ඉන්ධන අවුල පිටාර ගලයි... නිවසේ සිට වැඩ යලි අරඹයි...


 ශ්‍රී ලංකා රුපියලේ අගය පහත වැටීම සහ ආනයන වියදම් ශීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් මතුව ඇති ආර්ථික අවදානම අවම කිරීමේ පියවරක් ලෙස, කොවිඩ් වසංගත සමයේ ක්‍රියාත්මක වූ පරිදි රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා යළිත් ‘නිවසේ සිට වැඩ කිරීමේ’ (Work From Home) ක්‍රමවේදය හඳුන්වා දීමට රජයේ අවධානය යොමුව ඇති බව උසස් රාජ්‍ය නිලධාරියෙක් .උපුටමින් ඩේලි මිරර් පුවත්පත වාර්තා කර ඇත.

නිලධාරියා සඳහන් කර ඇත්තේ, අදාළ සැලසුම අද හෝ හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි. පවතින තත්ත්වය හමුවේ ඉන්ධන, විශේෂයෙන්ම ඩීසල් පරිභෝජනය සීමා කර ගැනීම රජයේ හදිසි අවශ්‍යතාවක් වී ඇති බව ද ඔහු පැවසීය.

දැනට ශ්‍රී ලංකාවේ අපනයන ආදායමට වඩා ආනයන වියදම් විශාල ලෙස ඉහළ ගොස් ඇත. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වසරේ පළමු මාස ​​හතර තුළ පමණක් ඉන්ධන ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 1 කට වඩා වැය කර ඇත.

මීට අමතරව, පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී රජය විසින් වාහන ආනයන සීමාවන් ලිහිල් කිරීමෙන් පසුව, වාහන ආනයනය සඳහා පමණක් ඩොලර් බිලියන 2 කට ආසන්න මුදලක් වැය කර ඇති බව ද වාර්තා වේ.

මේ අතර, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා සඳහන් කළේ, අප්‍රේල් මාසයේදී ආනයනය කරන ලද ඉන්ධන වෙනුවෙන් තම ආයතනය ඇමෙරිකානු ඩොලර් මිලියන 522 ක මුදලක් පියවීමට ඇති බවයි.

"අපි මේ වන විට එම ගෙවීම් කිරීමට උත්සාහ කරමින් සිටිනවා. සාමාන්‍යයෙන් අපේ මාසික ඉන්ධන වියදම ඩොලර් මිලියන 100-110 ක් පමණ වුවත්, මේ වන විට එය ඩොලර් මිලියන 500 ඉක්මවා ගොස් තිබෙනවා," යැයි සභාපතිවරයා පැවසීය.

කෙසේ වෙතත්, දැනට මෙරට තෙල් සැපයුම ස්ථාවර මට්ටමක පවතින බවත්, ප්‍රධානතම ගැටලුව ලෝක වෙළෙඳපොළේ පවතින අධික මිල ගණන් බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

15 Comments

  1. ඔක්කොටම වැඩිය හොදයි ආණ්ඩුවේ පාපිසි ටික නිවසට ගියානම් දන්න කෙනෙක්ට කරන්න දීලා.

    ReplyDelete
    Replies
    1. hitapu ewun karalane thibune hodata. ane nikan palyan.

      Delete
    2. Rate prashna gana awabodyak nathi burwek...

      Delete
    3. කජු සීයාට තමයි ආයෙත් මේක ගොඩ දාන්න වෙන්නෙ.

      Delete
  2. ඒක තමයි මෝඩ පකයිනේ කිවේ. තොපිට මේ මගුල තේරුම් ගන්න බැරි මරි මෝඩ හැත්‍තක් නං මේක ළමයෙකුට දීල පලයව්.

    ReplyDelete
  3. බලය තියෙන එකා ඉස්සරහ රෙද්ද උස්සන කුරුඳුවත්තේ ගෑනු සෙට් එකක් ආණ්ඩුව කරනවා .... ජීවිත කාලෙම බොරු කියලා ඇරියස් කවර් කරගන්න ආපු හිඟන කලකන්නියෝ සෙට් එකක් සිරස වගේ කුපාඩි නාලිකා අල්ලාගෙන බොරු කියමින් නායකයෝ වගේ ඉන්නවා .... නන්දලාල් වගේ තක්කඩියෝ හොඳටම හම්බ කරගන්නවා ... නානගේ පුතා අරවින්ද කිව්වා හරි .. මේවා හුන්ඩු

    ReplyDelete
    Replies
    1. නානගෙ පුතා අරවින්ද 😂😂😂😂😂😂

      Delete
  4. රටේ පවතින තත්ත්වය,ලෝක තත්ත්වය, වසංගත, කාළගුණ ආපදා මෙවා යහපත් නම්, ඕනෑම කෙනෙකුට හොඳින් ආණ්ඩුවක් කිරීමට හැකියාව ඇත.මෙවා අයහපත් නම් ඒවාට හොඳින් මුහුණ දිය යුතුය. කාගේ ආණ්ඩුවකට වුවත් මෙය පොදුය. එක එක හේතු dakwa නාහෙත් අහන්නේ වඩා බැරි ගමරාළ la ය.

    ReplyDelete
  5. සෝලා පුලුවන් තරම් ගහන්න.
    විදුලි වාහන වලට යන්න.
    නිකන් ලැබෙන හිරු එලියෙන් බල ශක්තිය නිපදවා ගබඩා කරන්න.
    එතකොට තෙල් වියදම ඉතා අඩුකර ගන්න පුලුවන්

    ReplyDelete
    Replies
    1. ආන්ඩුව ඒකට උදව් කරන්න ඕන. අඩු ගානේ සෝලා සිස්ටම් වලට ආනයනික බදු හරි අඩු කරලා දෙන්න ඕන.
      ආන්ඩුවට ඕවා කරන්න පුලුවන් වෙලවක් නෙමේ දැන්. ආපු ගමන්ම සෝලර් ගහල තිබ්බ නම් මේ වෙනකොට ගොඩේ ගොඩ. දැන් ඉතින් සොරිම තමයි.

      Delete
    2. සොල බැටරි වලට සහ ඉන්වටර් වලට ඇති බදු මුළුමනින්ම ඉවත් කරන්න මිනිස්සු ඉතිරි ටික කර ගනී

      Delete
  6. ලෝක ඉතිහාසයේ වැඩිම මිලට තෙල් ගත්තහම තෙල් බිල පස් ගුණයකින් වැඩි නොවුනානම් තමයි පුදුමේ.

    ReplyDelete
  7. What happens here is that they will get vehcile allowance and fuel allowance during these days. In order to stop this, they need to issue another circular and that will be implemented in another 3 months. I have tons of experiance in pathetic government service.

    ReplyDelete
  8. KOMATH MUN SET EKAMA LAGADIMA AKD +159 DENAMA KUDALAGENA AWITH GALLEFACE EKATA GATA GAHALA MUNGE KATAWAL ARALA MUNTA CHANDE DAMMA MINISSUNTA ENDAKIYALA UNDGE KATAWAL WALATA RENDA KIYANDA ONE ECHCHARAI

    ReplyDelete
  9. Methak kal rata palanaya kare awata giyata. Prathipaththiyak gena ahalawath thiyanawada. Bale inna ayata rata naya barin nidadahas karagannta uwamanawak thiyanawanam prathipaththi ramuwak, ilakkayak, jathiya pelagasmak uwamanai. Ehema ekak ape rate thiyanawada?

    ReplyDelete
Previous Post Next Post