වාහන ආනයනයේදී පනවනු ලැබූ අධිහාරය මුලින් මාස තුනකට පමණක් සීමා කිරීමට අදහස් කළද, පවතින තත්ත්වය මත එම කාලය තවදුරටත් දීර්ඝ වීමේ ඉඩක් ඇති බව වාර්තා වෙයි.
ඒ් රුපියල මත ඇති වන පීඩනය අවම කිරීම වෙනුවෙන් හා පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.
මේ අතර මෝටර් රථ මිලදී ගැනීම සඳහා මූල්‍ය ආයතන මගින් ලබා දෙන ණය ප්‍රමාණය එහි වටිනාකමට සාපේක්ෂව අඩු කිරීමට දැනටමත් තීරණය කර ඇති අතර ඒ් අනුව වාණිජ කටයුතු සඳහා භාවිත කරන වාහන වෙනුවෙන් වටිනාකමෙන් සියයට 70ක් සහ පෞද්ගලික පරිහරණය සඳහා වන වාහන වෙනුවෙන් වටිනාකමෙන් සියයට 50ක් දක්වා ණය පහසුකම් සැපයේ.
රජයේ වාර්තාවලට අනුව, පසුගිය වසරේ පෙබරවාරි මාසයේ සිට මේ දක්වා ගතවූ කාලය තුළ පමණක් වාහන ආනයනය වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් කෝටි 200කට ආසන්න විශාල මුදලක් වැය කර ඇත.

දැන් වරෙන් බලන්න අර මේ අධිභාරය දාපු නිසා වාහන මිල අඩු වෙනවා කියපු මෝඩ හැත්ත.
ReplyDeleteවාහන නෙමේ මිනිස්සුන්ට දැන් කන්නත් සල්ලි හොයාගන්න අමාරු සීන් එකක් තියෙන්නෙ.
Deleteඒක නිසා මිනිස්සු වාහන හොයන එක අයින් කරලා අත්‍යාවශ්‍ය දේවල් හොයාගෙන ජීවත් වෙන්න උත්සාහ කරාවි. එතකොට වාහන මිල අඩු වෙයි.
ඔහොම කර කර ආණ්ඩු කිරීම තමයි හිටපු අයත් කලේ .
ReplyDeleteඅගරදගුරෝ, මේ පාරත් අරගලයක් කරමුද.
ReplyDeleteවරෙන් ගෝල්ෆේස් එකට බුරියානි තම්බි ටිකත් එකතු කරගෙන.
උන් ඇවිත් උඹේ තට්ටෙ ඉඹියි ආපහු.
දැන් සැපද.....................
ReplyDeleteගෝඨාභය ගේ ආණ්ඩුවට කෙල වුනේ, ඛණිජ තෙල් ගෙන්නන්න තිබුනු ඩොලර් වලින්, අධිවේගී මාර්ග හදන්න තාර ගෙනාපු නිසා.
ReplyDeleteමේ ආණ්ඩුව ට කෙල වෙන්නේ, ඛණිජ තෙල් ගෙන්නන්න තිබුනු ඩොලර් වලින්, වාහන ගෙන්නපු නිසා.
කුමක් හෝ හේතුවක් උඩ, මේ ආණ්ඩුව, අලුත් වාහන මිලදී ගැනීමට ඕනෑකම තියෙන ඉහල ධනපති පංතියේ ඕනෑ එපා කම් සපිරීම වෙනුවෙන් කටයුතු කරනවා. මොන හේතුව උඩ ඒ මෝඩ වැඩේ කලත් ඒකෙන් වෙන්නේ මේ ආණ්ඩුවට කෙල වෙන එක විතරයි.
By 2028 before the elections prices will come down. Vehicles, Fuel, Rice and grocery you nane it. Taxes will be reduced allround. Electricity by one third. Vitz at 1.2M. Only till then people will have to temporarily make a sacrifice and suffer a bit.
ReplyDelete