බදු ගහන්න පෙරදා ප‍්‍රකට ව්‍යාපාරික දෙදෙනෙක් වාහන හාරදහසක් ඇණැවුම් කරයි..


 වාහන සඳහා ආනයනික තීරු බදු ඉහළ නැංවීමට අදාළ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කිරීමට පෙරාතුව, එම රහසිගත තොරතුරු කල්තියා දැනගත් ප්‍රකට ව්‍යාපාරිකයන් දෙදෙනෙකු වාහන 4000ක් සඳහා ණයවර ලිපි (LC) විවෘත කර ඇති බවට හිටපු පළාත් සභා මන්ත්‍රී සහ සමගි ජන බලවේගයේ කැස්බෑව ආසන සංවිධායක නිරෝෂන් පාදුක්ක මහතා චෝදනාවක් එල්ල කරයි.

මහ බැංකු පරිශ්‍රයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාදුක්ක මහතා කියා සිටියේ මෙම ගැසට් පත්‍රයට අත්සන් කිරීමට නියමිතව තිබූ තොරතුරු උපයෝගී කරගනිමින්, පසුගිය 15 වනදා එක් ව්‍යාපාරිකයෙකු වාහන 3500ක් සඳහා ද, තවත් ව්‍යාපාරිකයෙකු වාහන 500ක් සඳහා ද ණයවර ලිපි විවෘත කර ඇති බවයි.

මෙම අභ්‍යන්තර තොරතුරු කාන්දු වීම හේතුවෙන් රජයට හිමිවිය යුතු රුපියල් බිලියන 20කට අධික බදු ආදායමක් අහිමි වී ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

මෙම හදිසි ණයවර ලිපි විවෘත කිරීම හේතුවෙන් මෙරට මූල්‍ය වෙළඳපොළ තුළ ඩොලරයට ඇති ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත්, ඒ හේතුවෙන් රුපියල් 323ක්ව පැවති ඩොලරයේ අගය රුපියල් 334 දක්වා රුපියල් 11කින් ඉහළ ගොස් ඇති බවත් පාදුක්ක මහතා අනාවරණය කළේය. මෙය මහා භාණ්ඩාගාර කොල්ලයටත් වඩා බරපතළ වංචාවක් බව ඔහු මෙහිදී අවධාරණය කළේය.

මෙම ගනුදෙනුවට සම්බන්ධ එක් ව්‍යාපාරිකයෙකු මීට පෙර ද වාහනවල එන්ජින් ධාරිතාව අඩුවෙන් පෙන්වා බදු වංචා සිදු කර ඇති අයෙකු බවත්, ඔහුට ටෙන්ඩර් පටිපාටියකින් තොරව සුළං විදුලි බලාගාර ව්‍යාපෘති ද හිමිව ඇති බවත් මන්ත්‍රීවරයා චෝදනා කළේය.

ඔහු වත්මන් පාලනයට සම්බන්ධ දේශපාලන පක්ෂයක් සමඟ සමීප සබඳතා පවත්වන්නෙකු බව ද පාදුක්ක මහතා මෙහිදී ඉඟි කළේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීම සඳහා තමන් මහ බැංකුවට පැමිණිය ද, ඒ සඳහා නිසි අවස්ථාවක් නිලධාරීන්ගෙන් හිමි නොවූ බවත්, වාණිජ බැංකු අධීක්ෂණය කිරීමේ වගකීම මහ බැංකුව පැහැර හැර ඇති බවත් ඔහු පැවසීය.

රුපියල් බිලියන 40කට අධික වටිනාකමකින් යුත් ණයවර ලිපි විවෘත කිරීමේදී ඒ පිළිබඳ අවධානය යොමු නොකිරීම බරපතළ ගැටලුවක් බව ද හෙතෙම සඳහන් කළේය.

මෙම තත්ත්වය වත්මන් පාලනයේ "දුර්වලතාවය සහ අත්දැකීම් රහිත බව" පිළිඹිබු කරන්නක් බවත්, මෙහි අවසාන බර සාමාන්‍ය ජනතාවට දරා ගැනීමට සිදුවන බවත් පාදුක්ක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය

11 Comments

  1. එකෙක් අර ඉශාර නානායක්කාර කියන පකයා

    ReplyDelete
  2. මේ වාහන ගෙන්වන ගණුදෙනුවේ ලාහයෙන් කොටසක් කොට අනුරටත් යනව ඇති.

    ReplyDelete
    Replies
    1. 4000 big fake news

      Wonder why npp allow those fake news 🙃🙃

      Delete
    2. BECAUSE OF FAKE GOVRNMENTS

      Delete
  3. රාජ්‍ය රහස් පෙර දින හෙළිකිරීම නිසා රජයට සිදුවූ පාඩුව රුපියල් කෝටි 1000 ක් විතර වෙනවා. මහින්ද සීනි වලින් ගැහුවා. ලපයා වාහන වලින් ගහනවා. මොකටද අප්ප ඔච්චර සල්ලි වලට පෙරේත වෙන්නෙ. ගල් අඟුරු වලින් ගැහුව මදිද?.

    ReplyDelete
  4. අපේ ඒවා ප්‍රශ්න කරන්න එපා.

    ReplyDelete
  5. අපේ ඒවා ප්‍රශ්න කරන්න එපා.

    ReplyDelete
  6. Dammikayath mulaka athihoyala balapalla

    ReplyDelete
  7. ADA MULU RATA EKA MITAKATA DENAWAI PXXXXX

    ReplyDelete
    Replies
    1. Mewa boru news ban

      Kohen 4000 k ???

      Delete
Previous Post Next Post