අපි හැමදේම දන්නෑ.. විපක්‍ෂයේ දක්‍ෂයන්ටත් තනතුරු දෙනවා..- ටිල්වින්


 රජයේ තනතුරු සඳහා පුද්ගලයන් පත් කිරීමේදී ඔවුන්ගේ දේශපාලන පක්ෂය නොව, ඔවුන් සතු හැකියාව සහ දක්ෂතාවය පමණක් සලකා බලන නව දේශපාලන සංස්කෘතියක් රට තුළ ස්ථාපිත කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

ස්වාධීන රූපවාහිනියේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ, රාජ්‍ය ආයතනවල සියලු තනතුරු පක්ෂයේ හිතවතුන්ගෙන් පුරවා ගැනීමේ පැරණි වැරදි සංස්කෘතිය තම රජය ප්‍රතික්ෂේප කරන බවයි.

කලින් පැවති රජයන් යටතේ රාජ්‍ය ආයතන තනතුරු බෙදා දීම පක්ෂ දේශපාලනය මත පදනම් වූ බවත්, වත්මන් රජය එම ක්‍රමය වෙනස් කර ඇති බවත් ලේකම්වරයා පැවසීය.

"අපි බලයට ආවේ රාජ්‍ය ආයතනවල තනතුරු ඔක්කොටම අපේ පක්ෂයේ කට්ටිය දාගන්න නෙවෙයි. අපිට ඕන කරන්නේ ඒ තැන්වලට හැකියාව තියෙන අය දාගන්න. එතකොට අපි එයාගේ දේශපාලන පක්ෂය මොකක්ද කියලා හොයන්න යන්නේ නැහැ," යනුවෙන් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

වත්මන් රජය යටතේ ක්‍රිකට් කමිටුව වැනි ආයතන සඳහා දක්ෂයන් පත් කර ඇති ආකාරය ඔහු නිදසුන් ලෙස පෙන්වා දුන්නේය.

රජයක් ලෙස සියලු දේ තමන් පමණක් දන්නා බව සිතීම මුලාවක් බව පෙන්වා දුන් ටිල්වින් සිල්වා මහතා, ඕනෑම ක්ෂේත්‍රයක සිටින දක්ෂතම පුද්ගලයාගේ සහාය ලබා ගැනීම රජයේ ප්‍රතිපත්තිය බව කියා සිටියේය.

දැනටමත් ඇතැම් ආර්ථික විශේෂඥයන් සහ උපදේශකයන් කිසිදු වේතනයක් පවා ලබා නොගෙන, රට කෙරෙහි ඇති හැඟීමෙන් පමණක් රජයට සහාය දෙන බවත්, ඔවුන් පක්ෂ සාමාජිකයන් නොවන බවත් ඔහු හෙළි කළේය.

ආණ්ඩු කිරීම යනු සියල්ල තමන් සතු කර ගැනීම නොව, මානව සහ ස්වභාවික සම්පත් නිවැරදිව කළමනාකරණය කිරීම බව ටිල්වින් සිල්වා මහතා මෙහිදී ප්‍රකාශ කළේය.

"අපි වැඩ කරන්න ඕන පක්ෂයක් එක්ක නෙවෙයි, රටක් එක්ක," යැයි පවසමින් ඔහු අවධාරණය කළේ රාජ්‍ය සේවයේ සිටින දක්ෂ නිලධාරීන් ඉවත් කර තම පක්ෂයේ පිරිස් පත් කිරීමට රජය කිසිසේත් කටයුතු නොකරන බවයි.

මෙම නව ප්‍රවේශය හරහා රටේ මානව සම්පත නිවැරදිව කළමනාකරණය කරමින් රට ගොඩනැඟිය හැකි බව ලේකම්වරයා විශ්වාසය පළ කළේය

15 Comments

  1. දඹානේ ලංකා ශ්‍රීMay 13, 2026 at 10:24 AM

    එහෙම බැලුවෝතින් ඩයිතුමා අපේ අන්‍රයියට දෙන්ඩ වෙන්නේ රජවාසල කවට කම නෙවේද?

    ReplyDelete
    Replies
    1. ඒක නේ.
      අපි ලක්‍ෂ්මන් කුමරු හිරේ බර වැඩට දාන්න ඉන්නෙ. මයින හිරේ කක්කුස්සි හෝදන්න තමයි හරියන්නෙ. එතකොට මේරි ගෑනි හිරේ එවුන්ගේ පොල්කුඩු කඩන්න හොඳයි

      Delete
    2. උඹලා හැම දේම නොවෙයි, කිසිම දෙයක් හරියට දන්නේ නෑ. උඔලාට මිනී මරණ එකයි, බැංකු කඩන එකයි, තුන්ඩු වලින් නීති දාන එකයි, පච කියන එකයි, පෙළපාලි හා විරෝධතා (මුදලට) කරන එකයි නම් පුලුවන්.

      Delete
  2. ඩයි මයිනා ඇතුලු ජෙප්පො සල්ලිකාරයින්ට විකිනී ඇති බව මෙයින් දැනුම් දෙමි. තවදුරටත් ජේවීපී කියා කන්ඩායමක් නැත. උන් රුදුරු ධනවාදයේ ගොදුරු බවට පත්වී ඈත.

    ReplyDelete
    Replies
    1. They were sold-out long time ago mate. Why do you think they survived until now. They are the richest people in Sri Lanka now at the peril of Sri Lankan state's sovereignty & survival.

      Delete
  3. අනේ යකෝ අනිත් එවුන් කරද්දී බිලී බානවා උඹලා කරද්දී දක්ෂයන්ට තනතුරු දෙනවා. මේවා අහලත් තෙත් වෙන මෝඩ ඩෝබිලා ඉන්නවනේ යකෝ 😀😀😀

    ReplyDelete
  4. තොපේ පක්‍ෂෙ එවුන් වැඩකරන්න දන්නෙ නැත්තන් තොපි 159 දෙනා ඇයි මහජන මුදලින් නඩත්තු වෙන්නෙ?

    ReplyDelete
  5. ඇවිදින පුක්තකාල....මහ රූසස් ගස්. හොඳයි පාරෙ යන වෙලාවට මුවාවෙලා චූ කරන්න.

    ReplyDelete
  6. Guti kapuwage ange pathe maruwa dan hondaida dai seeye..

    ReplyDelete
  7. හැමදේම දන්නේ නෑ කියලා, උනහපුලුවා ට danda තේරෙන්නේ. මූසල හැත්ත.

    ReplyDelete
  8. හැමදේම දන්නේ නෑ කියලා, උනහපුලුවා ට danda තේරෙන්නේ. මූසල හැත්ත.

    ReplyDelete
  9. Aaa RATU kolla, eli bahala wage.. neluw kiyala aracnchi...atthada patiyo..

    ReplyDelete
  10. ඩිල් ....ඩිල් ......ඩිල් .............................................ඩොලර් කෝටි ගණන් ඩිල්

    ReplyDelete
  11. ඔයගොල්ලො දන්නා දේවල් ගැන 71, 88/89 හිටපු මිනිස්සු නම් දන්නවා.

    ReplyDelete
  12. නොදන්න බැරි මගුල් කරන්න පුළුවන් කියල භාර ගත්තනම් අන්දෝවැඩියාව නවත්තලා කරපියව්කෝ .
    තොපේ බැරියාවටත් විපක්ෂෙද පලි.
    මොලයක් තියෙන විපක්ෂෙ එකෙක්නම් ගිලෙන නැව් වලට නගියි කියල හිතන්න අමාරුයි.

    ReplyDelete
Previous Post Next Post