දේශීය වෙළෙඳපොළේ අලෙවි කරනු ලබන සියලුම වර්ගයේ ආනයනික කිරිපිටි මිල ගණන් යළිත් වරක් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.
පවතින ආර්ථික තත්ත්වයන් හමුවේ සිදුවූ මෙම මිල සංශෝධනය හේතුවෙන් පාරිභෝගිකයන්ට අත්‍යවශ්‍ය සේවා මිලදී ගැනීමේදී තවත් අමතර පිරිවැයක් දැරීමට සිදුවනු ඇත.
ප්‍රකාශයට පත් කර ඇති නව මිල ගැලපුම්වලට අනුව කිරිපිටි ග්‍රෑම් 450 පැකට්ටුව මෙතෙක් පැවති මිලට වඩා රුපියල් 50ක මුදලකින් ඉහළ දමා ඇත. එහි නවතම මිල රුපියල් 1,200.00ක් දක්වා වෙනස් වේ
කිලෝග්‍රෑම් 1 පැකට්ටුව සමස්ත මිල රුපියල් 125ක කැපී පෙනෙන මුදලකින් වැඩි කර තිබේ. කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 3,000 කි.

පොහොසත් රටක්! මන්ද පෝෂණය සඳහා පියවරක්
ReplyDeleteඉතිං උඹට පාන් ද?ජනතාවගේ එකම පැතුම මහජන බදු මුදල් හොරා කපු එවුන් හිරේට යැවීම පමණයි
ReplyDeleteහුණ්ඩුකුමාර රට පනින්න බෑග් එහෙම ලෑස්ති කර ගනින්.මතක ද තෝ ආර්ථික අර්බුදය වෙලාවේ කිරිපිටි ගණන් ගියහම ළමයින්ට මිනිස්සුන්ට කිරිපිටි ගන්නේ කොහොමද කියලා තක්කඩී කතා කියපු හැටි.ඩොලර් එක පාලනය කර ගන්න දන්නැති බූරුවා
ReplyDelete