පන අදිනා ආර් ථිකය කෙසේ හෝ මරා දැමීමට පොලී අනුපාත ඉහල දැමීම අංගසම්පූර් ණ ආර් ථික ඝාථක කුමන්ත්‍රණයක් බව සබුද්ධික සැමගේ දැඩි අවධානයට,.!

    ReplyDelete
Previous Post Next Post