උමාඔයේ හිලට වන්දි ගෙවයි..


 දීර්ඝ කාලයක් තිස්සේ ඌමා ඔය ව්‍යාපෘතිය නිසාවෙන් වැලිමඩ,ඌව පරණගම, හාලි ඇල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයන්හි ජනතාව මුහුණ දුන් ඉඩම් ගැටලුව සඳහා කැබිනට් අනුකමිටුව මැදිහත් වී ස්ථිර විසඳුම් ලබා දීමට පියවර ගෙන ඇත. 

ඒ අනුව, මීට පෙර පැවති තක්සේරු කිරීම් සම්බන්ධයෙන් ජනතාව දැක්වූ විරෝධය සලකා බලා, නව විද්‍යාත්මක තක්සේරුකරණයකට අනුව වන්දි පිරිනැමීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව, ​මෙම ක්‍රියාවලියේ පළමු අදියර ලෙස උමා ඔය ව්‍යාපෘතියේ ජලාශ ඉදිකිරිමේදි ඉඩම් අහුමි වූ පුද්ගලයන් 276 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 300කට අධික ප්‍රතිපාදන වෙන් කර ඇත. එහි මූලික පියවරක් ලෙස රුපියල් ලක්ෂ 12 බැගින් වූ වන්දි චෙකපත්, ඌවපරණගම සහ වැලිමඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 73ක් වෙනුවෙන්  ප්‍රදානය කිරීම (12)  බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි සිදු කරන ලදි.

​කැබිනට් අනුකමිටුව ප්‍රදේශයේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව මෙම තීන්දු ගෙන ඇති අතර, මේ වන විටත් ප්‍රතිලාභීන් විශාල පිරිසක් තමන්ට හිමි වන්දි මුදල් සම්බන්ධයෙන් එකඟතාව පළ කර අත්සන් තබා ඇති බව වාර්තා වේ. 

මෙම වැඩපිළිවෙළ හරහා උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් වැලිමඩ,ඌව පරණගම, හාලි ඇල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයන් ඉඩම් හිමිකම් සහ වන්දි සම්බන්ධ ගැටලු රැසක් කඩිනමින් විසඳීමට රජය අපේක්ෂා කරයි.

මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජායටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතා ඇතුලු නිලධාරීන් සහ ප්‍රතිලාභින් සහභාගී වූහ.


8 Comments

  1. ඒ දුන්න චෙක්පතුත් අගරු වෙයිද දන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. Nikan moda chuun...Ubalage Government kawada da minissunta wadak kale...Balagena idapalla...2029 AKD only

      Delete
    2. amutuhwen kiyanna eyaknaa ithin..pacha walin no 1 wela thiyenne kauda AKD misak.keliyoth pachayak keruwoth hundu wadak.heta anidda me minissu madya issarahata awith check return unu hati kiyanawa mavila penawa..

      Delete
  2. කිහිල්ල ඉඹල බලපු අතෙන්ම කිලෝ එකක කජුකෑවෙ මූ නේද?

    ReplyDelete
  3. අරගලයේ විරුවන් පොහොට්ටුවේ එවුන්ගේ ගිණි තිබ්බ දේපළ වලට රනිල් ජනාධිපති කරලා වන්දි ගත්ත ක්‍රමයට වඩා වෙනස් නේද?

    ReplyDelete
  4. මයිනා අල්ලස් කොමිසමට යන කොට බයියෝ ජයවේවා කියනවා.උන්ට තාම තේරිලා නැහැ උන්ගේ සල්ලි වලින් තමයි රාජපක්ෂලා ආතල් ගත්තෙ කියලා.

    ReplyDelete
    Replies
    1. ඩෝබියන්ට තාම තේරිලා නෑ, ලයිට් බිල වැඩි වුනේ මුන්ගෙ මහ එකාට ගල් අගුරු කාල බලන්න බැරි උන නිසා කියල, කන්ටේනර් පැන්නුවෙ මහ එකාගෙ ගේමක් කියල, 10 පාරක් පැලවත්තෙ හැකර්ට සල්ලි දාල කියල, උන්ට කොමෙන්ට් වලට පඩි ගෙවන්නෙත් ඩයස් පෝරා සල්ලි වලින් කියල....

      Delete
    2. Moda choon gann jepi dobiyo thawa kochchara kaalayak ohoma rawatila innada...mahindata dipu cheqe wala anka pawa dananwa kiyapu ekekne rata janadi pathi dan,a wenuwen daapu naduwak thiyenawada lankawe kohe hari adikaranayaka.a wage kapparak boru kiyala dobilawa anduwane anura.cab ekaka pirenna fila..habai file ekak wath aran gihin naduwak danawa apinam dakkena thaaama.dakapu ekek innawnam news walata dapalla rate minissuntath balanna.AKD podi hari aththak kiuwa wenne ethakota..

      Delete
Previous Post Next Post