ප්‍රදේශ කිහිපයකින් මෙනින්ජයටිස් (Meningitis) රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව පවසන සෞඛ්‍ය බලධාරීන්, ඒ පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙම රෝගී තත්ත්වයට ගොදුරු වූ පළමු රෝගියා දෙනියාය ප්‍රදේශයේ පාසලකින් හඳුනාගෙන තිබේ.
මේ වන විට දියතලාව ප්‍රදේශයෙන් මෙනින්ජයටිස් රෝගීන් 28 දෙනෙකු සහ වැලිමඩ ප්‍රදේශයෙන් රෝගීන් 13 දෙනෙකු වාර්තා වී ඇත.
මීට අමතරව තවත් රෝගීන් 25 දෙනෙකු රිකිල්ලගස්කඩ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.
සෞඛ්‍ය නිලධාරීන්ට අනුව, දෙනියාය පාසලෙන් හඳුනාගත් රෝගී තත්ත්වය 'වෛරස් මෙනින්ජයටිස්' ලෙස හඳුනාගෙන ඇති අතර, එය ප්‍රධාන වශයෙන්ම පාසල් දරුවන් අතර පැතිර යමින් පවතින බව වාර්තා වේ.
දැඩි හිසරදය, වමනය, උණ රෝගයේ ප්‍රධාන ලක්ෂණ වේ.
රෝගී තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් කිහිපදෙනෙකුම රෝහල්ගත කර ඇති අතර, ප්‍රතිකාර ලැබීමෙන් පසු ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට යහපත් අතට හැරෙමින් පවතින බව බලධාරීහු පවසති.

ලපයාගේ සාපය තමා මේ.
ReplyDeleteබටහිර නාසිවාදී මිනීමරැවන්ගේ, ඖෂධ මාපියාව විසින්, නූගත් වහල් වනචාරී බටහිරගැති වහල් වසල පාලකයන් පාලනය කරනා රටවල
ReplyDeleteරැස්කරනාලද ධනය/බදු මුදල් , සහ ඩොලර් හිගන්නන් හිගමා නයට ගන්නා ලද ඩොලර් යනාදිය..
සූකෂම ලෙසට සූරා කෑමට,..
"ස්විස්ටර්ලන්තයේ වැඩමුලු සදහා සහභාගී කරගනිමින් සූකෂම ලෙසට මොල සෝදනාලද..
දේෂීය හීනමානසික නූගත් වසල ඇලෝපාතික පාහරයන් වන දේශීය ළු්ඡන්තයන් උපයෝගී කර ගනිමින්''..
ලෝකය පුරාවට බටහිර නාසිවාදී මිනීමරැවන්ගේ, ඖෂධ මාපියාව විසින් නූගත් වහල් වනචාරී බටහිරගැති වහල් වසල පාලකයන් පාලනය කරනා රටවල සූරාකෑම, කොල්ලා කෑම,..
සක්‍රීය කරමින් පවතිනා බව සබුද්ධික සැමගේ දැඪි අවධානයට,.!