වත්මන් ආර්ථික තත්ත්වය හමුවේ ඉහළ යමින් පවතින ආනයන වියදම් පාලනය කිරීම සඳහා රජය විසින් නව විකල්ප ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කරමින් සිටියි.
මේ යටතේ, පෙර පැවති මූල්‍ය අර්බුදකාරී සමයේ ක්‍රියාත්මක වූ ඇතැම් දැඩි තීරණ නැවත බලාත්මක කිරීමටත්, අත්‍යවශ්‍ය නොවන ද්‍රව්‍ය මෙරටට ගෙන්වීම සීමා කිරීමටත් පියවර ගැනෙමින් පවතී.
විශේෂයෙන්ම, විදේශීය විනිමය සුරැකීමේ අරමුණින් මෙලෙස අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කිරීම කෙරෙහි බලධාරීන්ගේ විශේෂ සාකච්ඡාවක් මතුව ඇත.
දේශීය මුදලේ අගය ස්ථාවරව පවත්වා ගැනීම සහ රුපියල මත ඇති වන පීඩනය අවම කිරීම වෙනුවෙන් ආනයනය අධෛර්යමත් කිරීමට රජය සැරසෙයි.
ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යෑමත් සමගම දේශීය රුපියලේ අගය අවප්‍රමාණය වීම හේතුවෙන්, ශ්‍රී ලංකාවේ මාසික ඉන්ධන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 100 සිට ඩොලර් මිලියන 522 දක්වා විශාල ලෙස වර්ධනය වී තිබේ.
පෙර පැවති ආර්ථික අර්බුද සමයේ මෙන්ම, වත්මන් තත්ත්වය තුළ ද අපනයනකරුවන් රුපියලේ අගය තවදුරටත් පහත වැටෙන තෙක් අපේක්ෂාවෙන් පසුවෙයි. මේ හේතුවෙන් ඔවුන් උපයන විදේශීය විනිමය මෙරටට එවනු වෙනුවට විදේශීය බැංකු ගිණුම්වලම තැන්පත් කර තබා ගැනීමට පෙළඹී සිටින බව වාර්තා වේ.

ආණ්ඩුවේ දුර්වල පාලනය . වහා ඉල්ලා අස්වෙන්න
ReplyDeleteඅස්වෙයි මේන් කියලා. ලක්ශයක් මරල හරි බලයේ ඉන්න හදන ත්‍රස්ථවාදී සංවිධානයක් එහෙම අයින් වෙයි.
Deleteමහා බැංකුව පැලවත්තේ හැකර්ලා කැඩුවා
ReplyDeleteකොරෝනත් නැතුව, මිනිස්සුන්ට රස්සා කරගන්න ලොක් ඩවුන් ඇත්තෙත් නැතුව, විදේශ ප්රේශනත් සාමාන්‍ය විදියට එද්දී, සංචාරක ව්‍යාපාරෙ 20% වගේ වෙලා off season වෙනකොට, මැදපෙරදිග යුද්ධෙ නැවතිලා සති 4කට පස්සේ රටේ රුපියල වැටුනේ ගල් අඟුරු වංචාව නිසා ඩීසල් පුච්චන්න වෙච්ච නිසා බව නොතේරෙනවා නම් ඔබ ඊලඟ පාර ඡන්දෙ දාන්න යන්න එපා.
ReplyDeleteඋඹේ ගොන්කම්,
උඹේ පව්
රටේ අනිත් මිනිස්සුන්ට විඳවන්න තියන්න එපා.
War eke nisa ane me... aneda kiyanne me kalakkina maliwa JVP hattha mu thama lankwe lokuwa horakan kele 1.5 yrs na avith rata kawa pakayo tika as wela pala
ReplyDeleteදැනුත් පාරට බැහැපල්ලකො අර ගුරු වැටුප් විශමතා ඉවත් කරන්න කියලා,
ReplyDeleteපාස්කුවේ මහමොලකරු හොයන්න කියලා.
ලසන්ත වික්‍රමතුංග, කීත් නොයාර්, තජූඩීන් ගේ මිනී වලවල් හාරලා උන්ගේ ඇට ගණන් කරන්න කියලා.
රාජපක්ශලා උගන්ඩා යැවූ ඩොලර් බිලියන 18 ගෙනෙල්ලා. එතකොට ඕන නම් වාහන නිකන් දෙන්න පුලුවන් අර අස්වැසුම ගන්න සෙට් එකට.
ReplyDeleteදැන් සැපද.....................
ReplyDelete"ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යෑමත් සමගම දේශීය රුපියලේ අගය අවප්‍රමාණය වීම හේතුවෙන්, ශ්‍රී ලංකාවේ මාසික ඉන්ධන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 100 සිට ඩොලර් මිලියන 522 දක්වා විශාල ලෙස වර්ධනය වී තිබේ."
ReplyDeleteපසුගිය මාර්තු මාසයේ සිට ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල වැඩි වී ඇත්තේ දෙගුණයකින්. ඩොලර් 60 සිට 120 දක්වා.
රුපියල අව ප්‍රමාන උනේ 10% කින් පමණ.
එතකොට ලංකාවේ තෙල් සඳහා යන වියදම පස් ගුණයකින් වැඩි උනේ කොහොමද ?