කපිල චන්ද්‍රසේනගේ මරණය ගැන අරවින්දගෙන් ප‍්‍රශ්ණ කෙරේ..


 ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ සැකකටයුතු අභාවය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන පංච පුද්ගල විශේෂඥ වෛද්‍ය කමිටුව (09) සිය කටයුතු ආරම්භ කළේය.

කොළඹ ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියන්ත අමරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුව පත් කරනු ලැබුවේ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතාගේ නියෝගයකට අනුවය.

කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ තිබී චන්ද්‍රසේන මහතාගේ මළ සිරුර ඊයේ පෙරවරුවේ සොයාගැනිණි.

මියගිය චන්ද්‍රසේන මහතා අරවින්ද ද සිල්වා මහතාගේ සමීපතම ඥාතියෙකු වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් අරවින්ද ද සිල්වා මහතාගෙන්, ඔහුගේ බිරිඳගෙන් සහ නිවසේ සිටි සෙසු පිරිසගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය දැනටමත් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

2013 වසරේ එයාර්බස් ගනුදෙනුවට අදාළ ඩොලර් මිලියන 2ක අල්ලස් චෝදනාව සම්බන්ධයෙන් චන්ද්‍රසේන මහතාට එරෙහිව නඩුවක් විභාග වෙමින් පවතින අතර, ව්‍යාජ ඇපකරුවන් ඉදිරිපත් කර අධිකරණය නොමඟ යැවීමේ චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර තිබුණි.

චන්ද්‍රසේන මහතා මියගොස් ඇත්තේ එම වරෙන්තුවට අනුව ඊයේ දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබියදීය.

ගෙල වැළලාගැනීමෙන් සිදු වූ මරණයක් බවට සැක කෙරෙන මෙම සිදුවීම සම්බන්ධයෙන් වන ඉදිරි විමර්ශන සියල්ල පොලිස්පතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දී ඇත.  

19 Comments

  1. ඔය පගා ගහපු සල්ලි අරවින්දයගෙ අකවුන්ට්වලටත් ගියා කියල 2016/2017 කාලෙ පරීක්ශණ වාර්තාවල තිබ්බ. අරවින්ද කපිලගෙ ගෑණි සහ ඒ පවුල ඕස්ට්‍රේලියාවෙ කලු සල්ලි සුදු කොරන ජාවාරම් කරනව කියලත් එහෙ අය කතා වෙනව. ඕස්ට්‍රේලියාව කියන්නෙ කළු සල්ලි සුදු කොරන්න පහසුවෙන්ම පුළුවන් රටක් නිසා හැමෝම ලංකාවෙ හොරු එහෙ ඉදන් තමයි ඕව කොරන්නෙ. අර නිමල් පෙරේරා කියන ජාත්‍යන්තර හොරාත් දැන් එහෙ පැනල ඉන්නෙ. ඌ කලු සල්ලි ලංකාවෙත් ආයෝජනය කරනව අර ඇරිමැක් වගේ චූටි චූටි සමාගම්වල දාල. රාජපක්සලට කපිලය දීල තියෙනව කියන්නෙ කෝටි අටක් වගේ සොච්චමක්නෙ. ඉතිරි ඩොලර් මිලියන ගාණ කොහෙද ගියෙ කියල හෙව්වොත් ඔය හැමෝගෙම නම් ගෑවෙයි.

    ReplyDelete
    Replies
    1. එකගයි. ඔය කතාව 2017 වගේ කාලෙ කතා වුනා මතකයි. මුං ඔක්කොම රුපියල් සතවලට මිනීමරන යක්කු.

      Delete
    2. අර මහභාණ්ඩාගාරයට අලුතෙන් පත්වෙලා ඉන්න ලේකම්මහ හොරාත් ආවෙ ඕස්ට්‍රේලියාවෙ ඉඳල නේද?

      Delete
    3. භාණ්ඩාගාරෙ හොරා වගේම නන්දලාලයා ආවෙත් ඕස්ට්‍රේලියාවෙ ඉදන්. එහෙ කාලකණ්නි මෙහෙ ඇවිත් නහුතෙට ගහනවා. අර නිරූපමා රාජපක්ස ගෑණිත් අපාට්මන්ට් ගත්තෙ ඕස්ට්‍රේලියාවෙනෙ.

      Delete
    4. රුපියල්, ශත විතරක් නෙමේ ඩොලර්, පවුම් වලටත් මිනිස්සු මරන කාලයක් මේක. රංග දිසානායකගේ පැටිකිරිය හෙලි කරපු නන්දන ගුණතිලකගෙ සුප් එකට වහ දැම්ම.
      කන්ටේනර් හොරකම ගැන C.I.D. එකට පැමිණිලි කරපු ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තිබ්බ.
      භාණ්ඩාගාර හොරකම ගැන C.I.D. එකට පැමිණිලි කරපු රංග නිශාන්තගෙ බලනහර කැපුව.
      තමාව එල්ලා මැරීමට සලස්වන බවට රංග දිසානායක තර්ජනය කලබව දිව්රුම් ප්‍රකාශයකින් උසාවියට දැනුම් දුන්න කපිල චන්ද්‍රසේනව එල්ලුව.

      තව කී දෙනෙකුට ජීවිතයෙන් වන්දි ගෙවන්ඩ වෙයිද කියල ඉදිරි දිනවලදි බලාගන්ඩ පුලුවන් වෙයි.

