භාණ්ඩාගාර කොල්ලයේ පරිඝණක ගැන පරීක්‍ෂණයක්..


 ඕස්ට්‍රේලියාවේ අපනයන ණය සපයන ආයතනයක් වෙත පියවීමට නියමිතව තිබූ, ශ්‍රී ලංකා රජයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ණය මුදලක් අන්තර්ජාල කොල්ලකරුවන් පිරිසක් ඊමේල් පද්ධතිවල ආරක්ෂාව බිඳදමමින් ව්‍යාජ ලෙස වෙනත් ගිණුම් වෙත බැර කරගෙන  සිදුකර ඇති වංචාව සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් විශේෂ නියෝගයක් ප්‍රකාශයට පත් කර ඇත.

අදාළ නියෝගයට අනුව, මෙම ක්‍රියාව සඳහා භාවිත කළ සියලුම පරිගණක, සේවාදායක ජාල (Servers) සහ අනෙකුත් ඉලෙක්ට්‍රොනික මෙවලම් කඩිනමින් විධිමත් විමර්ශනයකට ලක් කළ යුතු වේ. 

කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් රජයේ රස පරීක්ෂකවරයා වෙත මෙලෙස නියෝග කර ඇත්තේ, එම තාක්ෂණික පරීක්ෂණවලින් අනාවරණය වන සියලු කරුණු ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් ප්‍රමාදයකින් තොරව අධිකරණයට භාර දෙන ලෙසයි.

මේ වන විට ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (SLCERT) සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් එක්ව මේ පිළිබඳව ගැඹුරු විමර්ශන පවත්වාගෙන යනු ලබයි.

මෙම සිදුවීමට අදාළව මුදල් අමාත්‍යාංශය විසින් මීට පෙර මහ භාණ්ඩාගාරයේ ඉහළ කළමනාකාරීත්වයේ නිලධාරීන් කිහිපදෙනෙකුගේ සේවය අත්හිටුවීමට ද කටයුතු කර තිබුණි.

2 Comments

  1. කෝ බං උඹලගේ අර ගිය සතිය පුරාම රුපියල් සත ගැන ලියපු දේශප්‍රේමී බොන්ඩි? රුපියල ශක්තිමත් උනාම ඒක බඩවෙලාද?

    ReplyDelete
  2. පරිගණක නිවැරදි වචනයයි

    ReplyDelete
Previous Post Next Post