ලොව පුරා රටවල ඉන්ධන මිල විශාල ලෙස පහල දමයි..


 ඉරානය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර හෝමෝස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පැවති යුදමය හා දේශපාලනික නොසන්සුන්කාරී තත්ත්වය සමනය වීමේ සලකුණු මතු වීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් සහ ස්වභාවික ගෑස් මිල ගණන් කැපී පෙනෙන ලෙස පහත වැටී තිබේ.

පසුගිය කාලසීමාව පුරා මැදපෙරදිග කලාපයේ පැවති මෙම මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුමට එල්ල වී තිබූ තර්ජනය ඉවත් වීම මෙම මිල පහත වැටීමට ප්‍රධානතම හේතුව වී ඇත.

ලෝකයේ දිනක තෙල් අවශ්‍යතාවයෙන් විශාල ප්‍රතිශතයක් ප්‍රවාහනය කෙරෙන හෝමෝස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු වීමත් සමඟ සැපයුම් දාමය යළි යථා තත්ත්වයට පත්වනු ඇති බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල මෙලෙස පහළ යාමත් සමඟ යුරෝපය, ආසියාව ඇතුළු ලොව පුරා බොහෝ රටවල් සිය අභ්‍යන්තර ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට පියවර ගෙන ඇත.

විශේෂයෙන්ම පෙට්‍රල් සහ ඩීසල් මිල සැලකිය යුතු මට්ටමකින් පහත දැමීමට බොහෝ රජයන් කටයුතු කර ඇත්තේ සිය රටවල උද්ධමනය පාලනය කරගැනීමේ අරමුණිනි.

ඉන්ධන මිල පහත වැටීමත් සමඟ ප්‍රවාහන ගාස්තු සහ භාණ්ඩ නිෂ්පාදන පිරිවැය අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ. බොරතෙල් වලට සාපේක්ෂව ස්වභාවික ගෑස් මිලද පහළ බැස ඇති අතර, එය බලශක්ති අර්බුදයට මුහුණ දී සිටි රටවලට විශාල අස්වැසිල්ලක් වී තිබේ.

දෙරට අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සාර්ථක මට්ටමින් ඉදිරියට යන්නේ නම්, ඉදිරි සති කිහිපය තුළ ඉන්ධන මිල තවදුරටත් ස්ථාවර මට්ටමක පවතිනු ඇති. මෙම තත්ත්වය ලෝක ආර්ථිකයේ නව පිබිදීමකට මෙන්ම පාරිභෝගික ජනතාවගේ ජීවන වියදම පාලනය කිරීමටද සෘජුවම බලපානු ඇත.

4 Comments

  1. ඔව් ඕස්ට්‍රේලියාවේ මිළ යුද්ධයට කලින් තිබුනු මිළටත් වඩා අඩුයි. ලංකාවෙ තමයි මිනිස්සුන්ගෙ රීරි මාංශෙ හූරගෙන කන්නෙ

    ReplyDelete
  2. ලෝකෙ පුරා එහෙම වුනත්, අපේ රටේ එහෙම වෙන්නේ නෑ, අඩු ගානට පැට්රල් දෙන්න බෑ, මාලිමාවේ පිම්පියන්ට හොර නොකා බෑ.

    ReplyDelete
  3. මොනවා කරන්නද?කයිතන්ට තෙල් ලිං නැතිළු.ඉතිං කොහොමද අඩූ කරන්නේ.අනික ගනන් අඩු ඒවා තවම කයිතන් බීලා බැලුවේ නැති ලු.

    ReplyDelete
  4. චතුරංග අබේසිංහ කියන වෙස බල්ලා තමයි ලංකාවේ කොල්ලන්ට Fake අකවුන්ට් හදල රුපියල් 2,000 ගානේ ගෙවලා JVP එකේ එවුන්ගේ ගොබ්බයන් කරන ගොබ්බ වැඩ හෝදන ව්‍යාපාරය පටන්ගත්තෙ. මෙ වෙස බල්ලා හිරේ දාන්ඩ ඕනේ.

    ReplyDelete
Previous Post Next Post