අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කෘතිම බුද්ධිය (AI) මගින් නිර්මාණය කරන ලද අමුතු ආකාරයේ ඡායාරූප පෙළක් සිය 'Truth Social' සමාජ මාධ්‍ය ගිණුමේ පළ කර තිබේ.
මෙහි වඩාත් කැපී පෙනෙන ඡායාරූපය වන්නේ දම්වැල් දමා අත්අඩංගුවට ගත් පිටසක්වල ජීවියෙකු අසල ට්‍රම්ප් සිටින ආකාරය නිරූපණය වන දර්ශනයයි.
මෙම ඡායාරූපයේ දැක්වෙන පිටසක්වල ජීවියා උස, අළු පැහැති සමක් ඇති, විශාල කළු ඇස් සහිත අයෙකු ලෙස නිරූපණය කර ඇති අතර ඔහු වටා රහස් ඔත්තු සේවා නිලධාරීන් සහ අමෙරිකානු සෙබළෙකු සිටිනු දක්නට ලැබේ.
එමෙන්ම ට්‍රම්ප් අභ්‍යවකාශ මධ්‍යස්ථානයක පාලක පුවරුවක් අසල සිටින ආකාරය දැක්වෙන තවත් ඡායාරූප කිහිපයක් ද පළ කර ඇති අතර, ඒ සියල්ල "Space Force" ලෙස නම් කර ඇත.
එක් ඡායාරූපයක ට්‍රම්ප් තමන් වටා සිටින නිලධාරීන්ට වඩා කිහිප ගුණයක් විශාලව නිරූපණය කර තිබීම විශේෂත්වයකි.
මෙම ඡායාරූප පළවන්නේ අමෙරිකානු රජය විසින් හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) පිළිබඳ රහසිගත ලිපිගොනු සහ ඡායාරූප ප්‍රසිද්ධියට පත් කර සතියකට පමණ පසුවය.
2025 වසරේ නැවත බලයට පත්වීමෙන් පසු ට්‍රම්ප් විසින් "Golden Dome" නමින් දැවැන්ත ආරක්ෂක වැඩසටහනක් යෝජනා කර ඇති අතර, ඒ සඳහා ඉදිරි වසර 20 තුළ ඩොලර් ට්‍රිලියනයකට වඩා වැඩි ආයෝජනයක් අවශ්‍ය වනු ඇතැයි ගණන් බලා ඇත.
මෙම වැඩසටහන මගින් අමෙරිකාවේ ගොඩබිම සහ අභ්‍යවකාශය පදනම් කරගත් මිසයිල ආරක්ෂණ පද්ධති ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ.
රුසියාව සහ චීනය වැනි රටවල් සතු hypersonic මිසයිල තාක්ෂණය හමුවේ අමෙරිකාවේ ආරක්ෂක පද්ධතිය මේ වන විට සීමිත මට්ටමක පවතින බවත්, මෙවැනි ආරක්ෂක වැඩසටහන් කඩිනමින් අවශ්‍ය බවත් පෙන්ටගන නිලධාරීන් පෙන්වා දී ඇත.

ReplyDeleteඇලි ජාන බටහිර කිරිපණු, සුදු ජාතික මස්වැදි, පිටසක්වල කොකු පණුවන්ගේ, ''කලු වහලා" බරක් ඔබාමා දංවැල් දමා ට්‍රම්පේ සමග ආපු අතක්බලා පිටසක්වලට පිටමංවන මොහොත උදාවීමේ පෙර නිමිති,.