රජයට වාහන ගැනීම තාවකාලිකව නතර කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා
මේ බව අවධාරණය කළේ නුවරඑළිය
දිස්ත්‍රික් සම්බන්ධීකරණ
කමිටු රැස්වීමට සහභාගී වූ
අවස්ථාවේදීය.
රටේ පවතින
ආර්ථික තත්ත්වය සහ විදේශ
විනිමය කළමනාකරණය පිළිබඳව
අදහස් දක්වමින් ජනාධිපතිවරයා
මෙහිදී පෙන්වා දුන්නේ රජයේ
වියදම් පාලනය කිරීම සඳහා
මෙවැනි තීරණයක් ගැනීමට සිදු
වූ බවයි.
විශේෂයෙන්ම,
මැයි මාසය
සඳහා ඉන්ධන ආනයනය වෙනුවෙන්
පමණක් රජයට ඇමරිකානු ඩොලර්
මිලියන 550ක
මුදලක් වැය කිරීමට සිදු වී
ඇති බවත්, මේ
හේතුවෙන් ඉන්ධන භාවිතය යම්
ප්‍රමාණයකට සීමා කිරීමට ද
සිදු වන බවත් හෙතෙම සඳහන්
කළේය.
ඉන්ධන සඳහා
වැය වන මෙම විශාල පිරිවැය
හමුවේ රටේ ආර්ථිකය ස්ථාවරව
පවත්වා ගැනීම සඳහා අනවශ්‍ය
වියදම් කපා හැරීම අත්‍යවශ්‍ය
බව ජනාධිපතිවරයා වැඩිදුරටත්
ප්‍රකාශ කර සිටියේය.
ඒ අනුව,
ඉදිරි කාලසීමාව
තුළ රජය සඳහා වාහන ගැනීම
තාවකාලිකව අත්හිටුවීමට කටයුතු
කරන බව ඔහු පැවසීය.

Kebara kota ta jaya wewa
ReplyDeleteදැන් ද ඕවා තේරෙන්නේ. කෙබර අතාරින කොට හිතුනේ නෑ නේ රටක් ගෙනියන එක මෙච්චර අමාරුයි කියලා.
ReplyDeleteදැන් ද ඕවා තේරෙන්නේ. කෙබර අතාරින කොට හිතුනේ නෑ නේ රටක් ගෙනියන එක මෙච්චර අමාරුයි කියලා.
ReplyDeleteමෙයා බලයට ආවාට පස්සේ පෙර හිටපු ආන්ඩුව පච කරන්න කියලා හිතාගෙන මෝඩසේන වගේ හෙවිල්ලක් ඛෑලිල්ලක් නැතුව වාහන ආනයනයට ඉඩ දුන්නා. රටේම විදේශ විනිමය නිකරුනේ යකඩ ගොඩවල් වලට නාස්ති වුනා. ඒ අස්සේ ඩොලර් මිලියන ගනන් හොරකම් සිදු උනා. දැන් බලනකොට ඩොලර් සංචිත හිස්. දැන් පරක්කුයි බොසා.
ReplyDeleteDo or die scenario
ReplyDeletePathetic fellow
ReplyDeleteyou fail AKD
ReplyDeleteවාහන ගෙනත් දෙඤ්ඤං කියල 159ත් රැවැට්ටුව එහෙනං
ReplyDeleteඅම්මප අපෙ ලොක්ක තමා දවසකටවත් man of the match