ජේවීපීකාරයො හිගන්නො නෙමෙයි.. අපේ වත්කම්, දේපල ජනතාවට ගැටළුවක් නෑ..


 ජාතික ජන බලවේගයේ සාමාජිකයන් යනු "හිඟන්නන්" පිරිසක් නොවන බවත්, ඔවුන්ගේ වත්කම් සම්බන්ධයෙන් පවතින විවේචන ජනතාවගෙන් පැනනැගුණු ඒවා නොව විපක්ෂය සහ ඇතැම් කල්ලි විසින් පතුරුවා හරින ලද මතවාදයන් බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

ජාතික රූපවාහිනියේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

රජයේ පාර්ශවකරුවන්ගේ වත්කම් බැරකම්, නිවාස සහ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් සමාජය තුළ මතුව ඇති කතාබහ පිළිබඳව නිවේදකයා විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, මෙම වත්කම් පිළිබඳව සාමාන්‍ය ජනතාව ප්‍රශ්න නොකරන බවයි.

"මේ වත්කම් බැරකම් ගැන මිනිස්සු නෙමෙයි ඇත්තටම ප්‍රශ්න කරන්නේ. විපක්ෂය සහ යම් යම් කල්ලි විසින් යම් ස්ථානගත කිරීම් කරනවා මේ දේවල්," යනුවෙන් ඔහු සඳහන් කළේය.

ජාතික ජන බලවේග නියෝජනය කරන පිරිස් හට මුදල් තිබිය නොහැකි බවටත්, ඔවුන් "හිඟන්නන්" විය යුතු බවටත් විපක්ෂය විසින් ගොඩනගා ඇති මතවාදය අමාත්‍යවරයා මෙහිදී ප්‍රතික්ෂේප කළේය.

"ජේවීපී කියන්නේ හිඟන්නෝ, සල්ලි තියෙන්න විදිහක් නැහැ" යනුවෙන් විපක්ෂය විසින්ම කතාවක් නිර්මාණය කර ඇති බවත්, තමන් ඇතුළු කණ්ඩායමේ කිසිදු දූෂිතයෙකු නොමැති බව තමන් විශ්වාස කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

තමන් ඇතුළු කණ්ඩායමේ සියලු දෙනාගේ වත්කම් බැරකම් ප්‍රකාශ කර ඇති බැවින් ඕනෑම අයෙකුට ඒ පිළිබඳව කතා කිරීමට අවස්ථාව ලැබී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. යම් යම් අවස්ථාවල පක්ෂයේ සාමාජිකයන්ගේ මුවින් පිටවූ සමහර වචන අල්ලාගෙන විපක්ෂය විවිධ කතා ගොඩනගා ඇති බව පිළිගත් අමාත්‍යවරයා, එය කිසිසේත්ම ප්‍රතිපත්තිමය වරදක් හෝ තීන්දු ගැනීමේ වරදක් නොවන බව පැහැදිලි කළේය.

වත්කම් සම්බන්ධයෙන් එල්ල වන විවේචන කුමන මට්ටමක පැවතියද, ජනාධිපතිවරයා මෙන්ම තමන්ද මෙම කණ්ඩායම පිළිබඳව පූර්ණ තෘප්තියකට පත්ව සිටින බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය

21 Comments

  1. ඔව් දැන් හිඟන්නෝ නෙමෙයි. හිගන්නෝ වෙලා හිටියේ ඉස්සරනේ.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ලබ්බටද තොපි වෙන උන්ගේ හිල් වෙච්ච ලන්කට් අඳිනවා කිව්වේ හර්ශන නානෝ

      Delete
    2. Hema pakshayakama 2k 3 k innawa bn ehema tamai ..... lankawe itihase balapalla terei

      Delete
  2. Dan kotipathiyo ne ban.. Issara ne thopi hingana charitha ranga pewe... Dan thopi Patta kerumo... Hora kalakanni jeppo

    ReplyDelete
    Replies
    1. Moo honda kemak kaala tiyena scene ekak tiyenne jeppaggen.....

      Delete
    2. එහෙනම් ලබ්බටද තොපි වෙන උන්ගේ හිල් වෙච්ච ලන්කට් අඳිනවා කිව්වේ හර්ශන නානෝ

      Delete
  3. දැන් කෝටිපතියො අවුරුදු 1/12ට හොරාකාපුවා. පටන් ගත්තෙ කැන්ටිමේ කෑම ගෙදර ඔතන් ගිය එකෙන්. තාමත් කතානායක පෙම්වතාට බත් අදිනවලු කැන්ටිමෙන්. ඉතින් මුන් රට සංවර්දනය කරයිද?

