ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ නිලධාරීන් ඉලක්ක කර ගනිමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අසත්‍ය හා අපහාසාත්මක තොරතුරු පතුරුවන පුද්ගලයන් අනාවරණය කර ගැනීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කළේය.
මෙම පරීක්ෂණය ආරම්භ වී ඇත්තේ අපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුවය.
පොලිස් සේවය පිළිබඳව මහජනතාව තුළ දැඩි පිළිකුලක් සහ වෛරයක් ඇති වන අයුරින් විවිධ ලිඛිත සටහන් අන්තර්ජාලය හරහා ප්‍රචාරය කිරීම මෙහි ඇති ප්‍රධාන ගැටලුව බව CID ය පෙන්වා දුන්නේය.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග බෝදරගම මහතා වෙත කරුණු දක්වමින් CID ය සඳහන් කළේ, මෙම සිද්ධිය සම්බන්ධ වැඩිදුර සොයා බැලීම් තම දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පවරා ඇති බවයි.
මෙහිදී කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා, ෆේස්බුක් ඇතුළු අදාළ සමාජ මාධ්‍ය ජාල පවත්වාගෙන යන ජාත්‍යන්තර ආයතන හරහා අවශ්‍ය දත්ත සහ තොරතුරු ලබා ගන්නා ලෙස නියම කළේය.
එමෙන්ම, අදාළ පරීක්ෂණ කඩිනම් කර එහි වර්තමාන ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කෙරිණි.
.png)
ගූ ගොඩකට මඩ ගහන එකනම් ප්‍රශ්නයක් තමයි 😹😹😹😹
ReplyDeleteIn Srilanka all government institutions are supermarkets. In supermarkets anyone can buy anything if that one has money. These institutions are not different to those.
ReplyDelete