දේශීය ව්‍යවසායකයා නගාසිටුවීම යනු හුදෙක් ඔවුන්ගේ නිෂ්පාදන මිලදී ගැනීම පමණක් නොව, ඔවුන් විධිමත් නිෂ්පාදන දාමයක කොටස්කරුවන් බවට පත් කිරීම බව කර්මාන්ත ඇමති සුනිල් හඳුන්නෙත්ති මහතා අවධාරණය කරයි.
උත්සව අවස්ථාවක් අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ පාර අයිනේ එළවළු සහ පළතුරු විකුණන අහිංසක පවුල්වල දුප්පත්කම තුරන් කිරීමට නම් ඔවුන් සංවිධානාත්මක ව්‍යවසායකත්ව ක්‍රියාවලියකට ඇතුළත් කරගත යුතු බවයි.
අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ පාර අයිනේ සිටින වෙළෙන්දෙකුගෙන් සියලු නිෂ්පාදන එක්වර මිලදී ගැනීමෙන් පමණක් එම පවුල දියුණු කළ නොහැකි බවයි.
ඒ වෙනුවට ඔවුන්ට අවශ්‍ය දැනුම, තාක්ෂණය, ප්‍රාග්ධනය සහ ඉඩම් පහසුකම් ලබා දෙමින්, ඔවුන්ව රටේ නිෂ්පාදන ක්‍රියාවලියේ සක්‍රීය කොටස්කරුවන් බවට පත් කළ යුතු බව ඔහු සඳහන් කළේය.
කර්මාන්තකරුවන් මුහුණ දෙන ඉඩම් ගැටලුවට විසඳුම් ලෙස ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් ඉඩම් බැංකුවක් නිර්මාණය කිරීමට පියවර ගෙන ඇති බවද හඳුන්නෙත්ති මහතා මෙහිදී අනාවරණය කළේය.
ඒ සඳහා මහවැලි අධිකාරිය, ජනවසම සහ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව වැනි රාජ්‍ය ආයතන සතු භාවිතයට නොගන්නා ඉඩම් වෙන් කරවා ගැනීමට දැනටමත් ඉල්ලීම් කර ඇති බව ඔහු පැවසීය.
ව්‍යවසායකයන් මුහුණ දෙන මූල්‍ය අර්බුද විසඳීමට මූල්‍ය ක්ෂේත්‍රයේ ආයතන සමඟ එක්ව කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා, ජාත්‍යන්තර නීති සහ බදු ප්‍රතිසංස්කරණ හමුවේ වුවද දේශීය කර්මාන්ත ආරක්ෂා කිරීමට රජය බැඳී සිටින බව ප්‍රකාශ කළේය. විශේෂයෙන් ආනයන හේතුවෙන් දේශීය නිෂ්පාදනවලට එල්ල වන තර්ජන හඳුනාගෙන, ආනයන ආදේශන දියුණු කරමින් දේශීය ව්‍යාපාරිකයා ශක්තිමත් කිරීමට අවශ්‍ය මැදිහත්වීම් සිදු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
"එක පවුලක ආදායමෙන් ජීවත් වෙන්න බැරුව ඉන්න ඉස්සරහා අර පාර අයිනේ මුරුංග කරල් ටිකක් අලිගැට පේර ටිකක් පේර ගෙඩි ටිකක් තියාගෙන පුංචි එලෝලු ටිකක් පළතුරු ටිකක් තියාගෙන ඉන්න කෙනෙක් දිහා බලලා ඔබ අනන්ත වාරයක් හිතලා ඇති මගේ අතේ තියෙන ඔක්කොම සල්ලි දීලා මේ ඔක්කොම ටික ගත්තොත් මෙයාට පොහොසත් වෙන්න පුළුවන්ද කියලා. මම එහෙම හිපු කෙනෙක්. මෙතන ඉන්න කිසිම කෙනෙක් එහෙම හිතන්නේ නැතුව ඉන්නේ නැහැ. හැමෝම එහෙම හිතනවා.
මේ තියෙන පේර ගෙඩි ටික ඔක්කොම ගත්තොත් මේ තියෙන මුරුංග කරල් ටික ඔක්කොම ගත්තොත් මේ තියෙන දෙහි ගෙඩි ටික ඔක්කොම ගත්තොත් මේ පවුලම දියුණු වෙයි කියලා ඔබ හිතුවේ නැද්ද. අපි එහෙම හිතලා තියෙනවා. එහෙම දුප්පත්කම තුරන් කරන්න බැහැ. මොකද අපි අපේ අතේ තියෙන ඔක්කොම සල්ලි දීලා ඔක්කොම පේරගෙලි ටික ගත්තත් ආය ඊළඟටත් එයා පේර ගෙට් ටිකක් ගෙනැල්ල තියෙනවා"

they cannot be rich but can survive,
ReplyDeleteby buying needs in this competitive world
උමන්දාවෙන් ඉගෙන ගන්ඩ. එළවලු වලට කරන්ඩ පුළුවන් රටක් දියුණු කරණ එක. නෙදර්ලන්තය තනිකරම එළවලු, පළතුරු, මල් වර්ග වලින් තමයි තමන්ගේ ආර්ථිකයේ වැඩිම කොටසක් පවත්වාගෙන යන්නේ. ඔවුන්ගේ වාර්ෂික එළවලු අපණයන ආදායම ඩොලර් බිලියන 137 කට වැඩියි. කර්මාන්ත වලිනුත් ලොකු ආදායමක් එනවා, නමුත් එළවලු අපණයනය ප්‍රධානම එකක්.
ReplyDeleteWell said!
Deleteආර්ථික විද්‍යාව පිලිබඳ නොබෙල් ත්‍යාගයට අපි මෙතුමාව නම් කරමු
ReplyDeleteඋඹලගෙ මහ එකා දැන් කෝලිකුට්ටුවෙ නැට්ට හයි කරල ඉවරද..?
ReplyDelete