මහින්ද අල්ලස් මුදල් ඡන්ද වැඩට අරන්..


 ශ්‍රී ලංකන් ගුවන් සමාගම වෙනුවෙන් 2013 වසරේදී ගුවන් යානා 10ක් මිලදී ගැනීමේ ගනුදෙනුවේදී, යුරෝපීය ගුවන් සමාගමකින් ලබා ගත් බව කියන ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 20ක (මිලියන 02ක) අල්ලස් මුදල් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 2015 ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරය සඳහා යොමු කර ඇති බව අල්ලස් කොමිසම (05) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළේය. 

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවේ මෙම කරුණු ඉදිරිපත් කරනු ලැබුවේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ඇතුළු සැකකරුවන්ට එරෙහි නඩුව කැඳවූ අවස්ථාවේදීය.

සිංගප්පූරුවේ ‘බිස් සොලියුෂන්’ ආයතනය මගින් ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව හරහා ලංකාවේ ‘ඇමෝ’ (Ammo) නැමැති ආයතනයට මෙම මුදල් එවා ඇති බවත්, එම මුදල් චෙක්පත් මගින් ලබාගෙන ඇති බවත් විමර්ශනවලදී හෙළි වී ඇත.

අදාළ මුදල්වලින් රුපියල් මිලියන 95ක් 2015 ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා වැය කර ඇති බවත්, එම කටයුතු දකුණු පළාත් හිටපු ආණ්ඩුකාර විලී ගමගේ සහ පියංකර ජයරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කර ඇති බවත් අල්ලස් කොමිසම පැවසීය.

සැකකාර කපිල චන්ද්‍රසේනගේ බැංකු ගිණුම් විස්තර මේ වන විට අදාළ බැංකුවල නොමැති බවත්, එම මුල් ලේඛන සියල්ල පරීක්ෂණ සඳහා අල්ලස් කොමිසම භාරයට ගෙන ඇති බවත් මෙහිදී අනාවරණය විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් මෙන්ම පියංකර ජයරත්න සහ විලී ගමගේ යන අයගෙන් ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව අල්ලස් කොමිසම අධිකරණයට දන්වා සිටියේය. 

මෙම සිද්ධියේ අනෙක් සැකකරුවන් වන කපිල චන්ද්‍රසේනගේ බිරිඳ, විජේනායක සහ ශමින්ද පුන්සිරි (චමල් රාජපක්ෂ මහතාගේ පුත්‍රයා) යන අය විමර්ශන මගහරිමින් සිටින බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය හරහා ‘රතු නිවේදන’ නිකුත් කිරීමට කටයුතු කරන බව ද අල්ලස් කොමිසම පැවසීය. 

කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, රක්ෂිත බන්ධනාගාරගත කර සිටි කපිල චන්ද්‍රසේන මහතා රුපියල් ලක්ෂ 02ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.

සැකකරුට විදේශ ගමන් තහනමක් ද පැනවූ අධිකරණය, නඩුවේ වැඩිදුර ප්‍රගතිය ලබන ජූලි මස 14 වැනිදා වාර්තා කරන ලෙස නියෝග කළේය.

6 Comments

  1. Wade vsradi. Rajapaksha horu.

    ReplyDelete
  2. ගූ ගොඩේ නිළ මැස්ස අරං බුරියානි කන්න දුන්නම ඔහොම වෙනව. ගොඩයට මැජික් වගේ රාජපක්ස පවුලෙ උන්ට සල්ලි.

    ReplyDelete
  3. මැදමුලනේ මැටි මාටිං.
    මිනිස්සුන්ගෙ සල්ලි වලිං අම්ම අප්පගෙ සොහොන් කොත් බැන්ද කාලකන්නි නෙ.
    ඉස්සර සත පහ නැතුව ඉන්න කාලෙ, තමන්ගෙ හොඳම යාළුවා කියල පෙනී ඉඳපු අනුර බණ්ඩාරනායකගේ පර්ස් එකටත් බැහැපු පික් පොකට් කාරයෙක් තමයි මේ මයින් අප්පුහාමි.
    මුටම හරි යන උන් තමයි අර මර්වින්, රත්තරං, ජොනී, කප්පං ප්‍රසන්න, මහින්දානන්ද වගේ අපතයෝ.

    ReplyDelete
  4. Meemure janathawa api wage bus nathnam helicopter walin yai. Ithin umbalata paanda?

    ReplyDelete
Previous Post Next Post