      Delete
    5. භාණ්ඩාගාරෙ රංග රාජපක්සට වැඩේ දුන්නෙ හර්සණ සහ නන්දලාල්. කපිල චන්ද්‍රසේනට වැඩේ දුන්නෙ රාජපකශ කල්ලිය.

      Delete
    6. කපිලයයි අරවින්දයයි බැදල හිටියෙ එකම ගෑණියෙක්නම් ඒ ගෑණිගෙන් ප්‍රශ්න කොරන්න ඕන නැද්ද?

      Delete
    7. මැරිච්ච මිනිහෙකුට අපහාස කරන්ඩ එපා. කපිලයි, අරවින්දයි ඒක ගෑණියෙක්ව බැන්දෙ නෑ. දෙන්නම බැන්දෙ සහෝදරියො දෙන්නෙක්ව. 
      ලාල් කාන්තගෙ තමයි අම්මයි, තාත්තයි දෙන්න අයියයි, නංගියි. වචන පාවිච්චි කරනකොට දැනගන පාවිච්චි කරන්ඩ. මැරිච්ච මිනිහෙකුට අපහාස කරන්ඩ එපා!

      Delete
    8. ඊට අමතරව 2017 කාලේ ඉඳලා කතා තිබ්බා.. උගන්ඩාවට යවපු ඩොලර් බිලියන ගාන,
      රාජපක්ෂලාගේ ඩුබායි මැරියට් හෝටලේ, අනුර සහෝදරයා දැකපු නාමල්ගේ ලම්බෝගිනි ටික,
      ඇයි චිචිගේ රොකට් එකට නාස්ති කරපු ආණ්ඩුවේ සල්ලි,
      චිචි ගේ බල්ලාගේ කරේ තිබ්බ පවුම් 80 මාලේ...
      ඒ කාලේ තිබ්බ කතා අද අමතකයි අපේ ආණ්ඩුවේ අයටත් ඒකයි දුක..
      ඒ කතා වල හැටියට රාජපක්ෂලා හිරේ දාලා සල්ලිත් ගෙනත් මෙලහකට්..
      ඒත් ඇයි දන්නේ පරක්කු..
      මාලිමා ආණ්ඩුවක් ඉතින් අනිවාරයෙන්ම ආවාම ඕවා විසදලා ඩොලර් ගෙනත් අපිට සැප දෙයි..
      අපිට ටිල්වින් සහ අනුර සහෝදරවරු විස්වාසයි..
      එයාලා කෙබර, පච කෙලින අය නෙමෙයි

      Delete
  2. බලං ගියාම ලංකාවෙන් පන්නපු ධනය කෝටි ප්‍රකෝටි ගණන් තියෙන්නෙ ඕස්ට්‍රේලියාව කියන කාන්තාරෙ. පව් ඕයි අපි වගේ රටවල්.

    ReplyDelete
    Replies
    1. පව් බං කපිලයා. උගෙ ගෑණිට කල්ල මරේ. එයාබස් සල්ලි ටිකත් පොතේ දාගෙන ඕස්ට්‍රේලියාවෙ කුණු සුද්දන්ට කියල හුකවගෙන සැප ගන්නව ඇති.

      Delete
    2. උඹේ මෑණිවත් යවපන්!

      Delete
  3. සාක්කි කරුවන්ට වචන කටට බලෙන් දාලා.....මරලා... රාජපක්ශ "හොරා" "හොරා" කියන්න දතකන ලපයා.................... ලපයා තවත් සාක්කි කාරයෝ කීයක් මරාවිද රාජපක්ශ හොරා කෑවා කියලා කියන්න බල කරලා.....චන්දෙට ඉස්සෙල්ලා මේ ම්නීමරු පච රෑල කිව්වේ ඔක්කොම දෑක්කා වගේ..

    ReplyDelete
  4. ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා කියන්නේ සල්ලි නැති මිනිහෙක් නෙමෙයි . ජරා මිනිහෙකුත් නෙමෙයි . රටට කීර්තියක් ගෙනාපු පවුලක් ක් 1996.

    ReplyDelete
    Replies
    1. ජෙප්පන්ට ඕවා අදාලත් නැත. තේරෙන්නෙත් නැත. උන් මැටි මෝල් මිනීමරුවෝ.

      Delete
    2. කොච්චර සල්ලි තිබ්බත් හොරකම් කොරල තව තර වෙන එක වෙනව

      Delete
  5. තමන්ගේ බිරිඳ, නාමල් සහ මහින්දගේ නම් කියලා බේරෙන ලෙසත් නැත්නම් මැරෙන්න සලස්වන තර්ජණය කල පුද්ගලයා වන රංග තමයි මේ අල්ලස් චෝදනාව විභාග කරන්නෙ. මරු. නියමෙට කරාවි.

    ReplyDelete
  6. රංගට, කපිලට වගේ මැරෙන්න වෙන නිසා ඉස්සරහට දක්ෂ මිනිස්සු ආණ්ඩුවේ රාජකාරි වලට යන්නෙ නැතිව තියෙන දෙයක් කාලාබීල තමන්ගෙ ජීවිතේ රැකගන්න උත්සාහ කළොත් රට එකතැන පල්වේවි.

    ReplyDelete
    Replies
    1. දැනටමත් රජයේ නිලධාරීන් වැඩ කරන්නේ නෑ

      Delete
Previous Post Next Post