කතරගම බස් ඩිපෝවේ ටයර් හිඟය දැඩි වීම හේතුවෙන් දුර ගමන් සේවා සහ ග්‍රාමීය මාර්ගවල ධාවනය වන බස් රථ රැසක් නතර වී ඇති බව සේවකයෝ පවසති.
මෙම අර්බුදය කතරගම ඩිපෝවට පමණක් සීමා නොවූවක් බවත්, දිවයින පුරා පිහිටි ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝ 107 ම මෙම ගැටලුවට මුහුණ දී ඇති බවත් වාර්තා වේ.
කතරගම සිට යාපනය, මහනුවර, කොළඹ, හලාවත සහ පස්සර හරහා බදුල්ල දක්වා දිවෙන බස් රථ රැසක් ධාවනයෙන් ඉවත් වී ඇත.
වෙහෙරපැලැස්ස සහ මාගම ඇතුළු ග්‍රාමීය මාර්ග කිහිපයකම ප්‍රවාහන කටයුතු ඇනහිට තිබේ.
මෙම තත්ත්වය හේතුවෙන් බස් රථ ධාවනය නොවීම නිසා ලංකා ගමනාගමන මණ්ඩලයට දිනකට රුපියල් බිලියන ගණනක විශාල මූල්‍ය අලාභයක් සිදුවන බව ද සේවකයෝ පෙන්වා දෙති.
මෙම තත්ත්වය පිළිබඳව කළ විමසීමේදී ප්‍රධාන විධායක නිලධාරී ධම්මික රත්න මහතා ප්‍රකාශ කළේ, ටයර් සැපයුම්කරුවන් මිල ඉහළ නංවන ලෙස ඉල්ලමින් සැපයුම් අත්හිටුවා තිබීම මෙම අර්බුදයට මූලික හේතුව වී ඇති බවයි.
කෙසේ වෙතත්, මේ වන විටත් අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා පවත්වමින් පවතින බවත්, ගැටලුව විසඳීමට කටයුතු කරමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඩොලරය පාලනය කරන්න බැරි ආණ්ඩුව කොහොමද රටේ බඩු මිල පාලනය කරන්නේ. අර වයසක සීයා කල දෙයින් සීයෙන් එකක් මුන්ට කරගන්න බැරි හැටි?
ReplyDelete