ඒකකය රුපියල් සියයට වැඩි මිලකට තාප බලාගාරවලින් විදුලිය මිලට ගනිමින්...


ආණ්ඩුව විසින් තාප බලාගාරවලින් විදුලි ඒකකයක් රුපියල්
100කට අධික මිලකට මිලදී ගනිමින් සිටින බව විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමයේ සභාපති එම්.ඩී.ආර්. අතුල මහතා පවසයි.

නිවෙස්වල ස්ථාපිත සූර්ය පැනල මගින් නිපදවන විදුලි ඒකකයක් රුපියල් 45කට මිලදී ගන්නා බවට රජය පොරොන්දු වුවද, එය මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති බව ඔහු පෙන්වා දෙයි.

සූර්ය බලශක්ති උත්පාදනය සහ නිෂ්පාදනය වැඩි වුවහොත් තාප බලාගාරවලින් මෙලෙස අධික මිලට විදුලිය මිලදී ගැනීමට නොහැකි වන බව අතුල මහතා සඳහන් කරයි.

ආණ්ඩුව පුනර්ජනනීය බලශක්ති වැඩපිළිවෙළවල් ප්‍රමුඛව ක්‍රියාත්මක කිරීමට උනන්දු නොවන්නේ තාප බලාගාර සඳහා අවශ්‍ය වන තෙල්වලින් ලැබෙන කොමිස් මුදල්වලට ඇති ගිජුකම නිසා බවට ඔහු චෝදනා කරයි.

පාලකයින්ට පාරිභෝගිකයාගේ ප්‍රශ්න විසඳීමට අවශ්‍යතාවයක් නැති බවත්, ඔවුන් තාප බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට පෙළඹී සිටින්නේ ඒ හරහා ලැබෙන තෙල් රහ නිසා බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

6 Comments

  1. ආණ්ඩුව බලයට එන්න අත හිත දීපු කට්ටිය අමතක කරන්න හොඳ නැහැ. බලන්න අපේ ඩඩ්ලිට කලගුණ සලකපු විදිය. ළඟටම ගෙන්වා ගෙන මේසෙට හය්යෙන් ගහලා බලෙන්ම රු 10ක් වැඩිකරලා දීපු ආකාරය.

    ReplyDelete
  2. Owwath prashnada?

    ReplyDelete
    Replies
    1. Commis ithin koi anduwenuth gahuwane. Mathakada Kanchana?

      Delete
  3. පතිරණ ගලප්පත්තිMay 31, 2026 at 6:44 PM

    ඒකකයක මුදල අය කර ගත යුතුයි පාරිභෝගිකයාගෙන්. ඒක කිසිම ප්‍රශ්ණයක් නෑ. විදුලිය අඛණ්ඩව ලබා දෙන්ඩයි ඕනෑ. අරපිරිමැස්මෙන් භාවිතා කලාම හරි. එහෙම තමයි අමාරු කාල එනවා, ලෝකයේ යුද්ධ ඇති වෙනවා. අපි ඒවාට මුහුණ දෙමින් රටත් හදාගෙන ඉදිරියට යමු. එන්.පී.පී. රජය ඒ සඳහා නායකත්වය ගන්නවා.

    ReplyDelete
    Replies


    1. JVP කරන හැමදේම හොඳය කීම dobi වැඩකි.

      දැන්වත් හිතිය යුතු කරුණ ගලගුරු හරියට ගෙනවානම් මේ තාප බලාගාරවල සල්ලි සැහෙන්න රටේ එතිරිවෙනවා කියන ඇත්ත

      Delete
  4. ඩෝබි රට දියුණු කලා වාගේ ..

    ReplyDelete
Previous Post Next Post