රටේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙකු මීට දින දෙකකට පෙර සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී ඇති බව හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක මහතා පවසයි.
මෙම ආණ්ඩුකාරවරයා කොළඹ නගරය පුරා ව්‍යාපාර පවත්වාගෙන යන දක්ෂ ව්‍යාපාරිකයෙකු බවත්, ඔහු සිය ඉල්ලා අස්වීම භාර දුන්නද තවත් දින 30ක කාලයක් ධුරයේ ඉන්නැයි ඉල්ලා ඇති බවත්ය.
නිරෝෂන් පාදුක්ක මහතා පෙන්වා දෙන්නේ අදාළ ආණ්ඩුකාරවරයා ධූරය දැරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 (ආ) ව්‍යවස්ථාවේ 7 වන අනුව්‍යවස්ථාව බරපතළ ලෙස උල්ලංඝනය කර ඇති බවයි.
එම ව්‍යවස්ථාවට අනුව ආණ්ඩුකාරවරයෙකු කිසිදු ලාභදායී ධූරයක් හෝ තනතුරක් නොදැරිය යුතු වුවත්, මෙම ආණ්ඩුකාරවරයා ව්‍යාපාරික කටයුතුවල නිරත වෙමින් අධ්යක්ෂ ධූර දරා ඇත්නම් එය ව්‍යවස්ථා විරෝධී බව ඔහු අවධාරණය කළේය.
ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බැවින්, මෙම ආණ්ඩුකාරවරයා පසුගිය වසර එකහමාරක කාලය තුළ ලබාගත් සියලු තීන්දු තීරණ අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්විය හැකි බව පාදුක්ක මහතා පවසයි.
දැනට පළාත් සභා ක්‍රියාත්මක නොවන බැවින් සියලු තීරණ ගනු ලබන්නේ ආණ්ඩුකාරවරයා විසින් වුවද, ඔහුගේ පත්වීම දෝෂ සහිත නම් එම තීරණ බලරහිත වීමේ අවදානමක් පවතින බව ද ඔහු පෙන්වා දුන්නේය.
"අපේ ආණ්ඩුවක් යටතේ මේ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම නීතිමය පියවර ගන්නවා," යැයි පවසන පාදුක්ක මහතා, අදාළ ආණ්ඩුකාරවරයා ලබාගත් වැටුප්, වරප්‍රසාද සහ ඉන්ධන දීමනා පවා නැවත රජයට ලබා දීමට සිදුවනු ඇති බවට අනතුරු ඇඟවීය.
මෙම ආණ්ඩුකාරවරයා ඉල්ලා අස්වීම් ලබා දුන් දෙවන වතාව මෙය බවත්, ඔහුට ඉවත් වීමට ඉඩ නොදී රඳවා ගැනීමට ආණ්ඩුව උත්සාහ කරන බවත් ආණ්ඩුවට ඒම ධුරයට පත් කරන්නට පුද්ගලයන් නැති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

gada thadi .ya
ReplyDeleteකන්ටේනර් මෑන්.
ReplyDelete