පිටරටකට ගෙවූ තවත් කෝටි අටක් හැකර්ලා අරන්.. පරීක්‍ෂණ කරනවා..- ඇමති


ශ්‍රී ලන්කන් ගුවන් සමාගම විසින් ඩුබායි හි සැපයුම්කරුවෙකු වෙත යොමු කරන ලද රුපියල් කෝටි
8ක මුදලක් හැකරුන් විසින් වංචා කර ඇති බව අනාවරණය වේ.

මුදල් ලබාගත යුතු පාර්ශවයේ විද්‍යුත් ලිපිනය හැකරුන් විසින් අත්පත් කරගෙන නීති විරෝධී ලෙස භාවිත කරමින් මෙම මූල්‍ය වංචාව සිදු කර ඇත.

මෙය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මුදල් ඒකකය වන ඩිරාම් වලින් ගෙවීමට නියමිතව තිබූ ආවෘත ගනුදෙනුවක් බව වාර්තා වේ.

වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අරුණ කරුණාතිලක මහතා මෙම සිදුවීම තහවුරු කර ඇති අතර, ඒ පිළිබඳව කඩිනම් ප්‍රකාශයක් සිදු කරන බව ප්‍රකාශ කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මේ සම්බන්ධයෙන් 'X' පණිවිඩයක් තබමින් මෙම වංචාව හෙළිදරව් කර ඇති අතර, සිද්ධිය පිළිබඳ කඩිනම් විමර්ශනයක් පවත්වන ලෙස රජයට බලකර තිබේ.

මූලික පරීක්ෂණවලදී මෙම මූල්‍ය වංචාව තහවුරු වී ඇති බව ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

12 Comments

  1. මහබැංකූවේ අලුත්ස හොරා හිතුමතේ රැපියල අවප්‍රමාණය කීරීමට සලස්වා නියත ලෙසට පචකොටා ඇතුලු නූගත් රිලා පිලාව පලවා හරිනා බවට අනාවැකි,.!May 16, 2026 at 3:54 PM

    මහබැංකූවේ අලුත්ස හොරා හිතුමතේ රැපියල අවප්‍රමාණය කීරීමට සලස්වා නියත ලෙසට පචකොටා ඇතුලු නූගත් රිලා පිලාව පලවා හරිනා බවට අනාවැකි,.!
    බටහිරට අවශ්‍ය පරිදි රැපියල අවප්‍රමාණය වීමට මහබැංකුවට පාලකයකු අවශ්‍ය නොවනා බවටත් ,රැසියාව මගහැර, බටහිරෙන් නයටගෙන රාජ්‍ය සූරාකන, බලශක්තිය බටහිර මර උගුලට හසුවී, නයට සහ වැඩිමුදලට මිලට ගෙන, රාජ්‍ය වේගයෙන් බිදවට්ටනා නන්දලාල් පිලිලය පිලිබදව දැඩිලෙස අනතුරැ අගවනා අතරම, කිසිදූ දිනක නොනැගිටිනාලෙසට බිද වට්ටා භූමිය කොල්ලා කෑමට කැස කවනා බටහිර ආර්ථික ඝාථක කුමණ්ත්‍රණය පිළිබදව සබුද්ධික සැමගේ දැඩි අවධානයට,.!

    ReplyDelete
    Replies
    1. ජෙප්පොන්ට ඕක තේරුම් ගන්න මොළයක් නෑ. උන්ට තියෙන්නේ කටක් විතරයි. ලිප ගිනි මොලවන තෙක් (දිය)සැප කෙලියේ......

      Delete
  2. kohomath me anduwa thiyenne thawa poya 3 i

    ReplyDelete
    Replies
    1. Poya 2 ewarada pako..Dan ube 3 thama

      Delete
    2. dobi ta hirawela

      Delete
  3. Minissu Reela e GUU walin gahala thami Jeppo toka elawanne pacha kota samaga / kohomath ogollanta very soon pachyage gemakuth mattuwei eke recodrings eai / bala inna bandagare his wenawa !!

    ReplyDelete
    Replies
    1. EHEMA WENNE NAHA, mage ob eka nathiwunoth bankaloth karanawa

      meyta:Nande

      Delete
  4. පැලවත්තේ හැකර් ටිල්වියාMay 16, 2026 at 4:48 PM

    ඕවා ඔක්කොම රාජපක්ෂ වරුන්ගේ කාලේ ඒවා

    ReplyDelete
  5. අටමස්තානාධිපති ගෙන් ව්‍යිරේ පිරිමසා ගත් අනුරපුරේ අනුර කුමරුMay 16, 2026 at 4:53 PM

    මහජන මුදල් අපේ කාලේ .......තඹ දොයිතුවක් නැති වෙන්නේ නැ ......ඒ ගැන ආයි කිසි සැකයක් තියාගන්න එපා

    ReplyDelete
  6. yako mun wadakaranna hakarla ekkane

    ReplyDelete
  7. නිකමටද රියදුරෙක් වැඩට ගත්තත් පළපුරුද්ද බලන්නේ , අපේ ජාතිය එදා ඉදල පිරිහෙන්නේ ඕන කුණුගොඩක් කවුරුහරි ලස්සනට කිව්වොත් පිළිගන්න නිසා , මේවා තනිකරම ඉන්දියාව ප්‍රමුක බටහිර රටවල්වල කුමන්ත්‍රණ,කිසිම දෙයක් නොදන්නා කිසිම අත්දැකීමක් නැති පිරිසක් බලයට පත්කරගෙන උන්ට ඕන සියලුම ගිවිසුම් ගහගත්තා , දැන්වත් ඔලුවෙන් හිතල ඊලග පාලකයා තෝරාගන්න පෙලගැසෙමු .

    ReplyDelete
  8. යකෝ මීට හොඳයි ඉස්සර වගේ සූට්කේස් එකක සල්ලි දාගෙන ප්ලේන් එකේ ගිහිල්ල දීල එනඑක.

    ReplyDelete
Previous Post Next Post