විපක්‍ෂ ආර්ථික පොරක් ආණ්ඩුවට.. බැසිල් දැරූ ‘ආර්ථික සංවර්ධන’ ඇමති කම සූදානම් කරයි..


 රජයේ මූල්‍ය විනය වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණින් විපක්ෂයේ සිටින දක්ෂ දේශපාලනඥයන් පිරිසක් රජයට සම්බන්ධ කර ගැනීමට ආණ්ඩුව තුළ සාකච්ඡාවක් ආරම්භ වී ඇතැයි සති අන්ත ලංකාදීප පුවත්පත වාර්තා කරයි.

මහා භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් අතුරුදන් වීමේ සිද්ධියෙන් පසු ජාත්‍යන්තර විශ්වාසය යළි තහවුරු කර ගැනීම සඳහා මෙම පියවර ගැනීමට තීරණය කර ඇති බව එම පුවත්පත සඳහන් කරයි.

මෙහි ඇති විශේෂත්වය වන්නේ ආණ්ඩුවට එක්වන පළමු විපක්ෂ මන්ත්‍රීවරයා වෙනුවෙන් විශේෂ ඇමති ධුරයක් නිර්මාණය කිරීමේ හැකියාව සොයා බලමින් තිබීමයි.

එම ඇමති ධුරය, බැසිල් රාජපක්ෂ මහතා අතීතයේ දැරූ ආර්ථික සංවර්ධන අමාත්‍ය ධුරයට සමාන බලතල සහිත සුවිශේෂී ආර්ථික කටයුතු ඇතුළත් තනතුරක් වනු ඇති බවත් සදහන්ය.

විපක්ෂයේ පළපුරුදු දේශපාලකයන් එක් අයකු හෝ කිහිප දෙනෙකු මෙලෙස ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීමට බලාපොරොත්තු වේ.

දැනටමත් විපක්ෂයේ දේශපාලනඥයකු එම තනතුර සඳහා එක් කර ගැනීම පිළිබඳව යම් මට්ටමක සාකච්ඡා පැවැත්වෙන බව වාර්තා වේ.

17 Comments

  1. AVIDINA PUSTHAKALA

    ReplyDelete
  2. හද්ද මෝඩසෙට් එකකට චන්දෙ දීලා විදවනවා මුලු රටම.

    ReplyDelete
    Replies
    1. Kawuda buddimath 😁😁😙??

      Delete
    2. Lanakwede inne

      palawattheda inne

      Delete
    3. මෙච්චර කල් අනිත් අය මොකක්ද රටට කරල තියෙන්නෙ.

      Delete
  3. If this happens, NPP wili be forever

    ReplyDelete
  4. Ape chanda pissu lokayakata dunnawage. Parllament eke buddumath aya neha. Pitin ganna.

    ReplyDelete
  5. ආණ්ඩුව ට යන විපක්ෂයේ එකෙකු ට රෙදි ඇඳගෙන නම් යන්න බැහැ.

    ReplyDelete
    Replies
    1. Un kohomatah Redi nathuwa thama inne..Wenasak na...

      Delete
    2. තනතුරු ගත්ත වගේ නොවේ මුන්දැල එක්ක කොරන්න බැරිඋනාම එල්ලෙන්න තමයි වෙන්නෙ.

      Delete
  6. Jeppo danaganilla වල් පැළ උබලට වඩා දක්ෂයෝ.

    ReplyDelete
  7. හර්ෂ ද සිල්වාත් මේ ආණ්ඩුවේ ඉන්න ඇවිදින පුට්ටකාලයක් වගෙයි කියලා ඔප්පු කරන්න යන්නේ.

    ReplyDelete
  8. මෝඩ මී හරක් පත්කරපු 159 ගොන් රැල කිසිම වැඩක් නැති බව මෙයින් ඔප්පුවෙනව.

    ReplyDelete
  9. නිකමටද රියදුරෙක් වැඩට ගත්තත් පළපුරුද්ද බලන්නේ , අපේ ජාතිය එදා ඉදල පිරිහෙන්නේ ඕන කුණුගොඩක් කවුරුහරි ලස්සනට කිව්වොත් පිළිගන්න නිසා , මේවා තනිකරම ඉන්දියාව ප්‍රමුක බටහිර රටවල්වල කුමන්ත්‍රණ,කිසිම දෙයක් නොදන්නා කිසිම අත්දැකීමක් නැති පිරිසක් බලයට පත්කරගෙන උන්ට ඕන සියලුම ගිවිසුම් ගහගත්තා , දැන්වත් ඔලුවෙන් හිතල ඊලග පාලකයා තෝරාගන්න පෙලගැසෙමු .

    ReplyDelete
  10. මේපාර තමයි ලෙසටම රැවටුනේ.
    විපක්ෂෙට හැත්තෑ හය වසරක සාපෙ කියකිය පලු යනකල් බැනල දැන් සහය ඉල්ලනවා ලැජ්ජ නැතිව.
    අපරාදෙ විපක්ෂෙටම චන්දෙ දුන්නනම් ඉවරයි.

    ReplyDelete
  11. මල්පැල වෙනුවට වල්පැල ඇයි.

    ReplyDelete
Previous Post Next Post