භාණ්ඩාගාරයේ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි රංග රාජපක්ෂ මහතාගේ මරණය හුදෙක් සියදිවි නසාගැනීමක් නොව, එය සංවිධානාත්මකව සිදු කරන ලද දෙයක් බව නිදහස් නීතිඥයන්ගේ සංගමයේ කැඳවුම්කරු ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ, මෙම මරණය සම්බන්ධයෙන් පවතින සැකසහිත තත්ත්වයන් හමුවේ මෙය සැලසුම් සහගත සිදුවීමක් බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන බවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය ද මෛත්‍රී ගුණරත්න මහතාගේ දැඩි විවේචනයට ලක් විය.
අදාළ ගෙවීම් දස වතාවක් සිදුකර ඇති බවට නියෝජ්‍ය අමාත්‍යවරයා පවසන ප්‍රකාශය හාස්‍යජනක බවත්, දස වතාවක්ම මෙවැනි වැරදීමක් සිදුවිය හැකිද යන්නත් ඔහු ප්‍රශ්න කර සිටියි.
එවැනි ප්‍රකාශ සිදුකරන අමාත්‍යවරුන්ට තවදුරටත් එම ධුරයන්හි රැඳී සිටීමට ඇති අයිතිය පිළිබඳව ද ඔහු මෙහිදී ප්‍රශ්න කළේය.
එසේම, ජාතික ජන බලවේගය ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු නොකරන්නේ නම් ඔවුන්ට එරෙහිව නඩු පැවරිය යුතු බවත්, මෙම වංචාවන් යටපත් කිරීමට ඉඩ නොදිය යුතු බවත් ඔහු අවධාරණය කළේය.
රටේ ස්වාධීන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීව මේ පිළිබඳව හෙළිදරව් නොකරන්නට, මෙම මරණය සහ මූල්‍ය වංචාව මේ වන විටත් යටපත් වී අවසන් වීමට ඉඩ තිබූ බව ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

සංවිධානාත්මක වැඩක් නම් CID එකට ගිහිල්ලා තොරතුරු දෙන්න. එතකොට අපරාධය හොයා ගන්න පුළුවන්.
ReplyDeleteCID? The one who died went to the CID to give statements. ඔයා සල්ලිවලටද කඩේ යන්නෙ, නැත්නම් ලොක්කන්ගෙ සමාජ ප්රරාග් දනය ඔයාටත් දෙනවද? මෙච්චර මහදවල් හොරාකද්දිත්, ඒව රටට එලි කරපු උන් අමු අමුවෙ මරද්දිත් තොපි වගේ ගොන් වහල්ලු මුන්ගෙ පස්සෙන් යනව. නොද්දකින්.
Deleteවලං ෂානි ඉන්න CID එකටද පුතා.ආ අර බීමත් රවිත් ඉන්නවනේ වැඩේ ලෙසටම කෙරෙයි.
ReplyDeleteමේ වගේ මරණයක් උන වෙලාවට එක එක්කෙනාට මාධ්‍ය සාකච්ඡා තියලා මරණය උන විදිය ගැන අර්ථ දැක්වීම් කරන්න නීතියෙන් ඉඩක් කියනවද.
ReplyDeleteදැන් මාදය සාකච්චාව තියපු එක තමා උබට ප්‍රරස්නෙ. බල නහර තුනක් කපාගෙන, මැරිල, ගෙදර ඉස්තෝප්පුවටත් ආපු එක සියදිවි නසා ගැනීමක් කියල කියන එක උබට ශේප්.
Deletemaranaya gena prasha thiya minissu policiyata gihin case ekak danna, methana pukshnaya wenen nthuwa
ReplyDeleteකාලකණ්නි මිනීමරු ජෙප්පො උඹලට හරි අමාරුයි මේවගෙ ඇත්ත එලිවෙලා එනකොට.
Deletemona aththada madamulana baiyo, mona hari aththa thiyanam palayan policiyata
Deleteචතුරංග අබේසිංහ කියන වෙස බල්ලා තමයි ලංකාවේ කොල්ලන්ට Fake අකවුන්ට් හදල රුපියල් 2,000 ගානේ ගෙවලා JVP එකේ එවුන්ගේ ගොබ්බයන් කරන ගොබ්බ වැඩ හෝදන ව්‍යාපාරය පටන්ගත්තෙ. මෙ වෙස බල්ලා හිරේ දාන්ඩ ඕනේ.
ReplyDelete