මහින්ද සමරසිංහට ලොකු තනතුරක්..?


 ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරන මහින්ද සමරසිංහ මහතාට වත්මන් රජයේ ඉහළ පෙළේ තනතුරක් හිමිවීමට නියමිත බවට දේශපාලන ක්ෂේත්‍රයේ සහ සමාජ මාධ්‍ය ජාලවල තොරතුරු වාර්තා වේ. 

ඉහළ පෙළේ දේශපාලන සාකච්චාවලදීද අවස්ථා කිහිපයකදීම මේ පිළිබඳව සාකච්ඡා වී ඇති බවත් පැවසෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති සමයේදී ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්වීම් ලැබූ මහින්ද සමරසිංහ මහතා, ඉන් පසුව බලයට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතාගේ පාලන සමයේදී ද එම ධුරයේම කටයුතු කළේය. 

2024 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද ඒම තානාපති ධුරයේ කිසිදු වෙනසක් නොකර සමරසිංහ මහතාව එම තනතුරේම රඳවා ගැනීමට පියවර ගත්තේය.

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේදීත්, ඇමරිකාව විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල්වලට පනවා තිබූ දැවැන්ත තීරුබදු අඩු කර ගැනීම සඳහාත් මහින්ද සමරසිංහ මහතා ඉතා තීරණාත්මක මැදිහත්වීමක් සිදු කලේය. 

ඒ මහතා විසින් ඉටු කරන ලද මෙම සුවිශේෂී රාජ්‍යතාන්ත්‍රික කාර්යභාරය සැලකිල්ලට ගනිමින්, මෙරට පවතින කිසියම් ඉහළ වගකීමක් සහිත තනතුරක් ඔහු වෙත ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව පැවසේ. 

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් රජය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නොමැත.

1 Comments

  1. මෙතන ඕනකම තියෙන්නෙ මහින්ද සමරසිංහට ලොකු තනතුරක් දීම නෙමෙයි. තමුන්ට නැතිවෙලා තියෙන චන්ද පදනම එක්සත් ජාතික පාක්‍ෂිකයන්ගෙන් පුරවා ගැනීමට මාන බැලීමක්.

    ReplyDelete
Previous Post Next Post