    ReplyDelete
  4. දැන් කෝටිපතියො අවුරුදු 1/12ට හොරාකාපුවා. පටන් ගත්තෙ කැන්ටිමේ කෑම ගෙදර ඔතන් ගිය එකෙන්. තාමත් කතානායක පෙම්වතාට බත් අදිනවලු කැන්ටිමෙන්. ඉතින් මුන් රට සංවර්දනය කරයිද?

    ReplyDelete
    Replies
    1. Rata hadanna kalin Umbala wage Gon petau hadala inna epaai

      Delete
  5. Api piligannava.rassavak nokarapu un ratemema salli gilala dan kotipathiyo.
    Ekak.meeta passevath boru kiyala minisunge olu kanne nathuwa.horakam money valin jeevath wela indapalla...
    Motivation higannnoooooo

    ReplyDelete
  6. උඹලා ඔක්කොම හිඟන්නො වගේ තමයි හිටියේ. කිව්වෙත් එහෙමම තමයි. අනිත් අයගෙන් ඇඳුම් ඉල්ල ගන්නව කිව්වා,
    බැනියම් වල ජොක්කුන්ගෙ හිල් කිව්වා. ලාල් කාන්ත මාදිවෙල මන්ත්‍රී නිවාස වල හිටියේ. දැන් කොහොමද.
    අපිට කමක් නැහැ උඹලා කොහොම හිටියත්. උඹල කලින් මිනිස්සුන්ගේ ඔලු වල මවපු දේවල් එක්ක බලපල්ලා දැන් කොරන හැටි.

    ReplyDelete
    Replies
    1. Hil keeyak kiyalada bn kiwwe ?

      Delete
  7. හිඟන ජේවීපී කාරයෝ මහා භාණ්ඩාගාරයට, තැපැල් දෙප්ර්තමේන්තුවට, රේගුවට, මාර්ග සංවර්ධන අධිකාරියට කෙලලා පෝසත් වෙලා. රටට හිගමන අත්වෙලා. ජේවීපී කාරයන්ගේ බොරුවලට රැවටූනු මිනිස්සු දැන් හිගන්නො වෙලා.

    ReplyDelete
    Replies
    1. Itin umba pohosata ne ... deepan ko umbe salli walin tikak minisunta..paw ne

      Delete
  8. ඡන්දේට කළින් නම් හිඟන්නෝ, අඳින්න ජොකෙක් වත් නැතුව හිටියේ. අනුන්ගෙන් ඉල්ලගෙන කෑවේ, බිව්වේ, ඇන්දේ. ඒ කාළේ ස්ටේජ් එකකට නැග්ගොත් නැති බැරි අන්දොනාව. ඡන්දෙන් පස්සේ මුන් හදිසියේම කෝටිපතියෝ වෙලා හෙන සිංහ ගර්ජනා. ජනතාවට ගැටළුවක්ද නැද්ද කියලා බලාගන්න පුළුවන්ප ළාත් සභා ඡන්දේ තිබ්බනම්...

    ReplyDelete
    Replies
    1. එහෙනම් ලබ්බටද තොපි වෙන උන්ගේ හිල් වෙච්ච ලන්කට් අඳිනවා කිව්වේ හර්ශන නානෝ

      Delete
  9. හොරාකාපු තරම් හිතාගනිල්ලකෝ. චන්දෙට කලින් කිව්වේ ජංගිවල හිල් කියල.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ලබ්බටද තොපි වෙන උන්ගේ හිල් වෙච්ච ලන්කට් අඳිනවා කිව්වේ හර්ශන නානෝ

      Delete
    2. Hil keeyak kiyalada bn kiwwe ?

      Delete
  10. what a bunch of liers. Worst government in sri lankan political history. How you feel Rice eating cows ?

    ReplyDelete
  11. Itin bn JVP horakam karala tiyena gaana hadala rate janagahanayen bedala balapalla ko....A wa nikan JUJUP wage .... Bolaaa umbalage wedak balagena hitapalla bn ... Umbalata one wune inna ratak ne wena magul monawatada ?

    ReplyDelete
Previous Post Next Post