ඉන්ද්‍රජිත් සුබසිංහ
සිය ගිණුම් සම්මත කරගනිමින් මුල්‍ය මෙහෙයුම් යථාවත් කරගැනීමට නොහැකිවුවහොත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නුදුරේදී දැඩි මූල්‍ය අර්බුදයකට ලක්වනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.
ක්‍රිකට් පරිපාලනයට පත්කර සිටින අතුරු කමිටුව නොහොත් පරිවර්තනීය කමිටුවට එහි මුදල් හැසිරවීමේ බලයක් මේ වන විට නොපවතින බැවින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකයන් විසින් එහි ගිණුම් සම්මත කිරීම හෝ ඉදිරි නිලවරණයකින් නව පරිපාලනයක් පත්වනතුරු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් (අයි.සී.සී) මෙරටට ප්‍රතිපාදන නොලැබෙනු ඇතැයි පැවසේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය තත්ත්වය මේ වන විට එතරම් යහපත් නොවන අතර මෙම අතුරු කමිටුව පත්වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතුව පැවැතියේ ඉදිරි මාස තුනක පැවැත්ම සඳහා වන මූල්‍ය ශක්තියක් පමණක් බව කියැවිණි. එම තත්ත්වය මත මෙරට ක්‍රිකට් මූල්‍ය ශක්තිය ස්ථාවර කරගැනීම අරමුණු කරගනිමින් ඉන්දියාව සමග අතිරේකව ක්‍රිකට් තරග 6ක් යොදාගැනීමට පැවැති පරිපාලනය කටයුතු යොදමින් සිටියද ඒ අතරතුර ඔවුනට පරිපාලනයෙන් ඉවත්ව යෑමට සිදුවීමත් සමග මේ වන විට එම අතිරේක තරගාවලියද අවිනිශ්චිත තැනකට පත්ව තිබේ.
මේ අතර වත්මන් අතුරු කමිටුවට මුදල් හැසිරවීමේ ක්‍රමවේදයක් නොවීම මත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින් මුදල් ලැබිය යුතු සැපයුම්කරුවන් ආදිය වෙත මේ වන විට අදාළ ගෙවීම් කටයුතු සිදු නොවන බවත් යම් ලෙසකින් එම තත්ත්වය තවදුරටත් එලෙස පැවැතියහොත් සැපයුම්කරුවන් වෙතින් ක්‍රිකට් ආයතනය වෙත දැඩි පීඩනයක් එල්ලවනු ඇති බවත් පැවසේ.
මේ ආදී තත්ත්වයන්ද සැලකිල්ලට ගනිමින් මෙම මස 31 වැනිදා වාර්ෂික මහ සභාව කැඳවීමට මේ වන විට කටයුතු යෙදෙමින් ඇති අතර එහිදී අදාළ ගිණුම් සම්මත කරගැනීම පරිපාලනයේ අරමුණ වනු ඇත.

තිලංග සුමතිපාලගෙ සප් එක නැත්නම් ලංකාවේ ක්‍රිකට් ආයතනය හැමදාම කොට උඩ තමයි.
ReplyDeletepal horu tamat try eka denave vage
Deleteඌ තමයි ක්‍රිකට් කන්න පටන් ගත්තෙ. පල්ලිය ක්‍රිකට් ගහන්න ගත්තම ඔහොම වෙනවා. පල්ලිය දැන් ආගම අදහන එක ඇරෙන්න අනිත් ඔක්කොම කරනවා, මීගමුවේ මාලු ලෙල්ලම උන්ගේ. පාර්ලිමේන්තුවේ 2/3 බලයකුත් තියෙනවා, ජනාධිපතිත් පල්ලිය කියන විදියට වැඩ කරන්නේ. ක්‍රිකට් ගහන්නත් පල්ලියේ වෙන්න ඕන. බිස්නස් කරන්න බැහැ පල්ලියේ නෙමේ නම්, වෙන එකක් තියා කුඩු, ගංජා ගේන්නත් පුලුවන් නීතිය හොයන්නෙ නැහැ පල්ලි කාක්කෙක් නම්. මීගමුවේ කුඩු මේ ආන්ඩුව යටතේ අහු වෙන්නෙ නැහැ, උතුරේ කුඩු, ගංජා අහු වෙන්නෙම නැහැ. උතුරෙන් කේරල ගංජා එන්නෙ නැහැ කියනව නම් ඌ මී හරකෙක්. ඔන්න ඔහොමයි දෙවියන් වහන්සේගේ කැමැත්තෙ හැටි.
DeleteUba moley check karaganin bn.
DeleteMeka thamai mama eda kivve. Dan apita issara South Africa vagey rata athuley cricket gagaha inna puluvan. No international matches. Hahaha.
ReplyDelete