නොරොච්චෝල බලාගාරය වෙත රැගෙන ආ, සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතු මට්ටමේ පවතින බාල ප්‍රමිතියෙන් යුත් ගල් අඟුරු නැවක තොග බලහත්කාරයෙන් ගොඩබෑමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇතැයි ‘ෆ්‍රී ලෝයස්’ (Free Lawyers) සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් චෝදනා කර සිටියි.
එම සංවිධානය පෙන්වා දෙන්නේ ටෙන්ඩර් කොන්දේසි උල්ලංඝනය කරමින් සිදු කෙරෙන මෙම ක්‍රියාවලිය, ගල් අඟුරු වංචාවක් සේම බලහත්කාරී මංකොල්ලයක් බවයි.
Taranjot Resource (Pvt) Ltd සමාගම විසින් සපයනු ලබන, මෙට්‍රික් ටොන් 59,766.000 ක ගල් අඟුරු ධාරිතාවක් සහිත ‘MV JOSCO YONGZHOU’ නමැති මෙම නෞකාව මැයි මස 28 වැනිදා දහවල් 11.30 ට පමණ පුත්තලම නැංගුරම් පොළට පැමිණ තිබේ. එදිනම සවස 3.30 ට බලධාරීන්ගේ පරීක්ෂාවට ලක් වූ මෙම නෞකාවට, පරීක්ෂාවෙන් විනාඩි 30 ක් වැනි කෙටි කාලයක් ඇතුළත (සවස 4.00 ට) ගොඩබෑමේ අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව 2026 මැයි 29 වන දින පෙ.ව. 9.00 ට නැවට ඇතුළු වූ කණ්ඩායම් හතරක් විසින් පෙ.ව. 10.30 වන විට එහි ගොඩබෑම් කටයුතු ආරම්භ කර තිබේ.
Bureau Veritas Solutions South Africa (Pvt) Ltd ආයතනය විසින් 2026 අප්‍රේල් 30 දින ලංකා ගල්අඟුරු සමාගම වෙත යොමු කරන ලද පැටවුම් වරාය වාර්තාවේ (Load Port Report) දත්ත අනුවම, මෙය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ යුතු මට්ටමේ පවතින ‘ගල් අළු’ නැවක් බව තහවුරු වන බව එම සංවිධානය පවසයි.
ලංකා ගල්අඟුරු සමාගමේ ටෙන්ඩර් ලියවිල්ලේ 5.2 කොටසට අනුව, ගල් අඟුරුවල අඩංගු විය හැකි උපරිම අළු ප්‍රතිශතය ඒකක 16 ක් විය යුතුය. එහෙත් මේ වන විට ගොඩබාමින් පවතින ගල් අඟුරුවල අළු ප්‍රතිශතය ඒකක 16.8 ක් ලෙස සටහන්ව ඇත.
පැටවුම් වරාය වාර්තාවට අනුව ගොඩබෑමවත් සිදු නොකළ යුතු මට්ටමට ප්‍රමිතියෙන් බාල වූ පළමු සහ එකම ගල් අඟුරු නැව මෙය බව ද දූෂණ විරෝධී නීතිඥයෝ පෙන්වා දෙති.
ලංකා ගල්අඟුරු සමාගමේ පවතින නීති රීති අනුව, මෙම තොගය දඩ ගැසීමකින් පසුව හෝ මිලදී ගැනීමේ කිසිදු හැකියාවක් ලංකා රජයට නොමැත. එබැවින් මෙම බාල ගල් අඟුරු තොගය වෙනුවෙන් ගෙවීම් කිරීමට ලංකා ගල්අඟුරු සමාගමට නෛතික ප්‍රතිපාදන නොමැති බව ‘ෆ්‍රී ලෝයස්’ සංවිධානය අවධාරණය කරයි.
ප්‍රමිතියෙන් තොර නිෂ්පාදනයක් වෙනුවෙන් ඉහළ පිරිවැයක් ගෙවීම 2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනත යටතේ විමර්ශනය කර චෝදනා ගොනු කළ යුතු සාපරාධී වරදක් වන අතර, මේ සඳහා ගෙවීම් සිදු කළහොත් එය රජයේ මුදල් හා පරිපාලන රෙගුලාසි සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීමක් ද වෙයි.
මෙම බාල ප්‍රමිතියෙන් යුත් තොගය ගොඩබෑමට ප්‍රථම, ලංකා ගල්අඟුරු සමාගම, විගණකාධිපති කාර්යාලය සහ තාක්ෂණික කමිටු ඒකාබද්ධව විධිමත් විමර්ශනයක් වහාම සිදු කළ යුතු බවට එම සංවිධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
මෙම නිවේදනය නීතිඥ අතුල ද සිල්වා සහ නීතිඥ පියල් දර්ශන ගුරුගේ යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇත.

බාල ගල් අඟුරු ගැන ආණ්ඩුවෙ එවුවො කියන තර්කය හරියට වහ කියලා දැන දැනත් කන්න නැති හින්ද වහකන්න වෙනවා කියන කතාව වගේ
ReplyDeleteගල් අගුරු බාල වෙන්නේ කොහොමද ?
Deleteබලාගාරයට අවශ්‍ය ප්‍රමිතිය එකක් ...ගල් අගුරු වල ප්‍රමිතිය එකක්...
බලාගාරයට අවශ්‍යතාවයට වඩා වැඩි ප්‍රමිතියෙන් යුතු ගල් අගුරු බාල වෙනවද ?
රාජපක්ශගේ ගල් අගුරු ප්‍රමිතියට විතරක් ගැලපෙන බලාගාර ...රාජපක්ශගේ ගල් අගුරුද ඉස්තරම් ගල අගුරු..
රාජපක්ෂ භීතිකාවෙන් පෙලෙන මාළුමා ගවයෙක් තප්පුලනවා මෙලෝ මගුලක් තේරුම් ගන්න බැරිව. 🐄🐂🐃
Deleteමුතුරාජවෙල තෙත්බිම් කලාපය රැකගන්න මහන්සි වෙන තරමේ පරිසරය ගැන කැක්කුමක් තියෙන කාඩිනල් උන්නාන්සේ ට මේ බාල ගල් අඟුරු / ගල් අළු පිච්චුවාම පරිසරයට සිදුවන පාරිසරික හානිය (එයින් වැඩිම බලපෑමක් එල්ල වන ජන කොටසක් වන්නේ වයඹ / බස්නාහිර catholic belt එකේ ජීවත් වන රෝමානු කතෝලික ජනයා ය. පාස්කු නාට්‍ය පෙන්නා පාප් විය හැකි දැයි බලන පිස්සු එඬේරා ගේ බැටළුවන් ය.) ගැන වගේ වගක් නැත්තේ පරිසර දූෂණය හේතුවෙන් මතුවන සෞඛ්‍ය ගැටළු වලට වඩා ආණ්ඩුව සමග ඇති ඩීල් වැදගත් නිසා ද?
ReplyDeleteApi tika tika ratak palanya karanna igene gannawa
ReplyDeletepoddak iwasanna
කව්ද යකෝ මේ ප්‍රී ලෝයස්ල කියන පකයො සැට් එක. උන්ටම අගුරු බාන්න දීල ආණ්ඩුව පැත්තකට වෙන්න තියෙන්නෙ.
ReplyDeleteකව්ද යකෝ මේ ආණ්ඩුව
Delete