වීදි ලයිට්වලට විදුලි සමාගමෙන් බිල් එවයි..


දිවයින පුරා පළාත් පාලන ආයතන මගින් නඩත්තු කරනු ලබන වීදි ලාම්පු සඳහා විදුලි බිල්පත් නිකුත් කිරීමට ඉලෙක්ට්‍රිසිටි ඩිස්ට්‍රිබියුෂන් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය තීරණය කර ඇත. 

මාතලේ මහ නගර සභාවේ සභික අමිල නිරෝෂණ මහතා මේ පිළිබඳව කරුණු අනාවරණය කළේය.

පළාත් පාලන බල ප්‍රදේශවල සවි කර ඇති වීදි ලාම්පු සංඛ්‍යාව පදනම් කරගනිමින් මෙම බිල්පත් ගණනය කිරීමට නියමිතය. මෙම වියදම අදාළ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභාවලින් අය කර ගැනීමට එම සමාගම පියවර ගෙන තිබේ.

මෙම වැඩපිළිවෙළ හම්බන්තොට වීරකැටිය ප්‍රාදේශීය සභාවෙන් ආරම්භ කර ඇති අතර, ඒ පිළිබඳව තංගල්ල ප්‍රධාන විදුලි ඉංජිනේරුවරයා විසින් 2026 මාර්තු 26 දිනැති ලිපියකින් වීරකැටිය ප්‍රාදේශීය සභා සභාපතිවරයා දැනුවත් කර ඇත.

බිල්පත් ගෙවීමට සිදුවීම හේතුවෙන් ඇතැම් පළාත් පාලන ආයතන වීදි ලාම්පු ගලවා ඉවත් කිරීමට පෙළඹිය හැකි බවත්, එමගින් රට පුරා නගර සහ ග්‍රාමීය මාර්ග අඳුරේ පවතිනු ඇති බවත් අමිල නිරෝෂණ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

9 Comments

  1. වරිපනම් වලට තව බරක්ද?

    ReplyDelete
    Replies
    1. මාලිමාවට ඡන්දය දුන් 68 ලක්ෂයට දැන්වත් තේරෙනවාද, ගරිල්ලා සටන් කළ, මිනීමරපු, බැංකු කඩපු, රාජ්‍ය විරෝදී කුමන්ත්‍රණ කළ, කිසි බුද්ධියක් නැති, නමුත් ලස්සනට පච කියන්න පුලුවන් ජවිපාවුන් ධන්පතියන්ගෙන්, NGO වලින්, පල්ලියෙන්, ඩයස්පෝරාවෙන්, පාතාලයින්ගෙන් සල්ලි ඇරං බලය ඩැහැගත් නිසා දැං නිර්ධන පංතිය, ගොවි කම්කරුවන් හා පීඩිත පංතිය ඉවත දමා ලාල් කාන්තලා වැනි (සමාජ) ප්‍රාග්ධනය උදුරා ගත් නව ධනපතියන් යටතේ කෙළවා ගන්න නියමිතයි කියා.

      Delete
    2. Above comment is 200% correct. Well said.

      Delete
  2. Private karamu. Wikunannenam na🤭

    ReplyDelete
  3. සාධාරණයි!

    ReplyDelete
    Replies
    1. Bill karana ekada, parawal adure thiyena ekada saho....

      Delete
  4. ශා, නියමයි. අපි කළුවරේ ඉමු.

    ReplyDelete
Previous Post Next Post