දේශපාපනය නොතකා දක්‍ෂයන් එකතු කරගන්න සූදානම්..- කැබිනට් ප‍්‍රකාශක..


 පුද්ගලයෙකු දරන දේශපාලන මතිමතාන්තර කුමක් වුවත්, රට ගොඩනැගීම සඳහා අවශ්‍ය දක්ෂතාවය, හැකියාව සහ කැපවීම ඇත්නම් එවැනි අවංක පුද්ගලයන් සංවර්ධන ක්‍රියාවලියට එකතු කර ගැනීමට රජය කිසිවිටෙකත් පැකිලෙන්නේ නැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා අවධාරණය කළේ පසුගිය කාලසීමාව තුළ ජනාධිපතිවරයා කටයුතු කළ ආකාරයෙන්ම, වත්මන් රජය ද මේ සම්බන්ධයෙන් ඉතා විවෘත ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවයි. 

යම් පුද්ගලයෙකු රජයට ඡන්දය ලබා නොදුන් අයෙකු වුවද හෝ වෙනත් දේශපාලන මතයක් දරන්නෙකු වුවද, ඔහු අවංකව රට වෙනුවෙන් කැපවීමට සූදානම් නම් එම දායකත්වය ලබා ගැනීමට රජය සූදානම් බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

විපක්ෂයේ ක්‍රියාකලාපය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, විපක්ෂයේ ඇතැම් පිරිස් රාත්‍රී කාලයේ සාකච්ඡා පවත්වමින් පුවත් මැවීමට උත්සාහ කරන්නේ තමන් දේශපාලන කරළියේ සිටින බව ජනතාවට පෙන්වීමට පමණක් බවයි. 

රටේ සංවර්ධනයට දායක වීමට ඔවුන්ට වැඩපිළිවෙළක් නොමැති බවත්, රජයේ කටයුතු වලට බාධා කිරීමට ඔවුන් ගන්නා උත්සාහයන් සාර්ථක නොවන බවත් ඔහු පැවසීය.

එසේම, රජය සතුව පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, විපක්ෂයට කළ හැක්කේ රජය ගෙන එන සුභවාදී යෝජනා වලට තවත් දේ එකතු කරමින් ඒවා සංවර්ධනය කිරීමට සහාය වීම පමණක් බවද සඳහන් කළේය. 

මෙය වෙනත් පක්ෂවල පුද්ගලයන් දේශපාලනිකව තමන් වෙත නතු කර ගැනීමක් නොව, රට ගොඩනැගීමේ පොදු ක්‍රියාවලියට දක්ෂයන් සම්බන්ධ කර ගැනීමක් පමණක් බවද ඔහු වැඩිදුරටත් පැහැදිලි කළේය.

11 Comments

  1. ඇයි උඹලට දක්ෂයො නැද්ද?

    ReplyDelete
  2. රෙද්දේ රීගන ඇඟ පුරා ගා ගෙන දැන් හෝදන්න වතුර හොයනවා.

    ReplyDelete
    Replies
    1. එකඟයි. කිව්වෙනම් ඇවිදින පුස්තකාල කියල.

      Delete
  3. පතිරණ ගලප්පත්තිMay 14, 2026 at 10:30 PM

    ඇයි ඒ කාලේ මහින්ද රාජපක්ෂ ගත්තෙ (අ) දක්ෂයො යූ.එන්.පී. එකෙන්: කරූ ජයසූරිය ගියා දෑත් ශක්තිමත් කරන්ඩ තව 17 දෙනෙකුත් එක්ක, එස්.බී. ව ගත්තා, රාජිත සේනාරත්න ව ගත්තා, ජේ.වී.පී. එකෙන්: වීරසංගිලි පේඬිගේ විමල් (නොහොත් විමල් වීරවන්ස - අර හොර පාස්පෝට් දුසිම් ගණන් තියාගෙන ඉන්න පුද්ගලයා, ස්ව්ස් මියුචුවල් ෆන්ඩ් එකක ඩොලර් මිලියන 400 කට වඩා තියාගෙන ඉන්න පුද්ගලයා) ව ගත්තා. මහින්ද කරපුව මේ ආණ්ඩුව කරන්ඩ ඕන නැද්ද.....?

    ReplyDelete
    Replies
    1. හරියටම කියපන්කො විමල්ට පාස්පෝට් කීයක් තියෙනවද කියල.

      Delete
    2. උගන්ඩා කික්කිMay 15, 2026 at 12:54 AM

      ....මහින්ද කරපුව මේ ආණ්ඩුව කරන්ඩ ඕන නැද්ද.....?

      උගන්ඩාවට පන්නපු ඩොලර් ආපහු ගේන්ඩ ඕනේ නැද්දෝ....?

      Delete
  4. අම්මපා හික් හික් හික්.

    ReplyDelete
  5. අම්මපා හික් හික් හික්.

    ReplyDelete
  6. Thopilata danda therenne?

    ReplyDelete
  7. “අවංක” සහ “දක්ෂ” යන්න කවුද තීරණය කරන්නේ?May 15, 2026 at 5:56 AM

    ප්‍රතිපත්තිවලට වඩා පුද්ගලයන් මත අවධානය යාම රට ගොඩනැගීම පුද්ගලයන් එකතු කිරීමෙන් පමණක් සිදු නොවේ. අවශ්‍ය වන්නේ:ශක්තිමත් ආයතන, නීතියේ ආධිපත්‍යය, ස්වාධීන කොමිෂන්,පැහැදිලි ආර්ථික ප්‍රතිපත්ති. “එකතු කර ගැනීම” දේශපාලන වශයෙන් පක්ෂ මාරු කිරීමක් විය හැක

    ReplyDelete
  8. Dakshayo parliament ekata pitin nam innawa. Ethule inneth Jeppo wagema aya thamai

    ReplyDelete
Previous Post Next Post