පෙරපාසලකට ගසක් කඩා වැටේ...


මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට කඩින් කඩ අධික සුළං සමග ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ෆයිනස් ගසක් කඩා වැටීමෙන් හැටන් ෆෝඩයිස් වතුයායේ පෙර පාසලේ වහළට දැඩි අලාභහානි සිදු වී ඇත
.

එම වතුයාය හරහා ගමන් කල දැඩි සුළං තත්වටත් සමග පෙර පාසල මතට විශාල ෆයිනස් ගසක් කඩා වැටුණු බවත්, එම ෆයිනස් ගස කඩා වැටිමෙන් පෙරපාසල් ගොඩනැගිල්ලට සහ ඇතුලත තිබූ උපකරණ රැසකට හානි සිදු වී ඇති බවයි පෙරපාසල් ගුරුවරියක් කියා සිටියෙ.

කඩා වැටුණු ෆයිනස් ගස කපා ඉවත් කිරිමට එම වතුයායේ වතු කම්කරුවන් කටයුතු කර ඇත.

- රංජිත් රාජපක්ෂ 

2 Comments

  1. ෂුවර් එකටම මයිනගේ වැඩක් වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. පුංචි අම්මගේ වැඩක්

      Delete
Previous Post Next Post